ශුද්ධවූ අගෝස්තීනු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශුද්ධවූ අගෝස්තීනු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • පව්කාරයින්ගේ මධ්‍යස්ති වන ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • වරප්‍රසාදයේ ප්‍රාතිහාර්ය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ශිල්පශාස්ත්‍රයෙහි අද්භූතාකාර ව්‍යාක්තවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • භක්තිවන්ත මවෙකුගේ කඳුලැලිවල කුමාරයාවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • නිරතුරු කනගාටුවෙන් සිදුරු වී සිටියාවූ ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • අග්‍රප්‍රාප්ත වූ පමණට අවනත වූ ශාස්ත්‍රචාරී වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දේව ප්‍රසාදයේ අග්‍රාචාර්යාවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ස්වයම්භූවූ දේවාලංකාරයාට ප්‍රේම කළාවූ ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • භක්ති ප්‍රතාපයෙන් හා ඥාණලෝකයෙන් පිරි දෙවියන්ට ප්‍රේම කලාවූ ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • සැපදායක සහ සිත් ශක්තිමත් කරන ගුරුකම් දෙන්නාවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ජේසු ස්වාමිදරුවන්ගේ දයාවෙන් කැලල්වූ ප්‍රේම කරන්නා වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ගණනාවක් නැති ශුද්ධවන්තයින්ගේ පියාණන්වන් ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • තමන්ගේ සැපදායක ගුරුකම්වලින් අප පිරිසිදුකරන පියාණන් වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ශ්‍රද්ධාවන්තයන්ගේ අමිල වූ මුක්තාහරය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ධර්මාචාරින්ගේ අරුණ ප්‍රකාශය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී ජ්විභය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දේව වාක්‍ය දේශනාවාදී වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • වේද භෙද සමයක්කාරයින් සුනු විසුනුකර දමන කුළුගෙඩිය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • රාජගුරු ප්‍රසාදිවරුන්ගේ මිල ගරු ආභරණය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • වලාකුල් මධ්‍යයෙහි දීප්ති වඩන ජෝති මඬලයවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • නිතර වැඩෙන ඔලිව පැලෑටිය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දෙවියන්ගේ හෘදයට නිතරම සුවඳ දුම් නන්වන දූපයවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • භක්ති මල් පුබුදුවන සෙව්වන්දි පඳුරක්වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දේව මාලිගයේ රැස් ප්‍රභා විහිදුවන දින රාජයා වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දේව කුමාරයාණන් දෙස නිරීක්ෂය කළ රාජාලි පක්ෂියාවන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • සකල පුන්‍ය ක්‍රියාවල ආදර්ශය වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • අප විසින් ස්ථිර විශ්වාසයෙන් පිහිට ඉල්ලන පියාණන් වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • අසරණ පව්කාරයින්ගේ මැදහත්කාරයා වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දයාකමින් නිතර දැල්වී සිටින්න වාසනා ලද්දාවූ ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • සතුරන්ට විරුද්ධව ක්‍රිස්තු තුමන්ගේ සභාව නඩත්තුකරවන්නා වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • දේව වාක් ප්‍රකාශ කරන දේව ගැති සමුහයාගේ අලංකාර පලදනාව වන ශුද්ධවූ අගෝස්තිනු මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

 

යාච්ඤා කරම්භ කරුණ දයාසාගරවූ දෙවි පියාණනි ඔබ වහන්සේ ශුද්ධවූ අගෝස්තීනු මුනිඳුන්ගේ ඉගැන්වීම් කරණ කොටගෙන ඔබගේ සභාව පීඩා හිරිහැරවලින් සහ විශ්වාස සහිත ගුරුකම්වලිනුත් ගලවා ගත්තාවේද අපටත් ශුද්ධවූ අගෝස්තීනු මුනිඳුන්ගේ විධිවල් පිලිපදින්ට සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ පැවතීම ලෙස දවස් කරන්ටත් වරම් දෙවා වදාරණවා සොඳේ