ලංකාවේ අප ස්වාමිදු වන දේවමාතා වහන්සේට ප්‍රාර්ථනාව
ලංකාවේ අප ස්වාමිදු වන දේවමාතා වහන්සේට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ හිඳින පිතාවන දෙවියනි
- ශුද්ධ ආත්මයාණන් වූ දෙවියනි
- දේව මාතාවන් වූ මරියනි
- ජන්ම දෝෂයෙන් නිර්දෝෂ වූ කන්‍යාවෙනි
- දේව වරප්‍රසාදයෙන් හා සකල ධර්ම ගුණාංග වලින් පර්පූර්ණ කන්‍යාව වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- කතෝලික ලබ්ධිය ලංකාවේ රෝපණය වූ කාලයේ පටන් අද දක්වා ලංකා කතෝලිකයන්ගේ ගෞරවාදය ලබන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- පෘතුගීසි යුගයේ ලක්දිව පිහිටි ඔබගේ සිද්ධස්ථානවලදී අපගේ මුතුන් මිත්තන්ගේ භක්ති ප්‍රණාමය ලද්දාවූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ඔබගේ සරණ සොයා ඒ සිද්ධස්ථානවලට පැමිණි ලක් වැසියන්ට දේව පිහිට ලබා දුන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ඕලන්ද පීඩන සමයේදී පවා නාරාහේන්පිට ලව්රමේන්ත සිද්ධස්ථානයට රහසින් පැමිණ කතෝලික බැතිමතුන්ගේ අචල භක්තියෙන් පුදනු ලැබුවාවූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- සත්‍ය විශ්වාසයෙහි ස්ථිරව සිටින්නට, පීඩන සමයේදී ලංකා කතෝලිකයන්ට ශක්තියත් ධෛර්යයත් වූවා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- මරුදමඬු සිද්ධස්ථානයට ලංකාවේ සතර දිගින් එන වන්දනාකරුවන්ට පිහිට වන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලංකා කතෝලිකයන්ගේ කෙළෙහිගුණ ප්‍රකාශ කිරීමක් වශයෙන් ඉදිකරන ලද තේවත්තේ බැසිලිකා දේවස්ථානයේදී ඔවුන්ගේ පුද පූජා ලබන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලංකාවේ ස්වාමිදු වශයෙන් ලක්වැසි කතෝලිකයන් විසින් නමදිනු ලබන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලුර්දු හා පාතිමා සිද්ධස්ථානවල මෙන්ම තේවත්තේ ජාතික සිද්ධස්ථානයේදී ද කතෝලික සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලංකා දේව ජනතාවගේ රාජිනිය වන්නා වූ ලංකාවේ අප ස්වාමිදුවෙනි
- රටේ පාලකයන් ජනතාවගේ යහපත දියුණුව හා සමගිය උදෙසා ක්‍රියා කරවන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- රට වැසියන් අතර සාමය හා සමගිය නිරතුරු පවතින පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ක්‍රෝධය, වෛරය, වංචාව හා අනෙකුත් අධර්මිෂ්ඨකම් අපගේ සමාජයෙන් බැහැරවන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- රටේ සසුන් නායකයන් ප්‍රඥාවන්ත හා ජ්වලිතකමින් යුක්තව, දේව ජනතාව ධර්ම මාර්ගයේ හසුරුවන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- පූජකවරයන් හා පැවිදි වූවන් තමන්ගේ තත්ත්වයෙහි ස්ථිරව පවතින පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- අපගේ පවුල්වල ස්ත්‍රී පුරුෂයන් අතර එකමුතුකම හා සැබෑ ප්‍රේමය වඩ වඩා දියුණු වන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- තරුණ තරුණියන් දේව භය භක්තියෙන් යුක්තව පැවතෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- දේව ජනතාව වැඩි වැඩියෙන් දැහැමි බවට පත්වන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- අපගේ දූ දරුවන්ට දේව කැඳවීමේ වරප්‍රසාදය ලැබෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- අන්‍ය ආගමිකයන් අතර සත්‍ය ධර්මයේ ආලෝකය පැතිරෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලෙඩ රෝගාදියෙන් පීඩිත වූවන්ට සුවය හා සැනසීම ලැබෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- අපගේ දුක් කරදර දේව කැමැත්තට යටත්ව ඉවසීමෙන් දරා ගන්නට අපට ශක්තිය ලැබෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලෝකයේ ජනී ජනයන් අතර සාමය රැකෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- අපගේ ශුද්ධෝත්තම පියාණන්ට සකල ආශිර්වාද ලැබෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ඔබගේ මධ්‍යස්ථ පිහිටෙන් අප සැමට සුභ මරණයක් ලැබෙන පිණිස ලංකාවේ අප ස්වාමිදුවෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
යාච්ඤා කරම්භ ස්වර්ගයේ රාජේශ්වරිය වන පරිශුද්ධ කන්‍යාවෙනි ලංකාවේ ස්වාමිදු වශයෙන් ඔබ පිදිමේ භග්‍යය අපට ලබා දුන් ඔබ වහන්සේ ඔබ වෙත ප්‍රේමයෙන් යුක්තව අප ඔබට කරන යාච්ඤා වලට සවන් දී, අපට පිහිට වුව මැනව. අප රටට සාමය, සමගිය හා සමෘද්ධියද, සාන්ත සභාවට වර්ධනය හා ශුද්ධත්වය ද, අප එකිනෙකාට ධර්ම මාර්ගයේ ගමන් කර අනන්ත කාලීන මෝක්ෂානන්දය අත්කර ගැනීමේ වරප්‍රසාදයද ලබා දුන මැනව. මේකීදේ ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින් ද වන ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම අපට ලැබේවා - ආමෙන්