යහපත් අනුශාසනාදායක මාතාවන්ගේ ප්‍රාර්ථනාව

යහපත් අනුශාසනාදායක මාතාවන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අපට දයා කළ මැනව)
  • පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි

  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි

  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි

  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි

  • ශුද්ධ වූ මරියනි

  • කන්‍යාවන්ගේ අති ශුද්ධ වූ කන්‍යාවෙනි

  • යහපත් අනුශාසනා දායකවූ මාතාවෙනි

  • ස්වර්ගික පියාණන් වහන්සේගේ දුහිතෘනි

  • දේව පුත්‍රයාණන්ගේ මාතාවෙනි

  • ස්ප්‍රිතු සාන්තු තුමන්ගේ ප්‍රිය කාන්තාවෙනි

  • අති ශුද්ධ වූ ත්‍රිත්වයේ මන්දිරයෙනි

  • අපේ ස්වර්ගික කුමාරිකාවෙනි

  • දේව වරප්‍රසාද දානය කරන උත්තමාවෙනි

  • පරමණ්ඩල වාසලෙනි

  • සුරදූතයින්ගේ රාජේශ්වරිනි

  • ආදිපිතෘවරුන්ගේ ගෞරවයෙනි

  • දිවස්ප්‍රසාදින්ගේ මහිම තේජසෙනි

  • අපෝස්තුළුවරුන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • ප්‍රාණ පරිත්‍යාගින්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • උච්චාරණවාදීන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • කන්‍යාවන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • සකල ශුද්ධවන්තයන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • වික්ෂිප්තයින්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • වැන්දඹුවන්ගේත්, අනාථ දරුවන්ගේත් අනුශාසනාදායක මාතාවෙනි

  • රෝගීන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • දුඃඛිතයින්ගේත්, සිරගතවී සිටින්නන්ගේත් අනුශාසනාදායක මාතාවෙනි

  • කිසි ආධාරයක් නැත්තන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • දිළිඳුන්ගේ අනුශාසනාදායක මාතාවෙනි

  • සකල උපද්‍රවයන්හි අනුශාසනාදායක මාතාවෙනි

  • මරණාසන්නවූවන්ගේ අනුශාසනාදායක මාතාවෙනි
(යහපත් අනුශාසනාව අපට දානය කළ මැනව)
  • අපේ සියලු කටයුතුවලදීත්, උවමනාවලදීත්

  • අපේ සියලු දුක්වේදනාවලදීත් විපත්තිවලදීත්

  • අපේ සියලු අන්තරාවලදීත්, අහේතුවලදීත්

  • අපේ සියලු කෘත්‍යයන්හිත් කාරණාවලදීත්

  • අපේ සියලු අමාරුකම්වලදීත් වද වේදනාවලදීත්

  • අපේ සියලු දුක් කණගාටුවලදීත්

  • අපේ සියලු සාංකා සහ සිත් කැළඹීම්වලදී

  • අපේ ආත්ම ගැළවීම නමැති උතුම් කාරණාවේදී

  • අපේ සියලු ලෙඩ දුක්වලදී සහ දුර්වලකම්වලදී

  • යක්ෂයාගේ සියලු පරීක්ෂාවලදීත් සදිකම්වලදීත් අපේ මරණවේලෙහිත්

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුකාරයන් වන පිණිස
  • උත්තරය - යහපත් අනුශාසනාදායකවූ මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ ඔබගේ දිව්‍ය පුත්‍රයාණන්ගේ මාතාවන්ගේ ආශ්චර්යමත් ප්‍රතිමාව මිථ්‍යාදෘෂ්ටින්ගේ හස්තවලට අසුනොවී ආරක්ෂාකොට සුරදූතයින්ගේ හස්තවලින් විශ්වාසකයින්ගේ දේශයට ගෙනගියාවූ ද සියලු යහපත් කාරණාවන්හි පුදුමාකාර අනුශාසනා දායකයාණන් වූ සදාකාලයෙහි ජීවත් වෙමින් රජකම් කරන්නා වූ ද දෙවියනි. මෙවැනි ත්‍යාගිවන්ත දීමනාවේ උතුම්කම අවංක ලෙස ප්‍රශංසා කරන්නා වූ අපි අති ශුද්ධ වූ කන්‍යාමරිය මාතාවහන්සේගේ ප්‍රයෝජනවත් අනුශාසනා සහ පින් හේතු කරණ කොටගෙන අපේ ස්වර්ගික දේශයට සතුටු සිතින් පැමිණෙන ලෙස අපට කරුණා දයා බැල්ම ලා වදාළ මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම අපට ලැබේවා - ආමෙන්