ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව
ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරියගේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධවූ මරියනි
- ශුද්ධවූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්නියනි
- ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- අලසාස් නම්ලත් දේශයෙහි අදල්රික් හා බෙර්සින්දා නැමති වංශවත් දෙගුරුන්ගේ කුමරිවූ ශුද්ධවූ ඔදිලියා
- මුනිශ්වරිනි
- අන්ධව උපන් හෙයින් පියා විසින් මරණයට සොයන ලදින් මෑණියන් විසින් සඟවා ගෙදරින් පිටකර හැරියාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- පිය නිවසින් දුරව විසුවාවූ මෙහෙවර ස්ත්‍රියකු විසින් ක්ෂිර පානය කරවමින් ඇති දැඩි කළාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- එකී ස්ථානයෙහි ආරක්ෂාව නොමැති හෙයින් දුරස්තර බර්ගන්ඩි දේශයෙහි පාල්මා නගර කන්‍යාරාමයට ගෙන යනු ලද ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- දසතුන් හැවිරිදි වයස් වනතෙක් අන්ධව සිටියාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- එබැවින් නෙත්‍ර රෝග යනාදි පීඩාවලදී විශේෂ වශයෙන් පිහිටවෙන ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- බොළඳ කාලයේදී මරණයට සොයන ලදුවද ස්වකීය ගාෘහයෙන් ප්‍රතික්ෂේප කරනු ලදුවද නොයෙක් පීඩා වින්ද හෙයින් බොළඳුන්ට පිහිටවී ඔවුන්ගේ සියලු පීඩාවලදී ආරක්ෂා කරන ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ඔබ පිතෘ ගෘහයෙන්ද ඉක්බිති ක්ෂිර මාතා ගෘහයෙන්ද භයින් සඟවා ගෙන යන ලදින් දසතුන් හැවිරිදි වයස් ගත වෙනතෙක් ප්‍රසාද ස්නානය නොමැතිව අද්භූත ලෙස එම ප්‍රසාද නිධානය ලත් ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ඔබ එම ප්‍රසාද නිධානය නොලත් බව එරාර්දු රාජගුරු ප්‍රසාදි තුමා දිවසින් දැන ඔබ ස්නානය කළ විට ඔබගේ නේත්‍ර පැහැදීමද ලබන්ට වාසනාව ලත් ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ලත් දේව වරප්‍රසාදය ආරක්ෂාකර ගනිමින් ධර්මය නැමති පුෂ්පයෙන් සමන්විත ස්වර්ගිය ලතාවවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ස්වකීය ක්ෂිරයෙන් ඔබ පෝෂණය කළ ධර්මිෂ්ඨ ස්ත්‍රියගේ මෘත ශරීරයෙහි දකුණු ලය නොදිරා ආරක්ෂාවීමට වාසනාවලත් ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- එබැවින් ක්ෂිර මාතෘවරුන්ටද ළය බැරිකම් වලින් පීඩා විඳිනවුන්ටද විශේෂ වශයෙන් පිහිට වෙන්නාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- නේත්‍ර පැහැදීම ලදුව පිය නිවසට ප්‍රවිෂ්ඨවූ සඳ කාරබන්ධනයට සොයන ලදින් පිතෘ ගෘහයෙන් නික්ම ගොස් ආශ්චර්ය ලෙස
- විවෘතවූ ගල් ගුහාවක සැඟවුණාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ස්වකීය ජීවිතාන්තය දක්වා ස්වර්ගිය පද්මයවූ කන්‍යාවෘතිය රක්ෂා කළාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ඉක්බිත්තෙන් සිත සැටියට කන්‍යාවෘත ධර්මය රක්ෂාකරන්ට පියතුමාගෙන් අවසර ලදින් සිය නිවසට ප්‍රවිෂ්ඨවී
- කන්‍යාරාමයක් පිහිටුවා ගත්තාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- එකී කන්‍යාරාමයෙහි ශ්‍රේෂ්ඨ තනතුරට පැමිණ සියලු අයගේ ධර්ම මෑණියන් මෙන් දවස් කළාවූ ශුද්ධවූ ඔදිලියා
- මුනිශ්වරිනි
- විවිධාකාර රෝග දුඃඛ්‍ය පිඩිතවුන් ඔබ සමීපයට පැමැණුන කල ඔවුන්ට ශාරීරක භෝජනය හා ආත්මික සැනසීම දුන් ශුද්ධවූ
- ඔදිලියා මුනිශ්වරිනි
- කුෂ්ඨ රෝගයෙන් පීඩිතවූ ස්ත්‍රීයකුගේ වත නාවා ඈට උපස්ථාන කර ඈ සුවකරන්නට වරම්ලත් ශුද්ධවූ ඔදිලියා
- මුනිශ්වරිනි
- එබැවින් කුෂ්ඨ රෝග යනාදියෙන් පීඩිතවුවන් වෙත මධ්‍යස්තවන ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ආත්මික ශාරීරික රෝගවලදී අපට ආධාරවන සෞම්‍ය මෑණියන් වූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- බාල අවස්ථාවෙහි ඔබට උග්‍ර පීඩා කළාවූ පියාණන්ගේ සිත දහමට හරවා ඔහුට යහපත් මරණය දෙවියන්ගෙන් ලබා දුන්
- ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ධ්‍යානාරාධනා නිරාහාර ශීලය යනාදි දඬුවම් කරගෙන පියාගේ ආත්ම ශුද්ධකගිනිස්ථානයෙන් නිදහස් කළාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ජීවමාන සත්‍ය විශ්වාසය දේව භය දේව ප්‍රේමය ශුද්ධවන්ත භාවය යනාදි ධර්මාංග සංගතවී දේව පණත් නැමති ස්වර්ගික මාර්ගයෙහි නිරන්තරයේ ගමන් කළාවූ ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- අපගේ ඕනෑකම් වලදී අඬගසන ලද ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන පිණිස
- උත්තරය - ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරිනි, අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සත්‍යාලෝකය වන සර්වපරාක්‍රමවූ දෙව් ස්වාමිනි, අන්ධව උපන් ශුද්ධවූ ඔදිලියා මුනිශ්වරී හට ආශ්චර්යමත් ලෙස ඔබ වහන්සේ ඇස් පැහැදීම දෙවා වදාළ සේක් වේද? එබැවින් එම මුනිශ්වරියගේ මධ්‍යස්ථකම හේතුකොටගෙන අප විසිනුත් උන්වහන්සේගේ ධර්මාදර්ෂයට අනුකූලව මේ නිරාර්ථක ලෝකයෙන් අප නේත්‍ර හරවා ගෙන සත්‍ය ධර්මයෙහි ඇස් යොමුකර සඳහටම දිව්‍ය රාජ්‍යයෙහිද ඔබගේ සිරිමුහුණ දර්ශනය කිරීමෙහි ඓශ්චර්ය විඳීමට හේතුවන්ත වීම පිණිස අපට කරුණා කළ මැනවයි ඔබටම ආරාධනා කරමු. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්