ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ට ප්‍රාර්ථනාව
ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- වංශවත් කුලයෙන් උද්දීප්ත වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ලිස්බෝන නගරයෙහි දීප්තිමත් තාරකාවක් මෙන් උපන්නා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දෙගුරුන්ගෙන් ධර්ම ක්‍රමය ඉගෙන ගත්තා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- බාලකාලය පටන් ජීවිතය පැවැත්තුවා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- බාල වයසේදීම ලෞකික ආලය ත්‍යාජ කොට හැරියාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- සුරලෝක ජීවිතයෙන් දවස් හැරීමට ලෝකය හැර පැවතුනාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- මව්පියන් අත් හැර ධර්ම ශාලාවට ඇතුල් වුණාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- නෑ බන්දුවන්ගෙන් වෙන් වෙන පිණිස සිය නගරය අත්හැරියා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ක්‍රිස්තු තුමන් උදෙසා මරණය විඳින්ට කුඩාවරුන්ගේ පන්තියට ඇතුල් වුණාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ප්‍රාණ පරිත්‍යාගින්ගේ කිරීටය අත්කර ගැනීමට දේශාන්තර වුණා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ආරණ්‍ය වාසින්ගේ ජීවිත ප්‍රකාර දවස් කළාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- නිර්දෝෂ පශ්චාත්තාප ජීවිතයෙන් කල් හැරීයා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ධ්‍යාන ක්‍රමයෙහි රෑ දාවල් සමවැදී සිටියා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- සත්‍ය විශ්වාසයෙහි දීප්තියක් වැනි වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දේව ඇදහිල්ලෙහි පාත්‍රයක් වැනි වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දේව දයා ගිනි ජ්වාලයක් වැනි වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- පරහට ඇති දයාවෙන් අන් දේශවල ඇවිද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- අවනත භාවය පවත්වා එහි ගැඹුරෙහි ගිලී සිටියා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- සිරස නමා සැම අයට යටහත් පහත් කමින් පැවතුනා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- කන්‍යා ශුද්ධත්ව ස්නේහවන්ත කමින් සුවඳ පියුමක් සේ රැක උන්නාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දුර්වලකමින් වෙව්ලන තෙක් නිරහාර ශීලය රක්ෂාකළාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ඉවසීමෙන් සෑම විරෝධවල් දුරුකළා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- කුරුසේ මාර්ගය නිරතුරු පැවැතුනා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දෙවාගමේ සත්‍යයන් දේශනා කර ගිවිසුම් දාගැබ යන නාමය ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- වේද විරෝධින් සමග තර්ක කර වේද භේද කාරයින්ට පහර දෙන මිටියක් කොට සලකන ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දේව වාක්‍ය තේරුම්කර අමුතු පණ්ඩිතයකු කොට ප්‍රකාශ වුනාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- මුවා වූ විශේෂවල් එලිදරව් කොට අමුතු දිවස්වරයා යන නාමය ලද්දා වූ ප ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- රෝගීන්ට ආරෝග්‍යය සලස්වා දෙන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- අන්ධයින්ට දෘෂ්ටි සලස්වා දෙන්ට වරම් ලද්දා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- බිහිරන්ට ඇසීම දීමට වරම් ලද්දා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- නොයෙක් ව්‍යාධි සුව කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- මළා වූ අය උත්ථානකරන්නට වරම් ලද්දා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- සියල්ලන් විසින් සතුටින් අසනු ලැබීමට වරම් ල්දදාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- සෑම විද්‍යාශාස්ත්‍රවන්තයන් විසින් ආශ්චර්ය ලෙස වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දුරු කතර ස්ථාන වල