ශ්‍රී වත මණ්ඩලයට ප්‍රාර්ථනාව

ශ්‍රී වත මණ්ඩලයට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි අපට කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව
    • ස්වාමිනි අපට කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා දයාවෙන් අසා වදාළ මැනව..
    • ශුද්ධවූ කන්‍යා මරියනි,අප නිසා යාච්ඤා කළ මැනව
(අපට කරුණා කළ මැනව)
  • කන්‍යා මරිය වහන්සේ විසින්ද ශු. ජුසේ තුමා විසින්ද ප්‍රථමවරට ඔබ දුටු සඳ මහත් ගෞරවයෙන් වන්දනා මාන කරන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • බෙත්ලෙහෙම්හි ගවහලදී සුරදූතයන්ද, එඩේරුන්ද රජ තුන්දෙනාද ප්‍රීති ප්‍රමෝද්‍ය කළාවූ සිරිවත මඬලෙනි

  • දේව මාලිගාවේදී වයෝවෘද්ධ සිමියොන් තුමා කෙරෙහිද බොලඳ වයසේදී කඳුලෙන් දෝවනය වූ සිරිවත මඬලෙනි

  • දොළොස් හැවිරිදි වයසේදී දේව මාලිගාවෙහි දර්ශනය වී නීති විසර්ජිනිය පණ්ඩිතයන් විශ්මයට පත් කළාවූ සිරිවත මඬලෙනි

  • අති පරිශුද්ධ භාවයෙන් ධවල දයාවෙන් රක්ත භරිතවූ සිරිවත මඬලෙනි

  • සූර්යයාට වඩා ශෝභමානද චන්ද්‍රයාට වඩා රූබරද වූ සිරිවත මඬලෙනි

  • වසන්ත කාලයෙහි ප්‍රබෝධවන සෙව්වන්දි පුෂ්පයට වඩා සෞම්‍ය වූ සිරිවත මඬලෙනි

  • කනක, රජත, වජිර යනාදියට වඩා අගනාවූ සිරිවත මඬලෙනි

  • ප්‍රිති ප්‍රමෝද්‍යදායක මහිමයෙන් ද ආක්ෂිණ ප්‍රසාදයෙන්ද සංයෝජිත වූ සිරිවත මඬලෙනි

  • උත්තම භාවයෙන් යුක්ත රූපාංග ඇත්තාවූ සිරිවත මඬලෙනි

  • ශුද්ධවන්තයන්ට මධුර ප්‍රීතිදායක වූ සිරිවත මඬලෙනි

  • දේවෝත්මයාණන්ගේ පරමෝත්පාදය ද පියාණන් වහන්සේගේ සතුටානන්දයද වූ සිරිවත මඬලෙනි

  • මරිය මාතාවන්ටද ශු ජුසේ තුමන්ටද ප්‍රීති දායක වූ සිරිවත මඬලෙනි

  • දේවගුණ මහිම ලක්ෂණ ප්‍රකාශිත අත්‍යන්ත දර්පණය වූ සිරිවත මඬලෙනි

  • නිරතුරු පුරාණවූ ද නිරතුරු අභිනව වූද අලංකාර මහිමයෙන් යුක්ත වූ සිරිවත මඬලෙනි

  • දිව්‍ය කෝපාග්නිය නිර්වාපණය කරන්නා වූ සිරිවත මඬලෙනි

  • යක්ෂයන් චලනය කරන්නාවූ සිරිවත මඬලෙනි

  • දේව වරප්‍රසාදාශිර්වාද නිධානය වූ සිරිවත මඬලෙනි

  • වනාන්තරයේදී ඍතුවේගයෙන් විඩාවට පත්වූ සිරිවත මඬලෙනි

  • සූර්යය රශ්මියෙන් දැවි ගමන් මාර්ගයේදී ඩහදියෙන් ධෝවනය වූ සිරිවත මඬලෙනි

  • රූප ශෝභාවෙන් දිව්‍යමය වූ සිරිවත මඬලෙනි

  • මර්යදාවයෙන්ද මධුරතාවෙන්ද යහපතුන්ද පව්කාරයන් ද ආකර්ෂණය කරගන්නා වූ සිරිවත මඬලෙනි

  • ළදරුවන්ට ආශිර්වාදකොට ඔවුන් සිප වැළඳ ගත්තා වූ සිරිවත මඬලෙනි

  • ලාසරුස්ගේ සොහොන් ස්ථානේදී ශෝක ප්‍රාප්තව කඳුලු හෙළුවා වූ සිරිවත මඬලෙනි

  • තබෝර් පර්වතයේදී සූර්යයාමෙන් දීප්තිමත්ව තේජසින් විරාජමාන වූ සිරිවත මඬලෙනි

  • ජෙරුසලෙම් දෙස බලා දුක් වී කෙළෙහි ගුණ නොදත් ඒ නගරය ගැන කඳුලු හෙළුවා වූ සිරිවත මඬලෙනි

  • ඔලිවෙත්ති නමැති උද්‍යානයේදී වික්ෂිප්ත භාවයෙන් පොළොවතෙක් පහත් වුණාවූ සිරිවත මඬලෙනි

