ශුද්ධවූ කාර්ලෝ බොරොමෙයෝ මුනිඳුන්ගේ පිහිට ලැබීම පිණිස කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ කාර්ලෝ බොරොමෙයෝ මුනිඳුන්ගේ පිහිට ලැබීම පිණිස කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- මිලානෝ නුවර පින්සරින්බර වංශාධිපති දෙගුරුන්ගෙන් උපන්නාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- සර්වබලධාරිවූ මහෝත්තම දෙවියන් කෙරෙහි මහා විශ්වාස වන්දනාභක්ති ප්‍රේම කීකරු අවනත භාවයෙන් යුක්තවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ජේසු ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ දුඃඛප්‍රාප්තිය හා දුඃඛිත මරණය ගැන නිරතුරු ධ්‍යානකර පශ්චාත්තාප වුණාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- දේව මාතාවූ කන්නිමරිය වහන්සේ කෙරෙහි භක්ති අනූනවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අප ආත්මික මාතාවන ශුද්ධවූ සභාව කෙරෙහි ගෞරව කීකරු පක්ෂ ප්‍රේමයෙන් විසුවාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ශුද්ධවූ සභාවේ ශාසනාධිපති මණ්ඩලයටද මිලානෝනුවර අග්‍රරාජගුරු ප්‍රසාදි ධූරයටද පත්වුණාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ත්‍රිදෙන්තීනො මන්ත්‍රණ සභාවේ කර්තවයන්හි යෙදී එම සභාවට සුරදූතයා වැනි වූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- එම සභාවේ නියෝගානුකූලව ක්‍රියාකර අවශේෂ අය ලවා එපවත් කරවීමට උත්සහ දැරුවාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ශුද්ධාසනය කෙරෙහි අවනත භාවයෙන්ද පක්ෂප්‍රේමාභිලාසයෙන්ද යුක්තවුණාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- භේද සමයක්කාරයන් සත්‍ය සාධාරණ සභාව කීකරු කිරීමට අත්‍යන්ත වෙහෙස දැරුවාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- භේද මතගත් අයගේ එඩි බිඳහැරීමට යුද්ධ භටයෙක්ව ක්‍රියා කළාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- භේද මතය නමැති අන්ධකාරය විදවංසනය කරන ආලෝකයවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අනේක භේද සමයක්කාරයන් මහා වික්‍රම ලීලාවෙන් සත්‍යාගමට යටත් කරගත්තාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- රාජගුරුප්‍රසාදි යනාදි අවශේෂ ශ්‍රේෂ්ඨ වරයන්ට ධර්ම දර්පණයක් වැනි වූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අභාවයට පත් වූ ධර්ම කෘත්‍යයන් ප්‍රකෘතිමත්කර ධර්ම වෘධිකර නොයෙක් තැන්හි භක්ති ප්‍රබෝධ කළා වූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- බාලයන්ට උභය ලෝකාර්ථ දායක ශාස්ත්‍ර සලස්වා දුන්නාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- සෞම්‍ය ගුණමහිම පිතෘ ලීලාවෙන් යුක්තව අනත් දරුවන්ට සර්වප්‍රකාරයෙන් පිහිට වුණාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අනත්දරු දැරියන්ගේ විශේෂ පියාණන් වූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අසරණ යෞවනියන් අන්තරාය සහිත මාර්ගයෙන් ගලවා ධර්මානුකූල රක්ෂස්ථානයන්හිද සුදුසු රක්ෂස්ථානයන්හිද සුදුසු
- තත්වයන්හිද පමුණුවා ඔවුන්ගේ සුරක්ෂණ පිතෘවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ස්වකීය බඩුබාහිරා වස්ත්‍රාභරණ වතුපිටි ආදිය විකුණා දිළිඳු අයවලුත් රක්ෂා කළාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- මිලානෝ නුවර පැවතුණාවූ භයානක වසංගත රෝගයෙන් පිඩිතවූවන් සනසා ඔවුන්ට පිහිටවී සියතින් ඔවුන්ට දේව ප්‍රසාද නිධාන දුන්නාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- සෙනග කෙරෙන් දේව උදහස බැහැර ගොස් වසංගතය නැතිවීම පිණිස පශ්චාත්තාප ලීලාවෙන් කඹයක් කරෙහි ලාගෙන හිස්පතුලෙන් දුෂ්කර මාර්ගයෙන් ගමන් කරමින් දුක්විඳීමට බිලිපඬුරු වුණාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අභාවයට පත්වූ තාපස පංති ප්‍රකෘතිමත් කොට ධර්මය දියුණු කරනු පිණිස නොයෙක් ධර්ම සමාගම ස්ථාපනය කළාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- දේව තේජස ශුද්ධවූ සභාවේ වර්ධනය සියල්ලන්ගේ ආත්මාභිවෘද්ධිය යනාදි උත්තමාර්තයන් නිර්භීතව කළහෙයින් පාපිෂ්ඨයන් විසින් මරණයට සොයන ලද්දාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- නිරාහාර ශීලය ඉන්ද්‍රියන් දමනය කිරීම, මාංසයට පීඩාකිරීම යනාදි දුෂ්කර කෘතයන් බහුලව කළාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ධර්මදේශනාවෙහි අති දක්ෂව ඒ සඳහා අති අභිලාසයෙන් වෙහෙස දැරුවාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ලෝක වස්තු ලෝකමාන ලෝක ප්‍රශංසා යනාදිය ත්‍යාජකර අවනත වූ අප්‍රසිද්ධ භාවයට සර්වප්‍රකාරයෙන් ප්‍රියවුණාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- පවිටු ලෝකයාගේ වෛරය මිථ්‍යාපවාද අවමන් යනාදියට බිය නොවී වැඩ දායක කෘත්‍යයන් අත් නොහැර තරයේම කළාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ශුද්ධ වූ ලූයිජි ගොන්සාගා තුමා හට ප්‍රථම සත්ප්‍රසාද දී එතුමාගේ ශුද්ධවන්ත භාවය දිවැසින් කීවාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- දැන් දිව්‍ය රාජ්‍යයෙහි ලෝකාන්තර සකලෛශ්චර්ය විඳින්නාවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- අපගේ සුරක්ෂිත පියාණන් වූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තු වාක්දාතවලට අප හේතුකාරයන් වනු පිණිස
- උත්තරය - ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වවල්ලභ වූ අනන්ත දෙවි ස්වාමිනි රාජගුරු ප්‍රසාදිවූ ශුද්ධවූ කාර්ලෝ බොරොමේයෝ මුනින්ද්‍රයාණන් විසින් ආත්මික පාලයෙහි මහා වීරයෙන්ද ජවලිත භාවයෙන් සිත් යොමුකර වෙහෙස දරා තේජස සම්පන්න වීම පිණිස ඔබවහන්සේ එතුමාට වරම් දුන් සේක් වේද, එබැවින් උන්වහන්සේගේ මධ්‍යස්ථ යාච්ඤා හේතුකොට ගෙන ඔබගේ ශුද්ධවූ සභාව ආරක්ෂාකර අප ඔබ කෙරෙහි භක්ති ප්‍රේමවන්ත කළ මැනව. මෙකීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා ආමෙන්