ශුද්ධවූ කයිතානු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ කයිතානු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ධර්මිෂ්ඨයන්ගේ උද්‍යානය වන විසේන්සිය නුවරෙහි ජනිතවුනාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- වංශකුල මහිමයෙනුත් දේව භක්තියෙනුත් යුක්ත වූ මවුපියන්ගෙන් ජනිත වුනාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබ වහන්සේ මහෝත්තම කෙනෙක් වෙනවා ඇති කියා ඔබගේ මාතාවන්ට දෙවියන් විසින් වදාරන්ට වාසනා
- ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබ උපන් ඉක්බිති ඔබගේ මෑණියන් ඔප්පු කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- පරලෝක රාජේශ්වරි තමන් වහන්සේගේ පුත්‍රයා කොට ඔබ අත්කරගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දේව මාතාවහන්සේ සෙනසුරා දිනවලහි තමන් වහන්සේගේ තුරුල්ලට ගෙන ආදරය කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- පරලෝක රාජේශ්වරි තමන් වහන්සේගේ ශ්‍රී පයෝධරවලින් ඔබට ක්ෂිර පොවන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දෙවියන් වහන්සේ ඔබට රැකවල් දූතයෙක් කොට භක්ති ජවාල දූතයෙකු දෙවා වදාරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ප්‍රසාද ස්නානයෙන් ලැබුණ වරම් පාපදෝශයක් නැතුව රක්ෂා කර ගත්තාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ලෝකය, මාංශය, යක්ෂයා යන සතුරන් දිනුවාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- කල්පනාවෙන් වචනයෙන් ක්‍රියාවෙන් ඔබ කරන සියලු දේ දේව කැමැත්තට යටත්ව කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දිනෙන් දින ඔබ සිද්ධකළ ධර්මයන් දෙවියන්ට ස්තූති පඬුරුකොට පූජා කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- බොලඳ වයසේදීම දේව භක්ති ගින්නෙන් ඇවිලී සිටියාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- එවැනි උතුම් ධර්මයට ඵලමෙන් බොහෝ වරප්‍රසාදවල් දෙවියන්ගෙන් ලැබුවාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- සත් අවුරුදු වයසේදීම මුළු ශරීරයට කසවලින් වද කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- එම වයසේදීම ලෝක සැප සියල්ල ත්‍යාජකර හැරියාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- සැම දිනවල යහනක් නැතුව හිස් බිමෙහි සැතපුනාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- බාල වයසේදීම ක්‍රිස්තු ස්වාමි දරුවන්ගේ වද හා මරණය ධ්‍යාන කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- පතාවිය කියන නුවරෙහි ආගම ශාස්ත්‍රවල් ඉගෙන පණ්ඩිතකම් ලබා ගත්තාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- පාප තික්ත පිරුණු අයට ඔබගේ ධර්ම මිහිර පොවන්ට කරුණා වුනාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- මෙම කාරණාවෙන් ගුරු වෘත්ති ලබාගන්ට අභිප්‍රා කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ආත්මික සංග්‍රාමයෙහි ජීවත් වීම පිණිස ගල් ගුහාවට ඇතුල් වුනාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඒ ස්ථානයෙහි දැඩි තපස් ශීලය රැක්කාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඒ ගුහාවෙහි තපස් රැක මනෝ ධ්‍යානකර සිටින තැන දෙවියන්ගෙන් දිව්‍ය දර්ශන ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- එම ස්ථානයේදි ස්වාමි දරුවන්ගේ කුරුසේ දේවමවු විසින් ඔබට පෙන්වන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ධර්මයෙහි පැහැදි ඒ ගුහාවෙන් පිටත්ව පව්කාරයන් ගොඩගන්ට අභිප්‍රා කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඊට යෝග්‍යවූද සුකෘත පැවතීමේහි පැහැදුනාවූද ගුරුප්‍රසාදිවරු ගතකොට එක් කළාවූ ශුද්ධවූ කයිතානු >මුනින්ද්‍රයෙනි
