මළවුන් වෙනුවට ප්‍රාර්ථනාව
මළවුන් වෙනුවට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි ඔවුනගේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධවූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්නියනි
- ශුද්ධවූ මිඛායෙල් තුමෙනි
- ශුද්ධවූ සියලු දේව දූත වරුනි
- මෝක්ෂ සම්පන්න ශුද්ධවූ සියලු සුරතාවයන්ගේ පන්ති සියල්ලෙනි
- ස්නාවක ජුවාම් තුමෙනි
- ශුද්ධවූ ජුසේ තුමෙනි
- ශුද්ධවූ සියලු ආදි පිතුරුවරුන් හා දිවස්ප්‍රසාදි වරුනි
- ශුද්ධවූ පේදුරු තුමෙනි
- ශුද්ධවූ පාවුළු තුමෙනි
- ශුද්ධවූ ජුවාම් තුමෙනි
- ශුද්ධවූ සියලු අපෝස්තුළුවරුන් හා සුවිශේෂක වරුනි
- ශුද්ධවූ ස්තේවන් තුමෙනි
- ශුද්ධවූ ලෞරෙන්ති තුමෙනි
- ශුද්ධවූ සියලු ප්‍රාණ පරිත්‍යාගි වරුනි
- ශුද්ධවූ ග්‍රිගෝරි තුමෙනි
- ශුද්ධවූ අම්බ්‍රෝසි තුමෙනි
- ශුද්ධවූ අගුස්තිනු තුමෙනි
- ශුද්ධවූ ජෙරමි තුමෙනි
- ශුද්ධවූ සියලු රාජගුරු ප්‍රසාදිවරුන් හා වන්දනා වාදිවරුනි
- ශුද්ධවූ සියලු ආගම් පණ්ඩිත වරුනි
- ශුද්ධවූ සියලු පූජාප්‍රසාදිවරු හා තේවාචාරි වරුනි
- ශුද්ධවූ සියලු තපස්වරයන් හා ආරණ්‍ය වාසියෙනි
- ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරියනි
- ශුද්ධවූ කතරිනා මුනිශ්වරියනි
- ශුද්ධවූ බාර්බරා මුනිශ්වරියනි
- ශුද්ධවූ සියලු කන්‍යාවන් හා වැන්දඹුවනි
- දෙවියන්ගේ සියලු ශුද්ධ වන්තයන් හා ශුද්ධවන්තියෙනි
- ප්‍රසන්නව - ඔවුනගේ පව් ක්ෂමා කළ මැනව
- ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව ස්වාමි
- සියලු නපුරෙන්
- ඔබගේ උදහසෙන්
- ඔබගේ නීතියෙහි අමාරුකමින්
- යක්ෂයාගේ බලයෙන්
- සිත් හාරන කෘමියාගෙන්
- නිත්‍ය කාංසාවෙන්
- කඨුර වූ ගිනි ජවාල වලින්
- ඉවසීම නොහැකි සීතලෙන්
- භයංකර ඇඬුම් විලාපයෙන්
- ඔබගේ ආශ්චර්යවත් මාංශගතවීම බලා
- ඔබගේ ශුද්ධවූ ඉපදීම බලා
- ඔබගේ අති මධුර ඉපදීම බලා
- ඔබගේ බෞතිස්ම ස්නාපනය හා නිරාහාර ශීලය බලා
- ඔබගේ අති ගැඹුරු වූ බැහැපත් වීම බලා
- ඔබගේ යුහුසුලු කීකරු වීම බලා
- ඔබගේ අප්‍රමාණ දයා ප්‍රේමය බලා
- ඔබගේ චිත්ත ශෝක වේදනාව බලා
- ඔබගේ රුධිරය හා ඩහදිය බලා
- ඔබගේ සිරගත වීම බලා
- ඔබගේ කස පහර විදීම බලා
- ඔබගේ කටු ඔටුන්න පැළදීම බලා
- ඔබගේ කුරුසිය උසුලා ගෙන යාම බලා
- ඔබගේ කඨුර වූ මරණය බලා
- ඔබගේ ශුද්ධවූ වණ කැළැල් බලා
- ඔබගේ කුරුසිය හා අති උග්‍ර දුඃඛ ප්‍රාප්තිය බලා
- ඔබගේ ශ්‍රී හරිත උත්ථානය බලා
- ඔබගේ විශ්මිත වූ අහස් නැගීම බලා
- සැනසිලි දායක ශුද්ධාත්ම ආගතය බලා
- නඩු තීන්දු දිනේදී
- පවුකාර වූ අප
- මරිය මග්දලේනාගේ පවු ක්ෂමා කොට දකුණේ හුන් සොරාගේ ප්‍රාර්ථනාව ඇසුවා වූ ඔබ
- පෙර නිර්මිතයෙන් උපකාර වශයෙන් ගලවන්නාවූ ඔබ
- මරණයෙහි හා අපායෙහි යතුරු ඇති ඔබ
- අපේ මවුපිය නෑ සහෝදරයන් හා ආධාරකරුවන් නිරාදුකින් ගලවා වදාරණ පිණිස
- මෙලොවෙහි කිසි පිහිටක් නැති ආත්මවලට කරුණා කර වදාරණ පිණිස
- මෙකී සෑම පව් වලට දඬුවමුත් සමාවත් දෙවා වදාරණ පිණිස
- ඔවුන්ගේ අදහස් සම්පූර්ණ කර වදාරණ පිණිස
- මෝක්ෂ වාසින්ගේ සමුහයට ඔවුන් එක්කර වදාරණ පිණිස
- භයංකර මහිමතාව ඇති රජාණෙනි
- දෙවියන්ගේ පුත්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ස්වාමිනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාල මැනව
යාච්ඤා කරම්භ ස්වාමිදරුවනි, ඔබගේ දැසි දස් අයගේ ආත්ම වලට අනන්ත දයාබර කම් පෑව මැනව. ඔවුන් විශ්වාසව අදහස් කර සිටිය දේ ඔවුන්ට සැමකල් සඵල වේවා. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්