රෝගීන්ගේ ප්‍රාර්ථනාව

රෝගීන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා කරුණාවෙන් අසා වදාළ මැනව....
(අපට දයා කළ මැනව)
  • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
(අප ගලවා ගත මැනව ස්වාමි)
  • පශ්චාත්තාපයෙන් තැවෙන්නාවුන්ට මෝක්ෂය සලස්වන්නාවූ ඔබ

  • දුක් දී සුව කරන්නාවූ ඔබ

  • නහින්ටත් සිටින්ටත් වරම් දෙන්නාවූ ඔබ

  • පාතාලයේ ගැඹුරතෙක් පාත්කරවා ගොඩගත්තාවූ ඔබ

  • තම තමාගේ ලෙඩදුක් වලට ප්‍රාර්ථනා කරන්නට සුව දෙන්ට කරුණා කරන්නාවූ ඔබ

  • ඔබගේ දයාබරකමේ මහත විශ්වාස කරන්නන් ගලවා ගන්නාවූ ඔබ

  • අසාධ්‍ය වනු කුෂ්ටවූ ජෝබ් යන අයට ආරෝග්‍ය දෙවා වදාළාවූ ඔබ

  • අඬන්නත් හා ප්‍රාර්ථනා කොට සිටිය ඉසකියස් යන අයගේ ව්‍යාදිය නිවාරණය කළාවූ ඔබ

  • සාරා කියන ස්ත්‍රී ආවේස කළ යක්ෂයා දුරු කළාවූ ඔබ

  • තෝබියස් යන අයගේ ඇස් පහදා දුන්නාවූ ඔබ

  • කනානිය ස්ත්‍රී දුවනියන් වෙනුවට කළ ප්‍රාර්ථනාව අසා වදාළාවූ ඔබ

  • එකුන්තිස් අවුරුදු ලෙඩවූ ස්ත්‍රියකට නිර්දේෂ ආරෝග්‍ය දෙවා වදාළාවූ ඔබ

  • උණෙන් මරණසන්නව සිටිය කුමාරයා සුව කළාවූ ඔබ

  • සේවානායකයාගේ දාසයාට වාක්‍යය පමණකින් සුව දුන්නාවූ ඔබ

  • තිමිර වායුකාරයිනුත් කුෂ්ට රෝගියනුත් සුවකළාවූ ඔබ

  • යක්ෂාවේසවුන් නිවාරණය කළාවූ ඔබ

  • ඔබගේ වස්ත්‍රාභරණ වාටියට අතපෙව් ලේමාලේ ස්ත්‍රිය සුව කළාවූ ඔබ

  • බිහිරන්ට කන්දුන්නාවූ ඔබ

  • කොරුන්ට අතපය දුන්නාවූ ඔබ

  • ගොළුවන්ට දිවදුන්නාවූ ඔබ

  • කනුන්ට ඇස් දුන්නාවූ ඔබ

  • සියළු රෝදුක් ශ්‍රී හස්ත නියාසයෙන් සුව කළාවූ ඔබ

  • අපේ බැරිකම් සියල්ල ඉවසාගන්නාවූ ඔබ

  • කනවැන්දුම් ස්ත්‍රියකුගේ මළ දරුවා ජීවත් කර දුන්නාවූ ඔබ

  • ජුදයින්ගේ ගුරු ශ්‍රේෂ්ඨයෙකුගේ දුවනියකුට ප්‍රාණය දුන්නාවූ ඔබ

  • ලාසරුස් කියන අය නැසි සතර දවසකට පසු ඔහුගේ මළකඳ ඉපැද්දුවා වූ ඔබ

  • ව්‍යාධිකාරයින්ගේ දුක් බලන්ටත් බැලු අයට මෝක්ෂය දෙන්ටත් පණිවිඩ කළාවූ ඔබ

  • පේදුරු අපෝස්තුළු තුමන්ගේ ඡායාවෙන් බොහෝ ලෙඩුන් සුව කෙරෙව්වා වූ ඔබ

  • පාවුළු අපෝස්තුළු තුමන්ගේ පිස්නාකඩයෙන් බොහෝ ලෙඩුන් ගුණ කෙරෙව්වා වූ ඔබ

  • එබිසෙවුගේ අෂ්ටිවලින් මළ අය උප්පාද කළාවූ ඔබ

  • අපගේ පිහිටාධාරයවූ දෙවියනි

  • අප ලංකාර ගලවන්නාවූ දෙවියනි

  • අපේ පිටුවහල් හා ගොඩයාමවූ දෙවියනි

  • අපේ වික්‍රමය හා ක්ෂාන්තියවූ දෙවියනි

  • අපේ නිදහස් වීම හා ආරක්ෂාව වන දෙවියනි

  • ප්‍රසන්නව - අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව

  • ප්‍රසන්නව - අප රක්ෂා කළ මැනව ස්වාමි
  • සියළු නපුරෙන් - අප ගලවා ගත මැනව ස්වාමි

  • සියළු පාපයෙන්

  • සියළු රෝග ව්‍යාධියෙන්

  • සියලු ගණහීන බෙලහිනයෙන්

  • සියළු වසංගත රෝගයෙන්

  • යක්ෂයාගේ සදිවන මායමින්

  • මරණ අන්තරාවලින්