- ඔබගේ මධුර දේශනාවලින් ගණන් නැති වේද භේද කාරයින් සත්‍යාගමට ඇතුළත් කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබගේ ආශ්චර්යවලින් තිමිර අන්ධකාරයෙහි ගිලී සිටිය අන් ඇදහිලිකාරයින් දේවාගමට හරවා ප්‍රසාද ස්නාන කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- පරහට දයාවෙන් ලෙඩ ශාලාවලෙහි පරිවාර කර සුව කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- කුෂ්ට රෝගකාරයන්ගේ වණවල් සිපාචාර කර සුව කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- බොහෝ පව්කාරයින් ධර්ම මාර්ගයට ඔබ විසින් හරවා ගත්තායින් අත්වූ දඩයක්කාරයාය යන නාමය ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- එවෙනි වෑයම මතුත් සිද්ධ වෙන ලෙස තපස් පන්තියක් සැදුවාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඒ පද්ධතියට ඇතුළත් වෙන අයට ආහාරපාන වස්ත්‍රාදී වූ යම් දෙයක් නොසොයා මුළු සිතින් දෙවියන් අදහාගන්ට ඉගැන්නුවාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- මෙම ඉගැන්වීම ඔබගේ ගෝලයන් පවත්වා සිටිය තැන ශරීරයට උපකාර වූ සියලු දේ ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දේවස්ථානයෙහි පාත්‍රවල් සහ නිධාන වලුන් සතුරන්ට අසුනොවෙන ලෙස ඔවුන්ගෙන් බලගතු වද වින්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දිනපතා සත් පැය හමාරක් මනෝධ්‍යානකර සිටියාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- නොයෙක් භක්ති අධිකයෙන් පරවසන්වී දෙවියන් වෙත මුළු සිත තබා සිටියා වූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දේව කුමාරයා උපන් මහෝත්සව රාත්‍රියෙහි ඔබ ධ්‍යානයෙන් සිටිය තැන දේව මාතාවන් විසින් දිව්‍ය බොලඳුන් ඔබගේ හස්තවලට දෙවාවදාරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබගේ ධර්මයට ප්‍රතිඵල කොට දීර්ඝ දර්ශන ප්‍රසාද ලබන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- එවෙනි ප්‍රසාදයෙන් ඔවුනොවුන්ගේ සිත්වල තිබුණු ධර්ම අධර්මවල් ප්‍රත්‍යක්ෂ කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- දරුවන් නැති අයට ඔබගේ යාච්ඤා පිහිටෙන් දරුවන් ලබා දෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබගේ මරණ වේලාව කල්මත්තෙන් දැන ගත්තාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- මෙවැනි අමුත්තක් ඔබගේ තපස් වරයින්ට දැනුම් දුන්නාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- වෘතශුද්ධිය මරණ පර්යන්තය දක්වා රක්ෂා කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- මරණ වේලෙහි ශුද්ධවූ දේව ප්‍රසාද නිධාන මහත්වූ භක්තියෙන් ලබා ගත්තාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබගේ මරණ ආසන්නයෙහිදී යක්ෂයන් ඔබට බයෙන් දුරුවන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- එම වේලෙහි දේව මෑණියන්ගේ පිහිට දර්ශන ලබා ගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ඔබගේ අලංකාර ආත්මය ශරීරයෙන් පිටත් වෙන කල්හි දේව මව්ට බාර කළාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- නිකිනි මස හත් වෙනි දිනදී භුවිලෝක වාසය අත් හැර පරලෝක සුව සැපත අත්කර ගත්තාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- සකල මෝක්ෂවාසිවරුන් සමග නිත්‍ය සුවසැප විඳින්නාවූ ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස
- උත්තරය - ශුද්ධවූ කයිතානු මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අනන්ත දයාබර සර්වේශ්වරවූ දෙවියනි / ඔබ වහන්සේගේ ආගම විසින් ලියා තිබෙන සියලුදේ / අනූනවූ ප්‍රකාරයෙන් සිද්ධකර එලෙස උගන්වන කෙනෙක් / මෝක්ෂ රාජ්‍යයෙහි මහත් වෙයි කියා / ඔබ වහන්සේ සුවිශේෂක මත්තෙවුස් ලවා වදාළ සේක / එසේ හෙයින් ඔබගේ දාසවූ ශුද්ධවූ කයිතානු මුනිතුමන් / ප්‍රඥා පැහැදුනු කල් පටන් / මරණ පර්යන්තය දක්වා / ඔබගේ ආගමෙහි සියලු පණත් / එකක්වත් නොවරදවා සිද්ධ කොට / එලෙස සියල්ලන්ට උගන්වා දුන්නායින් / ඔබගේ දිව්‍ය සම්මුඛයෙහි / අධික මහිම ලබා සිටින්නේ වේද / එම මුනිඳුන්ගේ යාච්ඤාවෙන් / අප සියල්ලන් ශරීර උපද්‍රවවලදී පිහිට ලබනු පිණිසත් / පාපයෙන් නිදහස් වෙනු පිණිසත් / ඔබගේ මෝක්ෂ භාග්‍යය ලබනු පිණිසත් / ඔබටම යාච්ඤා කරම්හ. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්