පිරිසිදු දේව මාතාවන් වහන්සේ සුරලොවට වැඩිය මංගල්‍යයට ප්‍රාර්ථනාව
නිර්මල ලුර්දු දේවමාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා දයාවෙන් අසා වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- මෝක්ෂාලංකාරිවන ශුද්ධ වූ මරියනි
- නිත්‍යකල් පටන් සර්වදේව ස්වාමිදුව කොට දේව චින්තනයෙන් නියමයවුණා වූ මෝක්ෂාලංකාරිනි
- පරලෝක භුලෝක රාජේශ්වරි මෙන් නිර්දෝෂව ජනිත වුණා වූ ශුද්ධ වූ මරියනි
- ආදියේ පටන් අප්‍රමාණ පිරිසිදුකමින් ජනිතවුණාවූ සුකෘතාලංකාරිනි
- නිතිපතා නිර්මලව ප්‍රකාශ වුණාවූ සුකෘතාලංකාරි
- උදය තාරකාවක් සේ ලෝකයෙහි උද්දීප්තවූ සුකෘතාලංකාරිනි
- ස්ත්‍රියකගෙන් විනාශ වූ ලෝකය ස්ත්‍රියකගෙන් නිදහස් කරන්නට දේව චිත්ත අනුකූලවූ සුකෘතාලංකාරිනි
- දේව පරම රහස් නිමිත්ත ලෙස රක්ෂාධිකාරතුමාගේ මාතාවන් වෙන්ට නියමවුණා වූ සුකෘතාලංකාරිනි
- සකල ජනයින්ට ධර්ම ක්‍රමයක් සේද ඥාන ප්‍රදීපයක් සේද ප්‍රකාශ වුණාවූ සුකෘතාලංකාරිනි
- ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තිනි කියා සුරදූතයා විසින් සැලකරන්නට වාසනා ලද්දා වූ සුකෘතාලංකාරිනි
- ස්ප්‍රිතු සාන්තු වරප්‍රසාදයෙන් නිමක් නැති පුදුම කොට ගර්භනීවුණාවූ සුකෘතාලංකාරිනි
- මානුෂික වූ රක්ෂාධිකාරයාණන් කන්‍යා බවින් ප්‍රසුත කළාවූ සුකෘතාලංකාරිනි
- දේව කුමාර වූ ස්වාමිදරුවන් ප්‍රසූතකරන වේලෙහිත් පෙරත්, පසුත් කන්‍යවෘත අභින්න වූ සුකෘතාලංකාරිනි
- සර්වේශ්වර වූ දෙවියන්ගේ අති සුවිශුද්ධ මාතාවන සුකෘතලංකාරිනි
- පරම ත්‍රිත්වයේ දියණියන්ද, මෑණියන්ද ප්‍රිය කාන්තාවන් ද වීමට හේතු ලද්දා වූ සුකෘතාලංකාරිනි
- දෙව් තුමන්ගේ උත්තම ස්වරූපයත්, දේව මන්දිරයත්ව දිළිහුනාවූ සුකෘතාලංකාරිනි
- අපේ ගැළවීම උදෙසා ස්වාමිදරුවන් විඳි දුක් ගාවිනාවලට පංගුකාරියෙක් වූ සුකෘතාලංකාරිනි
- උන්වහන්සේ උත්ථානකර වදාළ සඳත් සුරලොවට වැඩිය සඳත් අප්‍රමාණ ආනන්ද සන්තෝෂ වුනාවූ සුකෘතාලංකාරිනි
- ස්වාමිදරුවන් පරලෝකයට වැඩි ඉක්බිති ශුද්ධ වූ සභාවට සැනසිල්ලත් ආධාරයත්ව ජිවිත කාලය පසුකළාවූ සුකෘතාලංකාරිනි
- ඔබගේ ජිවිත කාලයේදී සිතිනුත්, ආශාවෙනුත් පරලෝකයේ වාසය කළාවූ සුකෘතාලංකාරිනි
- දේව අභිප්‍රායෙන් ඔබට නියම වූ කාලයේ සකල උපද්‍රව සියල්ල ධෛර්යය, දයා ඉවසිමාදිවූ ධර්ම ගුණවලින් ඉසිලුවාවූ සුකෘතාලංකාරිනි
- මෙලොව ජීවත්වූ කල්හි සියල්ලෙහි වැඩි වැඩියෙන් සකල ධර්මයෙහි සම්පන්න වී අප්‍රමාණ ධර්ම ඵල ලැබුවාවූ සුකෘතාලංකාරිනි
- ඔබගේ මරණ අවස්ථාවෙහි දුර ප්‍රදේශවල සිටිය අපෝස්තුලුවරයින් ආශ්චර්යකොට ගෙන්නුවාවූ සුකෘතාලංකාරිනි
- මේ ලෝකය හැරයන්ට මත්තෙන් මාතෘක ප්‍රේමයෙන් ගෝලයින්ට ආශිර්වාද දී සානසුම් කළාවූ සුකෘතාලංකාරිනි
- ඒ වේලෙහි සුරදූතයන් දර්ශනව මෝක්ෂ ආනන්ද සන්තෝෂයෙන් පිරුනාවූ සුකෘතාලාංකාරිනි
- දේව ප්‍රේම අධිකයෙන් ආත්මය වෙන්වී සුරලොවට වැඩියා වූ මෝක්ෂාලංකාරිනි
- අප්‍රමාණ ආනන්ද සන්තෝෂයෙන් ඔබගේ ශ්‍රී කුමාරයා සම්මුඛයට වැඩියාවූ මෝක්ෂාලංකාරිනි
- අපෝස්තුලුවරුන් සහ භක්තිවන්තයන් විසින් බොහෝ ආචාර නමස්කාරයෙන් ශ්‍රී ශරීරය තැන්පත් කරන ලද්දාවූ
- මෝක්ෂාලංකාරිනි
- තුන්දිනක් මුළුල්ලෙහිම ඔබගේ තැන්පත් ස්ථානයෙහි සුරතාවයන්ගෙන් මිහිර වූ ගීතිකාවලින් ස්තූති ගායනාවලට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- තුන්වෙනිදා ආත්ම ශරීර පිටින් නැගිට වදාරා සුරලොවට වැඩියාවූ මෝක්ෂාලංකාරිනි
