පිරිසිදු දේව මාතාවහන්සේගේ ශ්‍රී හෘදයට ප්‍රාර්ථනාව
පිරිසිදු දේව මාතාවහන්සේගේ ශ්‍රී හෘදයට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- සකල ශුඬවන්ත භාවයේ පිතාවන දෙවියනි....
- ස්වයම්භූ ශුඬවන්ත භාවය වූ පුත්‍රවන දෙවියනි
- ශුඬවන්තභාවය දානය කරන්නා වූ ස්ප්‍රිතු සාන්තු වන දෙවියනි
- සුපරිශුඬ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- නිර්මල වූ ශුඬවූ මරියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ජම්ම පාපයෙන් නිර්දෝෂව උපන් ශුද්ධ වූ මරිය මාතාවන්ගේ පිරිසිදු ශ්‍රී හෘදයෙනි
- ස්වල්ප පාප කිලුටක්වත් නැතිව සැමකල් රක්ෂා වුණාවූ පිරිසිදු ශ්‍රී හෘදයෙනි
- ප්‍රිය ප්‍රසාදයෙන් පූර්ණවූ ශ්‍රී හෘදයෙනි
- ඔබ වහන්සේ වෙතෙහි පිරුණ වරප්‍රසාද මනුෂ්‍යයින් වෙත වස්වන්නා වූ ශ්‍රී හෘදයෙනි
- පිතාවන දෙවියන් වහන්සේට හෘදය ආනන්දය වූ ශ්‍රී හෘදයෙනි
- මාංශගතව උද්දීප්ත වූ දේව වාක්‍යයට ප්‍රිය වාසය වූ ශ්‍රී හෘදයෙනි
- දේව ප්‍රේමයෙන් ස්ප්‍රිතු සාන්තු සමග විශේෂ බන්ධනවූ ශ්‍රී හෘදයෙනි
- ආරාධනාවට නිමිත්ත වූ පරම ත්‍රිත්වයට යෝග්‍ය මන්දිරය වූ හෘදයෙනි
- අත්‍යන්තාලයෙන් යුක්ත යාච්ඤාවලින් ලෝක ගැළවීම කඩිනම් කළාවූ ශ්‍රී හෘදයෙනි
- අපේ ගැළවීම වන දිව්‍ය ශරීරය දීමට කාරණා වූ ශ්‍රී හෘදයෙනි
- අප වෙනුවට සිඳහෙලු රුධිරය දුන්නා වූ ශ්‍රී හෘදයෙනි
- දෙවියන් වහන්සේගේ හෘදයට ඒකාබද්ධ වූ ශ්‍රී හෘදයෙනි
- ජේසුස් ස්වාමි දරුවන්ගේ දිව්‍ය හෘදය සමග එක හෘදයක් මෙන් සිටියා වූ ශ්‍රී හෘදයෙනි
- එවැනි දිව්‍ය හෘදයේ සුකෘත ගුණ සියල්ල දක්වන නිර්මල කැඩපතක් උත්කෘෂ්ඨ ඡායාවත් වන්නා වූ ශ්‍රී හෘදයෙනි
- දේව ස්නේහයට සදාකල්හි ස්වාභා ක්‍රමයෙන් යටහත්ව සිටියා වූ ශ්‍රී හෘදයෙනි
- උතුම් වන්දනාවට නිමිත්ත වූ ශ්‍රී හෘදයෙනි
- අත්‍යන්ත පිරිසිදු දයා ප්‍රේමයට නිමිත්ත වූ ශ්‍රී හෘදයෙනි
- මහිම ප්‍රතාපයෙහි සිංහාසනය වූ ශ්‍රී හෘදයෙනි
- සැම තැනම ප්‍රශංසා කරනු ලබන්නට යෝග්‍යව සෑම තැන්හිම හරි වූ පරිද්දෙන් ප්‍රශංසා ලබන්නට නොහැකි වූ ශ්‍රී හෘදයෙනි
- සදාකල්ම ලෝක සැමතැන්හිම සකල විධ යහපත්කම් සලස්වා වැඩ සිටින්නා වූ ශ්‍රී හෘදයෙනි
- මේ කාලයේදී විශේෂ කොට ප්‍රමාණ නැති ආශ්චර්යමත් අද්භූතවල් කර වදාරන්නා වූ ශ්‍රී හෘදයෙනි
- සැමතැන්හිම සුකෘත සුගන්ධය විහිදු වන්නා වූ ශ්‍රී හෘදයෙනි
- සත්‍යාගමේ උපදේශකවරුන්ට දීපයක් වැනි වූ ශ්‍රී හෘදයෙනි
- යක්ෂයාව පරාජය කර ජය ගෙන දෙන්නා වූ ශ්‍රී හෘදයෙනි
- පව්කාරයින්ගේ සිත් හැරවීමට පිහිටක් වූ ශ්‍රී හෘදයෙනි
- පව් අත්හරින පාපිෂ්ඨයන් සියල්ලන්ටම අභයත් ආධාරයත් වූ ශ්‍රී හෘදයෙනි
- මිත්‍යාදෘෂ්ටි අන්ධකාරයට සත්‍යාගමේ සිසිල් රැස් විහිදුවන්නා වූ ශ්‍රී හෘදයෙනි