  • ආසන්න වදයෙන්

  • සදි මරණයෙන්

  • අනවර්ත හිංසාවලින්

  • ඔබ වහන්සේ වින්ද දුක් පරීක්ෂාවල් බලා

  • ඔබගේ කඳුලුත් උපද්‍රවලුත් බලා

  • ඔබගේ ගැහිනි ගාවිනාවල් බලා

  • ඔබගේ කාංසාවලුත් ශික්ෂාවලුත් බලා

  • ඔබගේ අකම්පාවල් හා දුක් ආධ්‍යාසවල් බලා

  • ඔබගේ ක්ෂුධාව හා පිපාසය බලා

  • ඔබගේ මරණ සෝකය හා ලේ ඩහදිය බලා

  • ඔබගේ වන්දන ශ්‍රී යුක්ත වනවල් බලා

  • ඔබගේ අමිලවූ ලේ ධාරාවල් බලා

  • ඔබගේ කුරුසේ හා දුක් ප්‍රාප්තිය බලා

  • ඔබගේ මරණය හා තැන්පත් වීම බලා

  • ඔබගේ මහිමාලංකාර උත්ගතවීම බලා

  • ඔබගේ ඓශ්චර්යමත් වූ අහස් නැගීම බලා

  • නඩු තීන්දු දිනේදි
(ඔබට කරන යාච්ඤා අසා වදාළ මැනව ස්වාමි)
  • පවුකාරවූ අප

  • අපේ පාපවල් ක්ෂමාවෙන පිණිස

  • අපට පාපවීමෝචනය සලස්වා වදාරණ පිණිස

  • අපට සැබෑ පශ්චාත්තාපවීමට ඉඩ දෙවා වදාරණ පිණිස

  • සිතෙහි මනස්ථාපය හා ඇසේහි කඳුළු හුලක් දෙවා වදාරණ පිණිස

  • අපට කරුණා බැල්ම හා සැනසීම දෙවා වදාරණ පිණිස

  • ප්‍රාණය හා ශරීරයටත් ආරෝග්‍ය දෙවා වදාරණ පිණිස

  • සියළු පාපවලට ක්ෂමාව හා විමෝචනය සලස්වා වදාරණ පිණිස

  • ස්ප්‍රීතු සාන්තු ප්‍රසාදය හා අභිවෘද්ධි ලැබෙන්ට කරුණා කරන පිණිස

  • ක්‍රිස්තියානිවරුන්ට යුක්තවූ සැබෑ ඉවසීම දෙවා වදාරණ පිණිස

  • සියලු උපද්‍රවලෙහි අපට පිහිටවීම වදාරණ පිණිස

  • මරණාසන්න අවස්තාවෙහි යක්ෂයා කරන සියළුම රැවටිලි උපායවලින් අප ගලවා වදාරණ පිණිස

  • ඔබගේ කරුණා ප්‍රසාද ඇතුව නහින්ටත් නහිනතුරු සත්‍යය අත් නොහැර සිටින්ටත් වරම් දෙවා වදාරණ පිණිස

  • අපේ අන්තිම ක්‍රියාවලට ආශිර්වාද දී ශුද්ධකර වදාරණ පිණිස

  • අපේ ප්‍රාණවල් ඔබගේ ශ්‍රී හස්තවලෙහි ගෙන්වා වදාරණ පිණිස

  • අපේ ප්‍රාණ උකුත්වුනු ඉක්බිති පරලොව දොරකඩින් අප විසින් සතුටින් ඇතුල්වෙන්ට කරුණාකර වදාරණ පිණිස

  • අපේ සියළු කන්නලව්වලට දයා පා වදාරණ පිණිස

  • දේව පුත්‍රයිනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ස්වාමිනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව

  • අපේ හඩශබ්දය ඔබගේ කරුණාවට හේතු කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වේශ්වරවූ දෙවියනි ඔබ වහන්සේගේ ශ්‍රී කුමාරයාගේ ඉවසීමෙන් යක්ෂයාගේ උඩගුව මට්ටු කළ සේක් වේද උන්වහන්සේ අප නිසා වින්ද දුක් වේදනා අප විසින් බලා වන්දනා නමස්කාර කර අපට යෙදෙන්නාවූ සියලු දුක් සුභ සිතින් ඉවසන්නට වරම් දෙවා වදාරණවා සොඳේ. ඔබගේ අභිප්‍රාව සැටියට අපේ කල්යැවීමෙහි දවස් පැය වේලාවල් ඔබ ගනන් ගන්නා හෙයින් බැගැපත් වීමෙන් ඔබට යාච්ඤා කරන්නන්ගේ කන්නලව්ව අසා වදාල මැනව. තවද මේ පීඩා ව්‍යාදි දුක් සියල්ල නිවාර්ණවී නිත්‍යා ස්තූති වාක්‍යයෙන් ඔබට වන්දනා නමස්කාරය යෙදේවා. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්