- සකලගුණ සම්පන්න මහිමතාවයෙන් සුර රාජ්‍යයට ප්‍රවිෂ්ඨවෙන්ට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- සුරදූත හමුදාවන්ගේ නිමක් නැති මිහිරි නාද ගීතිකා ප්‍රශංසාවට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- ඔබගේ ශ්‍රී කුමාරයා විසින් අප්‍රමාණ සුවිශුද්ධ ස්නේහයෙන් සිඹ සනසනු ලබන්නට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- ප්‍රධාන ආදි පිතුරු සියලු මෝක්ෂවාසින්ගෙන් වන්දනා නමස්කාර ලබන්ට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- සර්වලෝක රාජේශ්වරිකොට පිතාවන දෙවියන්ගෙන් මෝක්ෂ ඔටුන්න ලබන්නට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- ඔබගේ ශ්‍රී කුමාරයා ළඟ මහිම තේජස් සිංහාසනයෙහි වැඩ සිටින්නට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- අලංකාරයෙන් පූර්ණ චන්ද්‍රයාව දිනා මහිමතා සළුවක් කොට සූර්යයාව පැළඳුවා වූ මෝක්ෂාලංකාරිනි
- දොළොස්තරු කිරුළක් කොට දැරුවාවූ මෝක්ෂාලංකාරිනි
- යුද්ධ සේනා හමුදාවට භයංකර වල්ලභ යුක්තවූ මෝක්ෂාලංකාරිනි
- සර්වලෝකයටම අප්‍රමාණ බලසම්පන්න වූ මෝක්ෂාලංකාරිනි
- දේව ප්‍රසාද කරඬුවල් අත්කර සිටින්නා වූ මෝක්ෂාලංකාරිනි
- ක්‍රපදයා සම්පන්න රාජේශ්වරි වන මෝක්ෂාලංකාරිනි
- අප්‍රමාණ ස්වශ්‍රී අද්භුතවලින් ඔබගේ වල්ලභකම් ප්‍රකාශ කරන ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- නිමක් නැති අය මෝක්ෂ රාජ්‍යයට හේතුකාරයින් කළාවූ මෝක්ෂාලංකාරිනි
- පව්කාරයින්ගේ සරණය වන මෝක්ෂාලංකාරිනි
- ඔබගේ ස්නේහ පුත්‍රයන් වූ මේ පරදේශයේ වසන අය මතක නැති නොකරන්නා වූ මෝක්ෂාලංකාරිනි
- ඔබ වෙතෙහි සැබෑවූ භක්තිවන්තයින් කවදාවත් අත්නොහරින්නා වූ මෝක්ෂාලංකාරිනි
- ජීවිත කාලයේදීත් මරණ වේලේදීත් අපගේ සරණයත් සැනසුම් ආධාරයත් වන මෝක්ෂාලංකාරිනි
- සකල ශුද්ධවන්තයින්ට වඩා ධර්මයෙන් හා මහිමතාවෙනුත් ප්‍රකාශවෙන්නා වූ මෝක්ෂාලංකාරිනි
- සර්ව ලෝකයෙහිම වන්දනා නමස්කාර ප්‍රශංසා ලැබ සිටින්නා වූ මෝක්ෂාලංකාරිනි
- සකල අර්ථයන් අතුරෙන් ස්තූති වන්දනා යාච්ඤා වලට හේතු ලද්දා වූ මෝක්ෂාලංකාරිනි
- කන්‍යාවන්ට ආදෘශ්‍යයත්, රාජේශ්වරිත් වන මෝක්ෂාලංකාරිනි
- සුරතාවයින්ටත්, සකල ශුද්ධවන්තයින්ටත් රාජේශ්වරි වන මෝක්ෂාලංකාරිනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- කවිය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වෙන පිණිස
- ප්‍රත්‍යුත්රය - සර්වේශ්වර වූ දෙවියන්ගේ පිරිසිදු මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වාර්ථ අධිපති නායක නිත්‍ය දෙවිතුමෙනි මනුෂ්‍ය කය ගත්තා වූ ඔබගේ ශ්‍රී කුමාරයාට මාතාවන් වන ශුද්ධ වූ මරියෝත්තමාව අපගේ මෑණියන්ද රාජේශ්වරිද කොට දෙවා වදාළ සේක් වේද? ඔබගේ කරුණා වරප්‍රසාදයෙන් මෝක්ෂාලංකාරිවන මේ සුරලොව ස්වාමි දුවගේ උතුම් ධර්ම මෙලොවේ ජීවත් වෙන තුරු අප විසින් සම්පුර්ණකොට ඉෂ්ඨකර ඔබගේ මෝක්ෂ දර්ශනයෙහි උන්වහන්සේගේ අනන්ත භාග්‍යයට හේතු වන්ත වන ලෙස අපේ යාච්ඤාවලුත් අසා අපට කරුණාකර වදාරනවා සොදේ. මෙකී යාච්ඤා ජේසු ස්වාමිදරුවන්ගේ ශ්‍රී මුහුණ බලා අපට දෙවා වදාරනවා සොඳේ - ආමෙන්