ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ පිහිට ලබන්නට ප්‍රාර්ථනාව

ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ පිහිට ලබන්නට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ක්‍රිස්තු තුමන්ගේ මෑණියන්ගේ මාතා වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කන්‍යාමරිය වහන්සේගේ මාතා වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ආදිපිතුරු ජුවකීම් ගේ ප්‍රියකාන්තාව වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ආදිපිතුරු ජුසේ තුමන්ගේ මෙහෙසින්ගේ මාතාව වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කන්‍යා තුමන්ගේ වාක්ප්‍රසාද ගැබවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ජෙසේහුගේ ආදි මුළ වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ඔරේබු යන දේව දර්ශන සෙල වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ඵලදරන මිදි වැල වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • යස යහපත් වෘක්ෂය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • සුරදූතයන්ගේ ආනන්ද කුහුල වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රධාන පිතුවරුන්ගේ ගෝත්‍රය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දීර්ඝ දර්ශන වාක්‍යවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • පින්වන්ත පින්වන්තියන්ගේ තේජසය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ගුරු ප්‍රසාදි ලෙවිවරුන්ගේ තේජසය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රසාද වස්වන වළාමේඝය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ධවල වළා වර්ණයවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රකාශ වළා වර්ණයවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි
  • ප්‍රිය ප්‍රසාද පූර්ණ පාත්‍රය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කීකරු කමේ දර්පනය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දයා භක්තියෙහි දර්පනය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ශ්‍රී සභාවට ප්‍රසාද පිහිට වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ක්‍රිස්තියානින්ට පිහිටාධාර වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • පවුකාරයන්ට උපකාර වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි
  • අනාථයින්ගේ මව් වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කන්‍යා ස්ත්‍රී වරුන්ට කීර්තිය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • විවාහ බන්ධන වූවන්ට සැනසීම වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මුහුදු යාත්‍රාකරන්නන්ට ගැලවීමේ වෙරළ වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දේශාන්තරයන්ට ගමන වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ව්‍යාදීන්ට ඖෂධ වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • රෝගීන්ට ආරෝග්‍ය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • අන්ධයින්ට දුෂ්ටිය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ගොළුවන්ට දිව ධාතුව වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • බිහිරන්ට ශ්‍රවණය දෙන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කොරුන්ට ගමනය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • වික්ෂිප්තයින්ට සැනසීම වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මහ හඬින් ඔබට අඬගසන්නන්ට සැනසීම වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස‍
  • උත්තරය - ශුද්ධවූ ආනා මුනිශ්වරියනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්ව වල්ලභ අනාදි පිතාවන දෙවියනි ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුමාරයාගේ පිරිසිදු මෑණියන්ට මාතාකොට ශුද්ධවූ ආනා මුනිශ්වරි තෝරා ගන්ට කරුණා අභිප්‍රාය වුණාවේද? එබැවින් ශුද්ධවූ ආනා මුනිශ්වරිගේ මධ්‍යස්ථකම මහ භක්ති ප්‍රේමයෙන් අදහන අපට ඔබ හා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු සමග අනන්ත කාලයක් ජිවත් වන ලෙස කරුණා කර වදාළ මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්