ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන ප්‍රාර්ථනාව
ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමන්ගේ පිහිට ලබන්නට කියන ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍නියනි
- ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- පේදුරු අපෝස්තුළුතුමාගේ සහෝදරයා වන ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- බෙත්සයිදා නමැති නුවරෙහි ජනිතවුනාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ස්නාවක ජුවාම් මුනිතුමන්ගෙන් ක්‍රිස්තු ස්වාමිදරුවන් ඇඳිනගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් දුටු සඳෙහි උන්වහන්සේ සමග සතුටින් ගියාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් සමඟ දවසක් පොරොත්තුවුනායින් ධර්ම උපදේශය අසන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඔබගේ සහෝදරයා වූ පේදුරු තුමා ස්වාමිදරුවන් දැක උන්වහන්සේගේ ප්‍රසන්නය ලබාගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ගලිලය සමුද්‍රයෙහි දැල් වටකර සිටිද්දී ස්වාමිදරුවන් විසින් අපෝස්තුළු තනතුරට තෝරාගන්ට වාසනා ලද්දා වූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන්ගේ ධර්මදේශනාවල් අසා සුකෘතයෙහි වර්ධනයවුනාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ස්වාමිදරුවන් පරලොවට වැඩිය ඉක්බිති අන්තියෝකිය නම් ස්ථානයෙහි දේවාගම ප්‍රසිද්ධ කරන්ට නියමවුනා වූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඒ රාජ්‍යයෙහි නොයෙක් ආශ්චර්යවලිනුත් දේශනාවෙනුත් දේවාගම ප්‍රසිද්ධ කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- බඩරුජාවේ පීඩිතවූ ස්ත්‍රියක කිසි උපායක් නැතුව දේව බලෙන් සුවකර ප්‍රාණය ගොඩ ගත්තාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- අශුද්ධ වූ ක්‍රියාවලට පුරුදු වූ වයෝවෘද්ධියෙක් උදෙසා දෙවියන්ට යාච්ඤා කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඔහු පාපක්ෂමාව ලබා ගන්නා පිණිස පස්දවසක් යනතුරු සිල්රැක්කා වූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඔහුගේ එක්වරු සිල රැකීමෙන් ඒ වයෝවෘද්ධයාට පවා ක්ෂමාව ලැබුණු බව පරලෝක ශබ්දයෙන් දැනගන්ට වාසනා ලද්දාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- නිසිය රාජ්‍යයෙහි මනුෂ්‍යයින් මරාසිටිය යක්ෂයින් සත් දෙනෙක් දේව අනුසස් බලෙන් දුරු කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එම යක්ෂයින් සත්දෙනා විසින් මරණයට පැමිණෙවු තරුණයෙකු නැගිටුවා දේවාගමට ඇතුල් කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඔබගේ දේශනා අසන ලෙස පුරුෂයන් සතලිස් දෙනෙක් ඔරුවකින් එනවිට යක්ෂයාගේ හදියෙන් දියේ ගිලී ගොඩට පාවුණ තැන ඔවුන් නැගිටෙව්වාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- අකාය නුවරෙහි අනෙක් මනුෂ්‍යයින් දේවාගමට හරවා බොහෝ දේවස්ථාන සදා දෙවියන්ගේ නාමය ආරාධිත කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එජේයස් නම් නිති නායකයාගේ ස්ත්‍රීව දේවාගමෙහි ස්ථිර කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එයින් ඒ නීතිනායකයා උදහස් වී ඔබට රොස්වුනු තැන ඔහුට සොඳ නුවණ කියා වදාළා වූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඒ නුවණට ඔහු කන් නොනමා දේවාගමට නිගරු කරන තැන බොරු දෙවියන් අසත්‍යකම් පෙන්වා දුන්නාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එවිට