මරුදමඩු ශුද්ධවූ ජපමාල දේව මාතාවහන්සේට ප්‍රාර්ථනාව
මරුදමඩු ශුද්ධවූ ජපමාල දේව මාතාවහන්සේට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- සාන්ත වූ මරියනි
- සාන්ත වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ශුද්ධ වූ ජපමාල මාතාවෙනි
- මරදමඩු නම් ශුද්ධ වූ වන්දනා ස්ථානය ඔබගේ වාසස්ථානය කර ගත්තා වූ ජපමාල මාතාවෙනි
- කොටි වලසුන් වාසය කරන වනාන්තරයෙහි දර්ශනය වී දයා වර්ෂා වස් වන්නා වූ ජපමාල මාතාවෙනි
- විශ්වාසයෙන් ලඟාවෙන්නන් හැමකල් නිසැකව ආරක්ෂා කරන්නාවූ ජපමාල මාතාවෙනි
- මේ මන්දිරයට වන්දනාව පිණිස වෙහෙස මහන්සි දරා පැමිණි සියල්ලන්ට ගිමන් හැරීමට සිසිල් සෙවන කරන්නා වූ ජපමාල මාතාවෙනි
- මෙම මරුද මඩු වන්දනා ස්ථානය ගැන කල්පනා කරන විට සන්තෝෂයද, එහි නැවතීමට ප්‍රීතියද උපදවමින් වැඩ සිටින්නා වූ ජපමාල මාතාවෙනි
- වන්නි වනාන්තරයෙහි වැඩ සිට වැදූ මවක් මෙන් ගැත්තන්ට අනුකම්පා කරන්නා වූ ජපමාල මාතාවෙනි
- යක්ෂ බන්ධනයෙන් ආතුරව සිටින්නන් සුව කිරීමෙන් අශ්චර්ය පාන්නා වූ ජපමාල මාතාවෙනි
- බිහිරන්ට ඇසීමද, ගොළුවන්ට කථාවද, අන්ධයන්ට පෙනීමද දීමෙන් ප්‍රාතිහාර්ය සිදු කරන්නා වූ ජපමාල මාතාවෙනි
- සියලු ලෙඩදුක් දුරුකර වදාරන්නා වූ ජපමාල මාතාවෙනි
- අඬා වැලපෙන්නන් ආදරයෙන් වැළදගන්නා වූ ජපමාල මාතාවෙනි
- ඔබගේ සරණය කරා දිව එන්නන්ට කරුණා කරමින් වැඩ සිටින්නා වූ ජපමාල මාතාවෙනි
- ජම්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳ ගත් කන්‍යාව වූ ජපමාල මාතාවෙනි
- පරලෝක භූවිලෝක රාජේශ්වරිය වූ ජපමාල මාතාවෙනි
- අපේ හෘදයේ ආනන්දය වන ජපමාල මාතාවෙනි
- අපට සොයාගත නොහැකි වස්තුව හා සැනසීමද සහනය සහ ආරක්ෂාවද වන ජපමාල මාතාවෙනි
- අපේ ආත්ම ගැලවීමේ ඇපය වන ජපමාල මාතාවෙනි
- අපට සුරලොවට නැගී යාමට සුදුසු ඉනිමග වන ජපමාල මාතාවෙනි
- අප මෝක්ෂයට ඇදගනු පිණිස ජපමාලය නමැති ශුද්ධ වූ දාමය සුර ලොවින් නරලොවට එවා වදාළා වූ ජපමාල මාතාවෙනි
- භූලෝකයට ඉසුරු ගෙනදෙන සුගති උද්‍යානය වූ ජපමාල මාතාවෙනි
- අපේ මුළු බලාපොරොත්තුවත්, ආධාරයත් වන ජපමාල මාතාවෙනි
- අප වෙත ඔබේ කරුණා නේත්‍ර හෙලන මෙන් ඔබ ඉදිරියේ වැද වැටී ඔබට යාච්ඤා කරමු
- අපේ යාච්ඤා කරුණාවෙන් පිළිගන්න මෙන් මෑණියනි ඔබට අයැද සිටිමු
- ඔබ ඉදිරියට පැමිණෙන අපේ ඇඬුම් විලාප වලට ඇහුම්කම් දෙන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අසරණකමින් පෙළි ලෙඩින් පීඩිතව සිටින අපට අනුකම්පා කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අප ඔබ ඉදිරියෙහි කරන අයදුම් සියල්ල නොවරදවා ලැබෙන්ට සලස්වන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අප පාප මාර්ගය හැර ඔබගේ ශ්‍රී කුමාරයාට ප්‍රසන්න වන ලෙස පිරිසිදුකමින් දවස් අරින්නට සලස්වන මෙන් මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ඔබගේ මේ ශුද්ධවූ වන්දනා ස්ථානයට බොහෝ වෙහෙස මහන්සි විඳ පැමිණියා වූ මගීන් එකිනෙකා කෙරෙහි අනුකම්පා කොට ඔවුන්ගේ අයදුම් සියල්ල ඉෂ්ටකර දෙන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- ඔබගේ මේ වන්දනා ස්ථානයට කිසි ලෙඩක් දුකක් ලඟා නොවී මගීන් සියලු දෙනා සුවසේ ආරක්ෂා කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- ඔබ වැඩ සිටින මේ වන්දනා ස්ථානයේ අලංකාරය වැඩි කරන මෙන්ද, මෙහි රැස්වී සිටින සියලු ජාති මනුෂ්‍යයන් ආත්මි ශාරීරික උපකාර ලබා ප්‍රීතියෙන් පසු වෙන්ට සලස්වන මෙන්ද මෑණියනි ඔබට යාච්ඤා කරමු
