ශුද්ධවූ අල්පෝන්සෝ මරිය ලිගෝරි මුනිතුමන්ට ප්‍රාර්ථනාව

ශුද්ධවූ අල්පෝන්සෝ මරිය ලිගෝරි මුනිතුමන්ට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • පාපයෙන් නිදොස්ව පිළිසිඳුනාවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ අල්පෝන්සෝ මරිය ලිගෝරි මුනින්ද්‍රයෙනි

  • බාල වයසේ පටන් උත්තම භක්තිමත් ජීවිතයකට උත්තම ආදර්ශය වූ ශුද්ධවූ මරිය ලිගෝරි මුනින්ද්‍රයෙනි

  • සෑම විටම මරණිය පාපයෙන් වැළකී ජීවත් වුනාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි
  • ලෞකික ගති පැවතුම් හා ධන සම්පත්ද ත්‍යාජ කළාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ක්‍රිස්තියානි දිළිඳු කමින් සම්පූර්ණවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ආත්ම ගැළවීමේ පිපාසයෙන් තැවුනාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • වේදභේද මත සමග නිර්භීතව සටන් වැදුනාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • පූජාප්‍රසාදිවරුන් සහ රාජගුරු ප්‍රසාදිවරුන්ගේ මහිමයවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ජේසු බිළිඳුන්ට අධික ලෙස ප්‍රේම කළාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • දිව්‍ය පූජා වේලෙහි අධික දේව ප්‍රේමයෙන් දැල්වුනාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • දිළිඳුන්ට සුවිශේෂය දේශනා කිරීමට මහත් ලැදිකමින් සිටියාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • සත්‍ය ආගමේ නව ආභරණයක් වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • මහත් උනන්දුවෙන් ශුද්ධවූ සභාවේ විනය රැක ගත්තාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ශුද්ධෝත්තම පියතුමාණන්ට මහත් ආශාවකින් කීකරු වුනාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • තම බැටළු රැළ ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂා කළාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ශුද්ධවූ සභාව පාලනය කරන නීති මාලාව සකස් කරන ඉතා ඥානවන්ත කර්තෘ වරයෙක්වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ප්‍රාතිහාර්ය සිදු කිරීමෙන් හා දිවස් වාක්‍ය ප්‍රකාශ කිරීමෙන් ප්‍රත්‍යක්ෂ වුනාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • තමාගේ ඉමහත් වෙහෙසීම නිසා සාර්ථක ප්‍රතිඵල අත්කර දුන්නාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ජීවිතයේ කරන ලද දරුණු මර්ධන ක්‍රියා වලින් වේද සාක්ෂිවරයෙක් වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • දිව්‍ය සත්ප්‍රසාදයේ වැඩ සිටින ක්‍රිස්තු තුමන්ට විශ්වාස භක්තියෙන් නමස්කාර කළාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • අප ස්වාමින් වහන්සේගේ දුක් ගාවිනා මහත් වික්ෂෝපයෙන් මෙනෙහි කළාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ධර්ම දේශනයක යෙදී සිටින විට කන්‍ය මරිය වහන්සේගේ දර්ශනය වීමෙන් ගෞරව කරනු ලැබුවාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ඔබගේ ශුද්ධවූ මහඟු ක්‍රියාවන් නිසා උච්චාරණ වාදි වරයෙක් වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ශුද්ධවූ සභාවට මහත් ලැදියාවක් දැක්වූ ප්‍රකීර්තිමත් දේවධර්මාචාර්ය වරයෙක් වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • තම ගත සිත නිතතින්ම සුපිරිසිදුව ආරක්ෂාකර ගත්තාවූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • අති ශුද්ධ ගැලවුම්කාරයාණන්ගේ පැවිදි පංතියේ ආරම්භකයාණන් වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • සියළු මිසියොනාරිවරුන්ගේ ආදර්ශය වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • අපගේ මහත් ආදරවන්ත පියාණන් හා රක්ෂාධිකාරයාණන් වූ ශුද්ධවූ අල්පෝන්සෝ මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස‍
  • උත්තරය - භාග්‍යවන්ත ශුද්ධවූ අල්පෝන්සෝ මරිය ලිගෝරි මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ අහෝ දෙවියනි, ඔබ වහන්සේ ඔබගේ උච්චාරණවාදි රාජ ගුරු පඬිවරයෙකු වන භාග්‍යවන්ත අල්පෝන්සු මරිය ලිගෝරි මුනිදුන්ගේ ආත්ම ගැළවීමේ ඉමහත් අභිලාශය මගින් ශුද්ධවූ සභාව නව පංතියකින් ප්‍රකෘතිමත් කළ සේක් වේද, එතුමන්ගේ ගැළවීමේ දායක අනුශාසනා දැන ගැනීමෙන් හා එතුමන්ගේ ආදර්ශ වලින් ශක්තිමත් වූ අපට ප්‍රීතියෙන් ඔබ වෙතට ලඟාවී තෘප්තිමත් වීමට වරම් ලැබෙන මෙන් අයැදිම්හ. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම ලැබේවා - ආමෙන්