භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතොත්තමයන් ස්තූතිකරන්ටත් යාච්ඤා කරන්ටත් ප්‍රාර්ථනාව
භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතොත්තමයන් ස්තූතිකරන්ටත් යාච්ඤා කරන්ටත් ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා කරුණාවෙන් අසා වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- ශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධවූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්නියනි
- ශුද්ධවූ මිකායෙල් අග්‍රදුතයෙනි
- ආදි ප්‍රධාන දේව උපායවලෙහි උපතවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- මහිමෝත්තම දේව උපතයයි නම් ලද්දාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- සකල දේවදූත අග්‍රදූතයින්ගේ අධික මහෝත්තමයා යයි ස්තූති ලබන භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- පූර්ව සෙනගටත් අභිනව සෙනගටත් හිමිවූ රැකවල් දූතයා වන භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- පූර්ව සෙනග වන ඊශ්‍රායෙල් ජනයින්ගේ ගැලවීමට කටු පඳුරෙහි දෙවියන් වෙනුවෙන් පෙනුණාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- එජිප්ත රටේ ගැතිකමින් ඊශ්‍රායෙල් ජනයන් ගලවා ගන්ට එවුවාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- එජිප්තු රට වාසින්ගේ කුළුඳුල් පුත්‍රයින් මරා ඊශ්‍රායෙල් ජනයින් ගලවා ගත්තාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- සිනායි කන්දෙදි දෙවියන් වෙනුවෙන් දේවාගම දුන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- දෙවියන් වෙනුවෙන් කථාකර මොයිසෙස් මුනිඳුන්ට දේව දර්ශන දුන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- පොරොන්දු දේශයට ඊශ්‍රායෙල් ජනයින් ප්‍රවිශ්ට කළාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- සේනකෙරිබිගේ යුද්ධයෙහි එකසිය අසූපස් දහසක් සේවකයින් නසා ජුදය රාජ්‍යය රක්ෂාකළාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- හබකුක් දිවස් ප්‍රසාදියන් ඉසකෙස්වලින් උස්සා බබ්ලෝනිය දේසයට ගෙන ගියාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- අහිතව සෙනග යන ශ්‍රී සභාව අධික කාංසාවෙන් රැක බලන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- නිර දොරටුවල් ඊට ඉස්මතු නොවන ලෙස රැක බලන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- පාප අඳුරෙන් මෙම දේවාල නොවැසෙන ලෙස රැක බලන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- පූර්ව රැවටිලිවලින් අපගේ මේ දිව්‍ය කප්පර නොගී ලෙන ලෙස රැක බලන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- සියලු ක්‍රිස්තියානි සෙනගට උතුම් සත්කාරවල් කරන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- සකල දූත අග්‍රදූතයන්ගෙන් අධික ආචාර අනුචාර කරන ලද්දාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- සකල ධර්මාත්මයින් දේව සම්මුඛයෙහි ඔප්පු කරන්නාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- ලුසිපර් ආදිවූ සකල යම දූතයන් නිරයේ හෙළු භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- මෙම දේව සංග්‍රාමයෙහි සියලු දේව දූතයින්ට සේනාපති වූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- දේව මාන ආලය උදෙසා අධික පරාක්‍රමය පෙන්නුවාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- දේව ජයස්තුතියට අධික වාසනා ලද්දාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- දේව මනුෂ්‍යයා වන ක්‍රිස්තු ස්වාමිදරුවන් සියල්ලන් විසින්ම අනුවාරකරන්නට ඕනෑය කියා පෙන්නුවාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- අති සුව සුන්දර ස්වභ ලක්ෂණ ලබන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- අති දේව ප්‍රසාද සම්පූර්ණයෙන් ලබන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- අති ප්‍රත්‍යක්ෂව දේව ශ්‍රී මුහුණ දර්ශන ලබන්ට වාසනා ලද්දාවූ භාග්‍යවන්ත මිකායෙල් අග්‍රදුතයෙනි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන ලෙස
- උත්තරය - ශුද්ධවූ මිකායෙල් අග්‍රදූතයෙනි, අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වවල්වභවූ නිරතුරු දෙවියනි ඔබ වහන්සේ ඔබගේ දුතාදි දූතයින්ගෙන් මනුෂ්‍යයින්ගෙන් ශ්‍රවණයට ආශ්චර් ක්‍රමයෙන් ආඥාකොට ශුද්ධවූ මිකායෙල් අග්‍රදූතයා ගැන අධික වල්ලභවූ ක්‍රියාවල් සිද්ධකරන්නට අභිප්‍රාවුනාවේද එවැනි අග්‍රදූත මිකායෙල් ආදිවූ පරලෝකයෙහි ඔබට මෙහෙකරමින් සිටින සියලු දුතාති දූතයන් විසින් භූලෝකයෙහි අපේ ජීවිතය ධර්මයෙහි ස්ථිරකොට පවතින සැටියට කරුණා කළ මැනවයි ඔබට යාච්ඤා කරමු. මේ කීදේ ඔබගේ පුත්‍රවූ අපගේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්