ශ්‍රී කැලල්වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

ශ්‍රී කැලල්වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු මුනිඳුන්ගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....

(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ මරියනි

  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ආශ්චර්යයමත් ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • දයා යහපත් කමින් පූර්ණවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • කුරුසියෙහි ඇන ගසන ලද ජේසු තුමන්ගේ වීර්යවන්ත සේවකයෙක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • දේව පුත්‍රයාණන්ගේ ආදර්ශය අනුවාර කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • භක්ති ජ්වාලක සුරදූතයෙකු මෙන් සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • දේව ප්‍රේමයේ උදුනක් සේ සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ශුද්ධවන්තකමේ දැගැබයක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • පිරිසිදුකමේ පාත්‍රයක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ධර්මාභාවෘද්ධියෙහි ආදර්ශය වන්නාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • මරියදාවෙහි දර්පණයවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • තපස් භාවය පිරිසිදු ලෙස පැවැත්තුවාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ආශ්චර්යයන්වල ආශ්චර්යයක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • කීකරු කමේ ධර්මාචාරිවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • සකල විධ ධර්ම ගුණ මහිමයෙන් ආදර්ශය වූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • දිළිඳුන්ගේ අත්‍යග්‍ර පිතෘවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • සමාදානයට ඉතා ප්‍රසන්නව සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • අගුණවූ අය සුගුණ කිරීමට අවවාද දෙමින් සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ඔබගේ සිය දේශයට ආලෝකයක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • මළවුන් උත්ථාන කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • සාගින්නෙන් තැවී සිටි ජනයන්ගේ ජීවිතය රක්ෂා කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • කුෂ්ඨ රෝගාතුරයන්ට උපස්ථාන කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ඒකාන්ත බැගෑපත් භාවයෙන් සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි
  • දුෂ්ට ක්ලේශයන් මැඩ පැවැත්තුවාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • දුර්වලයන්ගේ ආධාරය වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ආශාවෙන් ප්‍රාණ පරිත්‍යාගියෙක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ග්‍රාමික ජනයන්ට අපෝස්තුළුවරයෙක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ආත්මික සංග්‍රාමයෙහි ශ්‍රේෂ්ඨ සේනාධිපති වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • අමුතු ප්‍රාතිහාර්ය සිද්ධ කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • මුළාව ගිය අන්ධයන් හරවා ඔවුන්ට මෝක්ෂ දොරටුව ඇරියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • උපකාර කිරීමට නිතරම සතුටුය සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ජේසු ස්වාමිදරුවන්ට කැප කරන ලද දේව මන්දීරයක් සේ සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ඔබගේ සිය දේශයට ආලෝකයක් වුනාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • මළවුන් උත්ථාන කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි
  • දෙවියන්ට සතුරන්ව සිටි දුෂ්ඨයන්ගේ ප්‍රයෝග උපාය නිරර්ථකළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ධර්මයෙහි අලංකාර මහිමතාවය සැම තැන්හි පතළ කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ආත්මික ජීවිතයේ අභිරහස් මනාසේ දැන ගත්තාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • පරලෝකයේ මහිමයට මාර්ගය විශාල කළාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ස්වභාවයෙන්ද වරප්‍රසාදයෙන්ද අද්භූතව සිටියාවූ ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතු ලද්දන් වෙන ලෙස‍
  • උත්තරය - ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි මුනින්ද්‍රයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භh ජේසු ක්‍රිස්තු ස්වාමි දරුවනි පාපයෙන් ශීතල ගතිවූ ලෝකය ඔබගේ ප්‍රේමය නමැති ගින්නෙන් තාපනය කරුණු සඳහා ශුද්ධවූ ප්‍රන්සිස්කු අසිසි තුමා කෙරෙහි ඔබගේ දුක්ෂයෙහි තුවාළ පිහිටෙව් සේක. එබැවින් එතුමාගේ කුසල් හා යාච්ඤා හේතු කොටගෙන අපි විසින් කුරුසය නිසිප්‍රකාර කර තබාගෙන පශ්චත්තාපයට යෝග්‍යවූ ඵල දරනු පිණිස අපට කරුණා කළ මැනව - ආමෙන්