- පැමිණෙන්නා වූ පීඩා වලදී ආරෝග්‍ය වූ ශ්‍රී හෘදයෙනි
- හඬන්නන්ට සැනසීමක් වූ ශ්‍රී හෘදයෙනි
- වේදනාවලෙහි පිහිටවන්නා වූ ශ්‍රී හෘදයෙනි
- බෙලහීනයන්ට ධෛර්යක් වූ ශ්‍රී හෘදයෙනි
- දැඩි සිත් ඇත්තන්ගේ උනන්දුව වූ ශ්‍රී හෘදයෙනි
- මැරෙන අයට ජේසු ස්වාමිදරුවන්ට පසු ප්‍රදාන විශ්වාසයත්, ගැළවීමේ මූලත් වන්නා වූ ශ්‍රී හෘදයෙනි
- කාටත් කෘපදයාබරකම් පිරුණු ශ්‍රී හෘදයෙනි
- කවදාවත් නිෂ්ඵලයෙන් යාච්ඤා කළ නොහැකි වූ ශ්‍රී හෘදයෙනි
- පිරිසිදු සිතැත්තන් වෙත විශේෂ ප්‍රේම දක්වන්නා වූ ශ්‍රී හෘදයෙනි
- සකල විශ්වාසිකයන්ගේ ආධාරය වූ ශ්‍රී හෘදයෙනි
- ශුද්ධ සභාවට සමුර්ධියක් වූ ශ්‍රී හෘදයෙනි
- අධික බැහැපත් සාන්ත දාන්ත ගුණයෙන් ප්‍රකාශ වූ ශ්‍රී හෘදයෙනි
- පිරිසිදු කන්‍යා සුවඳ පද්මය පරනොවෙන්නා වූ ශ්‍රී හෘදයෙනි
- කෘපදයාවෙහි පිඨකය වූ ශ්‍රී හෘදයෙනි
- නොනිවෙන දයා ගිනි ප්වාලය වූ ශ්‍රී හෘදයෙනි
- දේව ප්‍රේමයට බිල්ලක් වූ ශ්‍රී හෘදයෙනි
- ලුහුඬක් නැති ධර්මමාර්ගය ලද්දා වූ ශ්‍රී හෘදයෙනි
- සකල ධර්මවලට උතුම් ආදෘශ්‍යය වූ ශ්‍රී හෘදයෙනි
- ශුද්ධවන්තකමේ පෝෂණය වූ ශ්‍රී හෘදයෙනි
- ජේසු ස්වාමිදරුවන් සමග කුරුසේ ඇණ ගැසුම් කෑවාවූ ශ්‍රී හෘදයෙනි
- අප වෙනුවට ඊතල හතකින් ඇනුම් කෑවා වූ ශ්‍රී හෘදයෙනි
- අප ගළවන්ට සැමවෙලේම උනන්දුව රැකවල්කර සිටින්නා වූ ශ්‍රී හෘදයෙනි
- අප වෙනුවට විවෘත කළ සුරලෝක වාසල වූ ශ්‍රී හෘදයෙනි
- ජේසුස් ස්වාමිදරුවන් වෙතට සේන්දුවන මාර්ගය වූ ශ්‍රී හෘදයෙනි
- දිව්‍ය ස්වාමින් වහන්සේ වෙත අපගේ මධ්‍යස්ථිවූ ශ්‍රී හෘදයෙනි
- සකල සුරතාවයන්ට හා සාන්තුවරයන්ටත් රාජේශ්වරිත්, ආනන්දයත් වූ ශ්‍රී හෘදයෙනි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අප හේතු වන්න වෙන ලෙස
- ප්‍රත්‍යුත්තරය - ශුද්ධ වූ දේව මාතාවෙනි අපි නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ පරම කර්තෘවන ජේසුස් ස්වාමිදරුවන්ගේ පිරිසිදු මාතාවෝද පරලෝක රාජේශ්වරිද භූවිලෝක ස්විමිදුව වූ ද ශුද්ධ වූ මරියනි ඔබ වහන්සේට යාච්ඤා කරන්නන්ගෙන් කොයි කෙනෙක්වත් අත්නොහරින කරුණා දයාබරිය ඔබ වහන්සේ නොවේද? ඔබගේ කරුණා නේත්‍ර අප වෙත යොමු කළ මැනව. ඔබගේ ශ්‍රී හෘදයේ පවිත්‍රභාවයත් ශෝභනාලංකාර මහිමයත් ප්‍රසාද ඵලත් සඳහා ස්තූති කරන අපි එහි උතුම් ධර්ම ක්‍රියාවල් දැක භාවනාකර ඔබවහන්සේගේ ප්‍රිය කුමාරයා වෙතින් පව් ක්ෂමාවත් කරුණා දයාවත් නිත්‍ය ජිවිතයත් ලබා ගන්නා ලෙස සැලැස්සුව මැනව. මෙකී යාච්ඤා සියල්ල සතතකල් ජීවත් ව රජකම් කරන සුරෙන්ද්‍ර වූ ඔබ වහන්සේගේ ප්‍රේමභරිත ජේසු තුමන්ගේ දිව්‍ය වත මඬල බලා අපට දෙවා වදාරණමෙන් ඔබ වහන්සේට යාච්ඤා කරමු