- ඔබගේ ප්‍රියදර්ශනය සොයා ආවාවූ අන්‍යාග මිකාරයන්ගේ අයදුම් ඉෂ්ටවී, ඔවුන්ටත් සත්‍යාගමේ ඥානාලෝකය දකින්නට සලස්වන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- සාගත, යුද්ධ, වසංගත, උණරෝග ආදියෙන් අප ආරක්ෂා කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- සැපදායක වර්ෂා වසින්ටද රට සශ්‍රීක වෙන්ටද කරුණාවෙන් සලස්වන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අඥාන ඇදහිලි හා වේදභේද නැතිවී ගොස් සත්‍යාගම දියුණු වී මුදුන් පැමිණෙන්නට සලස්වන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අප ශුද්ධෝත්තම පාප් වහන්සේ ආශිර්වාද කොට ආරක්ෂා කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අප රාජගුරු ප්‍රසාදින් වහන්සේලා ආශිර්වාද කොට ශරීර සනිපයෙන් රක්ෂා කොට උන්වහන්සේලාගේ යහපත් අදහස් කරුණාවෙන් ඉෂ්ට කර දෙන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- ඔබ ආරක්ෂාව යටතේ මෙහෙකරන අප පූජාප්‍රසාදි තුමන්ලාට ආශිර්වාද කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අප තපස්වරයන්ගේද, කන්‍යා සොයුරියන්ගේද සේවාවන් දිව්‍ය උනන්දුවකින් පූර්ණකර බබළවන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අප පාඨශාලා ගුරුවර ගුරුවරියන් සැබෑ කතෝලික ගුරුවර ගුරුවරියන් මෙන් බබළන්නට සලස්වන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- ඔබ මධුර සම්මුඛයෙහි වැද වැටී යාච්ඤා කරන අප සියල්ලනට ආශිර්වාද කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- අපට හා අපේ පවුල්වලටද, අපේ ගව මහීෂ බඩු භාණ්ඩ වලටද ආශිර්වාද කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- මෙහි සිටින මගීන් කෙරෙහි ඔබගේ සරණයෙන් ප්‍රසාදයත් දයාවත් කිසි කලක අහක් නොවී මරණය දක්වා ස්ථිරව පවතින්නට සලස්වන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- සත්‍යාගමයෙහි ශ්‍රද්ධාවත්ව අප කල් හැර, ශුභ මරණයක් ලැබ, මෝක්ෂ රාජ්‍යයට ප්‍රවිෂ්ඨවී ඔබ ශ්‍රී කුමාරයා අභිමුඛයෙහි සදාකාල ප්‍රීතිය අනුභව කිරීමට කරුණා කරන මෙන් මෑණියනි ඔබට යාච්ඤා කරමු
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුකාරයන් වෙන පිණිස
- උත්තරය - අති ශුද්ධ වූ ජපමාල මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්ව දයාබර ස්වාමිනි, ශුද්ධ වූ ජපමාල මෑණියන් කෙරෙහි භක්ත්‍යාචාරයෙන් යුක්තව උන් වහන්සේගේ පිහිට ඉල්ලමින් වැඳවැටී සිටින මඟීන් වන අපට කරුණා කර වදාරණ මෙන් යාච්ඤා කරමු. මෙකීදේ අපේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු තුමන් උදෙසාම අපට ලැබේවා - ආමෙන්