බිළිඳුන් මැරුන විට කියන ප්‍රාර්ථනාව

බිළිඳුන් මැරුන විට කියන ප්‍රාර්ථනාව
 
      • දෙවියන්ගේ ශුද්ධවන්තයිනි උදව් ප්‍රසන්නකොට වැඩිය මැනව

      • දේව දූතවරුනි ඉදිරියට වැඩිය මැනව

      • මේ බිළිදාගේ ආත්මය දේව සම්මුඛයෙහි ඔප්පු කළමැනව

      • ක්‍රිස්තුස් ස්වාමි දරුවන් කැඳවාගත් මේ බිළිදා උන්වහන්සේට බාර දුන මැනව

      • දේව දූතයෝ මේ බිළිඳාගේ ආත්මය ආබ්‍රහම් වෙතට ගෙන හරි

      • ස්වාමිනි නිත්‍ය සැතපීම මේ බිළිඳාට දෙවා වදාරණවා සොදේ

      • නිත්‍යා ලෝකය ඔහුපිට බැබලේවා

      • සුරදූතයෝ මේ ආත්මය භාරගෙන දේව සම්මුඛයට භාර කරත්වා

      • ස්වාමිනි කරුණා කළ මැනව

      • ක්‍රිස්තුනි කරුණා කළ මැනව

      • ස්වාමිනි කරුණා කළ මැනව

      • ස්වාමිනි අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව

      • අපේ හඬ ශබ්දය ඔබ වෙතෙහි පැමිණෙත්වා

      • ස්වාමිනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව

      • අපේ හඬ ශබ්දය ඔබගේ කරුණාවට හේතු වුව මැනව

 

යාච්ඤා කරම්භ සර්ව වල්ලභවූ දෙවියනි සකල ශුද්ධ පවිත්‍ර කමට කරුණා ප්‍රසන්න ඇත්තාවූ ඔබ වහන්සේ මේ බිළිඳා ගේ ආත්ම දිව්‍ය රාජ්‍යයට අද කරුණා දයාවෙන් කැඳවාගන්ට අභිප්‍රා වූ සේක්ද? එබැවින් අප විසින් නිර්දේෂයෙන් දවස් කර ඔබගේ ශ්‍රී කුමාරයාගේ දුක්ෂය හා මරණයේ යාගයේ පින්හේතුවෙනුත් මෝක්ෂ සම්පන්න නිත්‍ය කන්‍යමරිය ආදි සියලු මෝක්ෂ වාසිවරුන්ගේ යාච්ඤාවෙනුත් ඔබ වහන්සේ තෝරාගත් සකල ශුද්ධවන්තයන් සමග මෝක්ෂ රාජ්‍යයෙහිම ආනන්ද සන්තෝෂවෙන සැටියට කරුණා කර වදාළ මැනව අනන්ත කාලයේ සිට වැඩ සිටිමින් ආණ්ඩුකරන ඔබ වහන්සේ මේ යාච්ඤා අසා වදාළ මැනව - ආමෙන්‍ෙ