වික්ෂෝප ප්‍රාර්ථනාව
වික්ෂෝප ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- දිව්‍ය කුමාරයා උපන් දිළිඳුකම දැක දුක් කම්පාවුනා වූ ස්වාමිදුවෙනි
- උන්වහන්සේ චර්ම ඡේදනය අත් කළා දැක දුක් කම්පාවුනා වූ ස්වාමිදුවෙනි
- සිමියොන් යන දිවස්ප්‍රසාදි කී වචන අසා දුක් කම්පාවුනා වූ ස්වාමිදුවෙනි
- ශ්‍රී කුමාරයාගේ මරණ වදවල් දැක දුක් කම්පාවුනා වූ ස්වාමිදුවෙනි
- ඔබගේ ශ්‍රී ආත්මයෙහි කඩු පහරක් ගසා වදියි කී බව ඇසු සඳ දුක් කම්පාවුනා වූ ස්වාමිදුවෙනි
- දේවස්ථානයේ දී දිව්‍ය කුමාරයා නැති වූ කල වික්ෂෝප වුනා වූ රාජේශ්වරිනි
- තුන් දවසක් උන්වහන්සේ නොදැක වික්ෂෝප වුනා වූ රාජේශ්වරිනි
- දේවස්ථානයේදී උන්වහන්සේ දැක දුක්පෙන්නුවා වූ රාජේශ්වරියනි
- උන්වහන්සේ මරණය අත්කර ගන්ට යනවා දැන වික්ෂෝප වුනා වූ රාජේශ්වරියනි
- උන්වහන්සේ ලේ ඩහදිය සිඳ හැලුනායින් වික්ෂෝප වුනා වූ රාජේශ්වරියනි
- ජුදස් ස්කාරියොත් කළ සදියෙන් වික්ෂෝප වුනා වූ රාජේශ්වරියනි
- කස පහරවල් විඳින්ට තීන්දු වුනායින් වික්ෂෝප වුනා වූ රාජේශ්වරිනි
- කටු ඔටුන්නේ වේදනා විඳ උන්නායින් ශෝක සංතාප වුනා වූ රාජේශ්වරිනි
- කපාල කන්දෙහි නහින්නට තීන්දු වුනායින් ශෝක සංතාප වුනා වූ කන්නියනි
- වීථි මාර්ගයෙහි උන්වහන්සේගේ ශ්‍රී රුධිරය දැක ශෝක සංතාප වුනා වූ කන්නියනි
- වෙරෝනිකා ස්ත්‍රීන්ගේ හස්තේහි උන්වහන්සේගේ ශ්‍රී මුහුණ මංඩල රූපය දැක ශෝක සංතාප වුනා වූ කන්නියනි
- උන්වහන්සේගේ ශ්‍රී කරේ බර වූ කුරුසේ දැක ශෝක සංතාප වුනා වූ කන්නියනි
- උන්වහන්සේ සිඹ සනසා ශෝක සංතාප වුනා වූ කන්නියනි
- උන්වහන්සේ මුනින්තලා වැටුණා දැක ශෝක සංතාප වුනා වූ කන්නියනි
- උන්වහන්සේගේ වස්ත්‍රාභරණ ගලවනවා දැක ශෝක සංතාප වුනා වූ කන්නියනි
- උන්වහන්සේගේ නෙෂ්ඨුර වූ මරණය දැක දුක් සමුද්‍රයෙහි ගිලි උන්නා වූ මාතාවෙනි
- උන්වහන්සේගේ ශ්‍රී හෘදය ඇනුම් කෑවා දැක දුක් සමුද්‍රයෙහි ගිලි උන්නා වූ මාතාවෙනි
- උන්වහන්සේගේ ශ්‍රී ශරීරය ඔබගේ හස්තවලේහි වැඩූ කල දුක් සමුද්‍රයෙහි ගිලි උන්නා වූ මාතාවෙනි
- උන්වහන්සේගේ අභිනව සිරි තුවාලය දැක දුක් සමුද්‍රයෙහි ගිලී උන්නා වූ මාතාවෙනි
- උන්වහන්සේ ගල්ලෙනෙහි තැන්පත් කළා දැක දුක් සමුද්‍රයෙහි ගිලී උන්නා වූ මාතාවෙනි
- උන්වහන්සේගේ දර්ශන නැතිව තනිකම විඳ දුක් සමුද්‍රයෙහි ගිලී උන්නා වූ මාතාවෙනි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්තයන් වන පිණිස
- උත්තරය - දුක් භරිත කන්නියනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ යාච්ඤා කරම්භ ස්වාමිනි, සිමියොන් දිවස්ප්‍රසාදි වරයාගේ දිවස් වාක්‍ය ප්‍රකාර ඔබගේ පුත්‍රවූ ජේසු තුමන්ගේ දුක් ප්‍රාප්තියේ දී, උන්වහන්සේගේ මෑණියන් වූ භාග්‍යවත් කන්‍යා මරිය තුමියගේ අති මිහිරි වූ හෘදය වික්ෂෝප කඩුවෙන් සිදුරු වුනාවේ ද? එතුමියගේ වික්ෂෝප ගෞරවයෙන් සිහි කරන අපට ඔබගේ පුත්‍රවූ ජේසු තුමන්ගේ දුක්ප්‍රාප්තියේ කුසල් ඵලනෙලා ගැනීමට කරුණාවෙන් වරම් දුන මැනව.