ශුද්ධවූ ඉසිදෝරු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ ඉසිදෝරු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- දිළිඳු නමුත් දේවභය භක්ති ඇති මව්පියන්ගෙන් මද්රිද් නුවර උපන්නාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ස්පාඤ්ඤ රාජ්‍යය වඩා ආලෝක කරන පිණිස අමුතු තරු ප්‍රභාවක් මෙන් උද්දිප්තවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- දෙගුරුන්ගෙන් ධර්ම ක්‍රමය උගත්තාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ලාබාල වයසේදීම දෙමව්පියන්ට කීකරු වෙමින් ධර්ම සුවඳ විහිදෙව්වාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- බාල වයසේ පටන් නිරපරාද භාවයෙන් යුක්තව මුලු ශක්තියෙන් දෙවියන්ට ප්‍රේම කිරීමට පටන්
- ගත්තාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- වැඩ කරන්ට සවිබලය ලැබුණ සැනේදීම ගොවි කර්මාන්ත කිරීමට පටන් ගත්තාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ගොවියන්ට හොඳ ආදර්ශයක් දීමෙන් අලංකාර වූ මලක් සේ ප්‍රබෝධ වුනාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- සහකාර ගොවියන්ගෙන් විපුල ප්‍රේමය ලැබුවාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ස්වකීය දෙගුරුන් දිළිඳු හෙයින් ස්වාමියෙකු යටතේ බාල මෙහෙවරට පත් වුනාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- මෙවැනි මෙහෙයේ යෙදී සිටිද්දී අනිකුත් අයවලුන්ට කීකරුකමේ සහ බැගෑපත්කමේ ආදර්ශය වුනාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- බැල මෙහෙවරයේදී සිතින් වචනයෙන් ක්‍රියාවෙන් දෙවියන්ට ස්තූති පවත්වන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- කඩනොකොට සියලු දිනදීම සුවිශුද්ධ පූජාවට පැමිණුනාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ධ්‍යානයෙහි යෙදී සිටින පිණිස සැම දිනම දේවස්ථානවලට ප්‍රවිෂ්ට වුනාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- විශේෂ භක්තියෙන් දේව මාතාවහන්සේගේ මන්දිර වලට ගොස් උන්වහන්සේටම ස්තෝත්‍ර පවත්වා වැඩපල පටන් ගත්තාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- දෙවියන් වඳිමින් වේලා පසුකර උන්කල සූරතාවයින් විසින් ඔබ වෙනුවට මෙහෙකරන්නට වාසනා ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- දිළිඳුන්ගේ පියෙක් කොට දෙවියන් විසින් තෝරනු ලැබුවාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ආහාර ස්වල්පයක් ගෙන ප්‍රාතිහාර්ය වරමින් මහත් ජන සමූහයකුගේ සහගිනි නිවන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ස්වාමියාගේ පිපාසය නිවන පිණිස මොයිසෙස් මුනිමෙන් අතේ තිබුණ සැරයටිය පොළවේ ඇන වතුර උල්පතක්
- සැලැස්වුවාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- මෙම උල්පත අද දක්වාම නොරනැතුව ගලායාමෙන් ප්‍රාතිහාර්ය බලය ලොවට ප්‍රකාශකරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ජීවිතාන්තය දක්වා සියල්ලන්ටම ධර්ම දර්පණයක් වුනාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- සාන්තදාන්තකමින් භුවිලෝක ජීවිතය පසුකර ධර්ම කුසලෙන් පූර්ණ වූ ශුද්ධවූ ආත්මය දේව හස්ත ගත
- කළාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- සියලු මෝක්ෂවාසින් සමග සදාකල් දෙවියන්ට ස්තූති කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ඔබගේ ශුද්ධවූ ශරීරය දිරාපත් නොවී පවතින්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- මරණයට පෙරත් පසුත් සිද්ධකළ ප්‍රාතිහාර්යවලින් ඔබ ශුද්ධවන්තයෙක් බව ලොවට ප්‍රකාශකරන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- එම ශරීරයෙන් සුවද විහිදෙන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- ගොවියන්ගේ සුරැකි පියාමෙන් ශුද්ධවූ සභාව විසින් නියම කරන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි
- අපේ ගොවිතැන් පාලුනොවී එයින් අපට ඵල ලැබෙන පිණිස
- අපේ තුන්සිය ඒකාන්තකොට ඔබ මෙන් දේව මහිමයට කැපවෙනු පිණිස
- දේව සම්මුඛයේ අපේ මධ්‍යස්ථකාරයා මෙන් වැඩ සිටින්නාවූ ඔබ
- අප මේ කඳුළු විලෙහි සිටින තුරු අපට පැමිණෙන ආත්මික ශරීරික අන්තරා සියල්ලෙන් අප ගැලවෙන පිණිස
- දේව මෑණියන් වහන්සේ කෙරෙහි විශේෂ භක්තියෙන් අප විසින් පවතිනු පිණිස
- අපගේ ආත්මය ශරීරයෙන් වෙන්වූ කල අපේ අරක් ගත් පියවූ ඔබ සමග සදාකල් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට අප හේතුවන්ත වෙන පිණිස
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන ලෙස
- උත්තරය - ශුද්ධවූ ඉසිදෝරු මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ දයාකරුණාධාර දෙවියනි, අප විසින් අහංකාර කමින් මෙලොව ජිවිතය ගත නොකර ශුද්ධවූ ඉසිදෝරු මුනිදුන්ගේ ධර්මාධ්‍යාසයන් අනුචාරකරමින් ඔබගේ ශ්‍රී අභිප්‍රාවෙන් නියම වෙන සෑම දෙයක්ම බැගෑපත් කමින් සිත් මුදුන්පත් කරගෙන ඔබට මෙහෙකරනු පිණිස එම මුනිඳුන්ගේ කුසල් හේතුකොටගෙන අපට කරුණා කළ මැනව මේ කීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්