පිරිසිදු දේව මාතාවහන්සේගේ ශ්‍රී නාමයේ ප්‍රාර්ථනාව
පිරිසිදු දේව මාතාවහන්සේගේ ශ්‍රී නාමයේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- මරිය වහන්සේගේ කුමාර වූ ක්‍රිස්තුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව...
- මරිය වහන්සේගේ කුමාර වූ ක්‍රිස්තුනි
- අපේ ප්‍රාර්ථනා දයාවෙන් අසා වදාළ මැනව
- මරිය නමැති දියණියන් ඇත්තාවූ ස්වර්ගිය පියාණනි
- මරිය නමැති මෑණියන් ඇත්තා වූ සදාකාල වචනයෙනි
- මරිය නමැති ප්‍රිය කාන්තාවන් ඇත්තා වූ දේවාත්මයාණෙනි
- මරිය නමැති දාසිය ඇත්තාවූ දේව ත්‍රිත්වයෙනි
- ජීවමාන දෙවියන්ගේ මෑණියන් වූ මරියනි
- නිත්‍ය ආලෝකය වන දෙවියන්ගේ දියණියන් වූ මරියනි
- අපේ ආලෝකයවූ මරියනි
- අපේ සහෝදරිවූ මරියනි
- ජේසුස් තුමාගේ පුෂ්පය වූ මරියනි
- රාජවංශයට අයිති වූ මරියනි
- දෙවියන්ගේ පක්ෂප්‍රේමය වූ මරියනි
- නිර්මල කන්‍යාවන් වූ මරියනි
- සර්වාලකාරී වූ මරියනි
- අන්ධකාරයෙහි බබලන ආලෝකය වූ මරියනි
- අපගේ ඒකාන්ත විශ්‍රාමය වූ මරියනි
- දෙවියන්ගේ මන්දිරවූ මරියනි
- ස්වාමින් වහන්සේගේ ශුඬස්ථානය වූ මරියනි
- දිව්‍ය බිලිඳාණන් සිපවැලඳගත්තා වූ මරියනි
- සදාකාලික ප්‍රඥාව සමග වසන්නා වූ මරියනි
- දුඃඛ සාගරයවූ මරියනි
- ඔබගේ එකම කුමාරයාණන් සමග දුක් වේදනා වින්දාවූ මරියනි
- දරුණු තුවාලයකින් වේදනා වින්දාවූ මරියනි
- සකල විධ සැනසිලිවලින් පූර්ණවූ මරියනි
- දේව නීතියට අවනත වූ මරියනි
- ජේසු ස්වාමිදරුවන්ගේ කුරුසිය ලඟ සිටියා වූ මරියනි
- අපගේ ස්වාමිදු වූ මරියනි
- අපගේ රාජේශ්වරි වූ මරියනි
- තේජස්සම්පන්න රාජේශ්වරි වූ මරියනි
- ජයලත් සභාවේ තේජසවූ මරියනි
- භාග්‍යවන්ත රාජේශ්වරිවූ මරියනි
- සංග්‍රාමික සභාවේ මධ්‍යස්තිවූ මරියනි
- දයාභරිත රාජේශ්වරි වූ මරියනි
- වින්දන සභාවේ සැනසිලිකාරිවූ මරියනි
- සුරදූතයන්ට වඩා උත්කෘෂ්ටවූ මරියනි
- දොළොස්තරු කිරුළ පලඳිනු ලැබුවාවූ මරියනි
- චන්ද්‍රයා මෙන් ශෝභිතවූ මරියනි
- සූර්යයා මෙන් ප්‍රභාමත් වූ මරියනි
- ජේසු ස්වාමිදරුවන්ගේ දක්ෂිණ පාර්ශවයෙහි සිංහාසනය ප්‍රාප්ත වූ මරියනි
- අපගේ බලාපොරොත්තුව වූ මරියනි
- අපගේ මධුරය වූ මරියනි
- ජෙරුසලමේහි තේජසවූ මරියනි
- ඊශ්‍රායෙල්ගේ ආනන්දයවූ මරියනි
- අපේ සෙනඟගේ ගෞරවය වූ මරියනි
- නිර්මල පිළිසිඳීමේ ස්වාමිදු වූ මරියනි
- ස්වර්ගා රෝභිත ස්වාමිදු වූ මරියනි
- වික්ෂෝප ස්වාමිදූ වූ මරියනි
- දයා සම්පන්න ස්වාමිදූ වූ මරියනි
- සමුද්‍ර තාරකාව වන ස්වාමිදූ වූ මරියනි
- ජපමාලයේ ස්වාමිදූ වූ මරියනි
- ජයග්‍රහණයේ ස්වාමිදූ වූ මරියනි
- කාර්මේල්හි ස්වාමිදූ වූ මරියනි
- මරියෝත්තමාවන් ආනන්දප්‍රාප්ත කළා වූ දේවාජබාලකයාණනි
- අප ගැලෙව්ව මැනව
- මරියෝත්තමාවන් සුඃඛප්‍රාප්ත කළා වූ දේවාජබාලකයාණනි
- අපේ යාච්ඤා දායාවෙන් අසා වදාළ මැනව
- මරියෝත්තමාවන් තේජසප්‍රාප්ත කළා වූ දේවාජබාලකයාණනි
- අප වෙත දයාවූව මැනව
- මරිය වහන්සේගේ කුමාරයාණනි,
- අපේ යාච්ඤා අසා වදාළ මැනව
- මරිය වහන්සේගේ කුමාරයාණනි
- අපේ යාච්ඤා දයාවෙන් අසා වදාළ මැනව
- පදය - මගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි
- උත්තරය - ශ්‍රඬාවන්තයන්ගේ සභාවෙහිදි මම ඔබ වර්ණනා කරන්නෙමි
යාච්ඤා කරම්භ සර්වපරාක්‍රමවූ දෙවියන් වහන්ස, ඔබගේ දාසයත් අති පිරිසිදු කන්‍ය මරිය වහන්සේගේ ශ්‍රී නාමය හා සංරක්ෂණය යටතෙහි සිටීමට අතිශය අභිලාෂිවන බව ඔබ වහන්සේ නිරික්ෂණය කරන සේක්වේද? එබැවින් අප විසින් මරියෝත්තමාවන්ගේ දයාබර මධ්‍යස්ථකම හේතු කොටගෙන සියලු නපුරෙන් මිදී ස්වර්ගික නිත්‍යනන්දයට ප්‍රවිෂ්ටවෙනු සඳහා අපට කරුණා කළ මැනවයි ඔබටම ආරාධනා කරම්භ. මෙකී දේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්