  • රුධිර සහිත ඩහදියෙන් ධෝවනය වූ සිරිවත මඬලෙනි

  • ජුදාස් නැමැති ද්‍රෝහියා විසින් සිඹින ලද්දාවූ සිරිවත මඬලෙනි

  • ඔබගේ ශුද්ධවන්ත භාවයෙන්ද පරාක්‍රමයෙන්ද යුද්ධ හේවායන් භයගන්වා බිම හෙළුවා වූ සිරිවත මඬලෙනි

  • නීච මෙහෙකරුවකු විසින් පහරදෙනු ලැබ මන්ත්‍ර බන්ධනය කරන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • කෙලවලින් කිළිටිකරනු ලැබ අනේක පහර වින්දාවූ සිරිවත මඬලෙනි

  • ඔබගේ දිව්‍යමය බැල්මකින් පේදුරු තුමා දයාධික මනස්ථාපයට පත් කළා වූ සිරිවත මඬලෙනි

  • ජෙරුසලමේ විනිශ්චය ශාලාවලදී අප උදෙසා අවනත භාවයට පත් වුණාවූ සිරිවත මඬලෙනි

  • පිලාන්තු විසින් මරණයට පත් කළ සඳ අකම්පිතව වැඩ සිටියාවූ සිරිවත මඬලෙනි

  • ඩහදියද දූවිලිද තැවරී කුරුසේ බරට යටවී වැටුණා වූ සිරිවත මඬලෙනි

  • සකල බහුමාන වන්දනා නමස්කාරාහිවාදනයට හිමි වූ සිරිවත මඬලෙනි

  • කපාල පර්වත මාර්ගයේදී භක්ති වන්ත ස්ත්‍රීන් විසින් පිසදමනු ලද්දාවූ සිරිවත මඬලෙනි

  • දඟ යන්ත්‍රය වන කුරුසේහි ඔසවන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • නළලෙහි කටු ඔටුන්නක් තබන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • නේත්‍ර යුගමය රුධිරය මිශ්‍ර කඳුලෙන් පූර්ණවූ සිරිවත මඬලෙනි

  • මුඛයෙහි ඇඹුල් සහ තිත්තකාඩි වත් කරන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • වරදකරුවන් විසින් හිසකේ සහ රැවුල සිද දමනු ලැබුවාවූ සිරිවත මඬලෙනි

  • කුෂ්ට රෝගාතුරයකු හට සමාන වුණාවූ සිරිවත මඬලෙනි

  • මරණ ඡායාවෙන් වැසුණාවූ සිරිවත මඬලෙනි

  • ශුද්ධවූ ස්ත්‍රීන් විසින් ආලේප කරන ලදුව මෘත වස්ත්‍රයෙන් ඔතන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • සොහොන් ගැබෙහි තබන ලද්දාවූ සිරිවත මඬලෙනි

  • උද්ගතවූ දිනෙහිදී තේජසින්ද අලංකාර මහිමයෙන්ද දීප්තිමත් වූ සිරිවත මඬලෙනි

  • ස්වර්ගාරෝපණ වන කල සකල විධ ක්ෂාන්ති සමූහයෙන් විරාජමාන වූ සිරිවත මඬලෙනි

  • සත්ප්‍රසාදයෙහි අදෘශමානව වැඩ සිටින්නාවූ සිරිවත මඬලෙනි

  • කාලාන්තයේදී වලාකුල්හි මහත් බල පරාක්‍රමයෙන් දර්ශනය වන්නාවූ සිරිවත මඬලෙනි

  • පාපිෂ්ටයන් භයින් ත්‍රස්ත කරන්නාවූ සිරිවත මඬලෙනි

  • අනන්ත කාලයෙහිම ධර්මිෂ්ඨයන් ප්‍රීතියෙන් පූර්ණ කරන්නාවූ සිරිවත මඬලෙනි

 

යාච්ඤා කරම්භ මාගේ ගැලවුම්කාර වූ ජේසුනි, මම ඔබට ගෞරවාචාර බහුමානාභිවාදනයකර අතිශයින් ප්‍රේම කරමි. දේව දූෂණ පාපිෂ්ඨයන් වරින් වර ඔබවහන්සේට අවමන් කරන හෙයින් සකල සුරදූතයන්ගේද සකල ශුද්ධවන්තයන්ගේද බහුමානාභිවාදනය ශුද්ධවූ ධූමයක් ද සුගන්ධ ද්‍රව්‍යයක්ද කොට ඔබගේ භාග්‍යවන්ත මෑණියන්ගේ පිරිසිදු හෘදය මාර්ගයෙන් මම ඔබට පූජා කරමි. පාපය නිසා වෙතෙහිදි අරූපිව ගිය ඔබවහන්සේගේ ස්වරූපය මා කෙරෙහිද සකල මනුෂ්‍යයන් කෙරෙහිද ප්‍රකෘතිමත් කළ මැනවයි අවනත භාවයෙන් ඔබට ආරාධනා කරමි - ආමෙන්