ඔහු ක්‍රිස්තු ස්වාමිදරුවන්ට නින්දාවල් කියන විට උන්වහන්සේගේ ශුද්ධ වූ මරණයට අඩුත්තු පරම රහස් ඔප්පු කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- බොරු දෙවියන්ට පූජාකරන්ට නඩුකාරයා බලකළ තැන මම සැමදාම එකම දෙවියන්ට පූජාසනයෙහි දේව අජබාලකවූ ක්‍රිස්තු ස්වාමිදරුවන් පූජා කරන්නෙමිකියා වදාළ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එයින් නඩුනායකයා වඩා උදහස්ව ඔබට කුරුසේ වදකරමැයි දොඩනවිට මම කුරුසේ වදවලට භයනොවෙමියි කියා වදාළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- නැවත නඩුකාරයා බොහෝ කිපී ඔබට කුරිරු වදවලින් වදකරන්ට කීතැන භයනූනාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- වැඩි ක්‍රෝධයගෙන ඔබට වදකරන්ට අත දුන්තැන ඊට සන්තෝසයෙන් යටහත් වුනාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එම සඳෙහි ඔබගේ හස්තපාදවල් සේවායන් විසින් බැඳ ඔබට කෘෘර ලෙස තලනතැන ඉවසීමෙන් විඳගත්තාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ක්‍රිස්තියානිවරුන්ගේ සේනාව ඔබගේ මරණය ගැන අඬනවිට ඔවුන්ට සැනසීම කියා ඒ මරණය නොවළකන ලෙස නුවණ කීවාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඔබට වදකරන්ට සදා තිබුණු කුරුසය දුටු සඳ සතුටින් වැඳ නමස්කාර කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- එම කුරුසිය සමග කථාකර මගේ ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරය අත්කරගන්ට වාසනා ලද්දාවූ කුරුසෙහි මාත් අත් කරගත මැනවයි කියා ඉක්බිති වස්ත්‍ර ගලවා වදකරන්ට නියම කොට ඔබම කුරුසේ මරණයට ඔප්පු වුනාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- කුරුසේ ඇණ ගැසුම්කා දෙදවසක් කුරිරු වද විඳ සිටියාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඒ වදවල් නොවළකා එහි සිටියාවූ සෙනග විසිදහසකට දේශනා කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඒ ප්‍රකාරයෙන් කුරුසේ සිටිද්දී මහත් වූ පරලෝක ප්‍රකාශයෙන් ඔබගේ ශරීරය මුවාවී ප්‍රාණය දෙවියන්ට ඔප්පු කළාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ස්වර්ග රාජ්‍යයෙහි සුරතාවයින් සමග දෙවියන්ට ස්තූති කර සිටින්නා වූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ඔබගේ මහත්වූ සුකෘත කුසලෙන් පරලෝකේ අභිමාන්නවූ ඔටුන්නක් ලබා ගත්තාවූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- සියලු මෝක්ෂවාසිවරුන් සමග ඇසින් නුදුටු කනින් නොඇසු සුවසැප විඳින්නා වූ ශුද්ධවූ අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුලද්දන් වෙන ලෙස
- උ- භාග්‍යවන්ත අන්ද්‍රෙ අපෝස්තුළුතුමෙනි අප උදෙසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ පරලෝක භූවිලෝක ඒකනායක වූ පිතාවන දෙවියන්ගේ සත්‍යස්වභාවවූ කුමාරයාවන ජේසු ස්වාමිදරුවනි / ඔබ වහන්සේ අපේ ප්‍රසංශාවට කාරණවූ අන්ද්‍රෙ මුනිතුමන් / අපෝස්තුළු වෘත්තියට තෝරා ගනිමින් / ඔබ වහන්සේගේ ශුද්ධ වූ ආගම ප්‍රසිද්ධ කරන්ට අනකර / මහත් වූ දයාවෙන් ආධාර කළාවේද / උන්වහන්සේ ඔබ උදෙසා කළ වෑයමුත් / වින්දාවූ ගාවිනාවලුත් සිහිකර / ඔබට මේ මංගල්‍ය දිනේදී ස්තෝත්‍ර කරන අප / උන්වහන්සේගේ කුසල් හේතුව බලා / සියලු ආත්ම ශරීර අපහසුවලින් ගලවා / මේ ජීවිතයට ඉක්බිති / අප විසින් ඔබට පරලෝකයෙහි නිත්‍ය කාලය ස්තූති කරන සැටියට කරුණා කල මැනව. මෙකිදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්