ඇසීමට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- එක භාෂාවකින් දේශනා කළ විට විවිධ භාෂාවලින් ඇසීමට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- විවිධ දේශවල එක විටම පෙනීමට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- වස විස වූ දේවල් අමෘත රස කරන්නට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ගිගුම් මාරුතය නවත්වන්ට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- මෘගයින් ලවා දේවාගමේ සත්තකය පෙන්වන්නට වරම් ලද්දා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- යක්ෂයින් දුරු කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දුර්ගන්ධ මෝහ පරික්ෂාවෙන් අප රක්ෂා කිරීමට වරම් ලද්දා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ක්‍රෝධ සිත් ඇති අය සමාදාන කිරීමට වරම් ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- භයානක හොරුන් හරි මාර්ගයෙන් පැමිණෙව්වාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දැසිදාසයන් නිදහස් කෙරෙව්වා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- විවිධ ණයකාරයන් රක්ෂා කළා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- අනුන්ගේ දේ ගෙවීමට සැලැස්සුවා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- මහත් දුෂ්ඨයින් ප්‍රත්‍යක්ෂකොට යාච්ඤාරාධනා වලංගු කෙරෙව්වා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- විවිධ අන් සමයක්කාරයන් සත්‍යාගමට ඇතුළත් කළාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- සකල විධ පාප ජනයින් පශ්චාත්තාපයට කැඳෙව්වා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ඔබගේ පියාණන් මරණයෙන් රක්ෂා කළා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දිව්‍ය බිළිඳුන් ඇකයේ තුරුළුකරගන්ට භාග්‍ය ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ඔබගේ මරණ කාලය කල්මත්තෙන් දැන ගන්ටත්, දන්වන්ටත් භාග්‍ය ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ලබා ගත් මෝක්ෂ මහිමය මනුෂ්‍යයින්ට දැන්වීමට භාග්‍ය ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- උකුත්වූ වර්ෂය ඇතුළත දීම පිඨකවල වන්දනා කරනු ලබන්ට භාග්‍ය ලද්දාවූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- ඔබගේ ජිහ්වාධාතුව නොදිරා තිබෙන්ට භාග්‍ය ලද්දා වූ ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි
- දේව සම්මුඛයෙහි අප උදෙසා මධ්‍යස්ථ ව වැඩ සිටින්නා වූ ඔබ
- වික්ෂිප්ත වූ හෘදවල් සනසන්නා වූ ඔබ
- යුද්ධ දුර්භික්ෂවල් විගමනය කරන්නාවූ ඔබ
- සකල විධ රෝගවල් දුරලන්නා වූ ඔබ
- චණ්ඩ මාරුත මර්ධන කරන්නා වූ ඔබ
- නියඟ කාලයෙහි වැසි වස්සා දෙන්නා වූ ඔබ
- නැතිවී ගිය දෙවල් සොයා දෙන්නා වූ ඔබ
- සකල විධ උවදුරු වලදී පිහිටාධාර වෙන්නා වූ ඔබ
- අප ඔබ වෙත භක්ති වන්ත වෙනු පිණිස
- අප විසින් ඔබගේ සුකෘත පවත්වනු ලබන පිණිස
- අප විසින් ඔබගේ ධර්ම අනුචාර කරනු ලබන පිණිස
- අප විසින් ඔබගේ කුසල් වලට ප්‍රශංසා කරනු ලබන පිණිස
- අප විසින් කුරුසේ මාර්ගයෙහි පවතිනු ලබන පිණිස
- අප විසින් ලෝකය ත්‍යාජකොට පවතිනු ලබන පිණිස
- අප විසින් සුර රාජ්‍යය උදෙසා වෑයම් කරනු ලබන පිණිස
- අප විසින් ක්‍රිස්තු ස්වාමිදරුවන්ට ප්‍රිය ඇතුව සිටිනු පිණිස
- අප විසින් මෝක්ෂ සුව සැප අත්කර ගනු ලබන පිණිස
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස
- ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ අප්‍රමාණ කරුණා භරිත දේව ස්වාමිනි, ඔබ වහන්සේ ශු. අන්තෝනි මුනින්ද්‍රයා ලවා නිමක් නැති අද්භූතවල් කර ගණන් නැති පව්කාරයන්ට ධර්ම වාසයත්, මිථ්‍යාදුෂ්ටින්ට ආගම එළියත්, දාසයින්ට නිදහසත්, රෝගීන්ට ආරෝග්‍යයත් දී සියල්ලන්ට මෝක්ෂ මාර්ගය පෙන්වන්නට අභිප්‍රායවූ සේක් වේද, එබැවින් උන්වහන්සේගේ ආශ්චර්ය ගැන විශ්මපත් වෙන අප සියලුදෙනා උන්වහන්සේගේ ධර්ම අනුචාර කොට ධර්මිෂ්ඨයන්ට ඔබ වහන්සේ සාදා තිබෙන මෝක්ෂ මහිමයට උන්වහන්සේගේ යාච්ඤා පිහිටෙන් වාසනාවන්තයන් වෙන පිණිස කරුණා කළ මැනවයි ඔබටම යාච්ඤා කරමු. මෙකීදේ අපේ ස්වාමි වූ ජේසු ක්‍රිස්තු උදෙසාම අපට ලැබේවා ආමෙන්