පාතිමා මෑණියන්ට ප්‍රාර්ථනාව
පාතිමා මෑණියන්ට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ලෝකයට පැමිණීමට යන භයානක විපත්තියද ඉන් මිදීමට පහසු වූ මාර්ගයයද පෙන්වා දෙන පිණිස පාතිමා නගරයට නුදුරු වූ කෝවාද ඊරියා නම් මිටියාවතෙහි අසරණ එඩේරු දරු තිදෙනකුට ආලෝන් ගසක් මත දර්ශනය වුනාවූ පාතිමා මාතාවෙනි
- මේ සිදුවීමට හේතු වූ පව්කාරයන්ගේ අපරාධයන් නිසා යයි වදාළා වූ පාතිමා මාතාවෙනි
- වරින්වර රුසියා දේශය මතක් කර කඳුළු හෙලමින් අහෝ මාගේ ආදරණීය රුසියා දේශයෙනි ඔබ මට කොපමණ ගෞරව කළෙහි ද, මගේ පුත්‍රයාණන්ට කොපමණ ප්‍රසන්නව සිටියෙහිද කියා වදාළා වූ පාතිමා මාතාවෙනි
- භක්තිමත් ලෙස ජපමාලය උච්චාරණය කිරීමේ අනර්ඝතාවය පෙන්වන පිණිස දකුණතෙහි මුතු ඇටවලින් ගෙතුවා වූ ජපමාලයක් ඇතිව සිටියා වූ පාතිමා මාතාවෙනි
- ලොවට සමාදානය ඇති වන්නේ ඔබගෙන් පමණක් බැවින් එවකට පැවති මහා යුද්ධය සමාදාන වෙන ලෙස දිනපතා ජපමාලය ඔප්පු කරන මෙන් වදාළා වූ පාතිමා මාතාවෙනි
- භයානක නිරා දර්ශනයද එහි දැවෙන්නා වූ අසරණ ආත්මයන්ද පෙන්වා වදාළා වූ පාතිමා මාතාවෙනි
- බොහෝ ආත්මයන් නිරයට යන්නේ ඔවුන් නිසා යාච්ඤා වන්දියාග ඔප්පු කිරීමට කිසිවකු නැති නිසා යයි වදාළා වූ පාතිමා මාතාවෙනි
- ඔවුන් ගලවන පිණිස ඔබගේ නිර්මල හෘදය කෙරෙහි භක්තිය ලොව පතල වීම සිදු වෙනවා දැකීමට දෙවියන් වහන්සේ අධික ආශාවෙන් සිටින සේක් යයි වදාළා වූ පාතිමා මාතාවෙනි
- යාච්ඤා කරන්න, යාච්ඤා කරන්න, බොහෝ යාච්ඤා කරන්න, බොහෝ යාච්ඤා කරමින් පව්කාරයන් උදෙසා වන්දියාග ඔප්පු කරන්න යයි වදාළා වූ පාතිමා මාතාවෙනි
- පැමිණීමට යන බලවත් පීඩා නැවතීමට නො මඟ ගිය රටවල් ඔබගේ නිර්මල හෘදයට කැපකර, පළමුවෙනි සෙනසුරාදා දින වල ප්‍රතිකාර වශයෙන් දිව්‍ය සත්ප්‍රසාද ලැබ යාච්ඤා වන්දි යාග ඔප්පු කරන මෙන් වදාළා වූ පාතිමා මාතාවෙනි
- ඔබගේ අයැදුම් සියල්ල ඔබගේ නාමයෙන් ලොවට ප්‍රකාශ කරන ලෙස වදාළා වූ පාතිමා මාතාවෙනි
- ලෝකයා ඔබගේ අයැදුම් ඉෂ්ට කළහොත් රුසියාවේ සිත් හැරී ලොවට සමාදානය ඇතිවීමෙන් බොහෝ ආත්මයන් ගැළවෙන සේක් යයිද වදාළා වූ පාතිමා මාතාවෙනි
- එසේ නොකළ හොත් දේව දුෂණ මත පැතිර බොහෝ දෙනා ප්‍රාණ පරිත්‍යාගිවරයන් වීමෙන් දේශ ගණනක් අතුරුදහන් වන සේක් යයිද වදාළා වූ පාතිමා මාතාවෙනි
- මෙය සිදුවීමට ප්‍රථම ලොවට දැනගැනීමට ආකාශයේ අමුතු දර්ශනයක් මිසරයේ අග්‍රස්ථානය වන කයිරෝ නුවරට ඉහළින් පෙන්වා වදාළා වූ පාතිමා මාතාවෙනි
- අන්තිමේදී මාගේ නිර්මල හෘදය ජය ගනිමියි වදාළ ප්‍රකාර දොළොස් වැනි පියුස් නම්ලත් ශුද්ධෝත්තම පියතුමාණන් ලවා මුළු ලොව ඔබගේ නිර්මල හෘදයට කැප කරවා ගනිමින් දේව උදහස සංසිදුවා හැරියා වූ පාතිමා මාතාවෙනි
- ඔබගේ නිර්මල ශුද්ධ වූ ප්‍රතිමාව ලොව මුළුල්ලේ ගෙන යෑමට කරුණාභිප්‍රාය කර වදාළා වූ පාතිමා මාතාවෙනි
- ඔබගේ නිර්මල ශුද්ධ වූ ප්‍රතිමාව දර්ශනය කළ පව්කාරයන්ගේ නේත්‍ර වල මාතෘක ප්‍රේමය කඳුළු වැගිරීමට සලස්වා වදාළා වූ පාතිමා මාතාවෙනි
- ඔබගේ නිර්මල හෘදයට කැපවෙන අසරණ දරු පවුල් කරුණාවෙන් රැක බලා ගන්නා වූ පාතිමා මාතාවෙනි
- ලෝකයාගේ අපරාධ වලින් ඔබගේ නිර්මල හෘදයට ඇති වන බලවත් වේදනාවල් සනසනු පිණිස යාච්ඤා වන්දි යාග ඔප්පු කරන්නන් නොයෙක් වරප්‍රසාද වලින් පූර්ණ කරවන්නා වූ පාතිමා මාතාවෙනි
- දිනපතා ජපමාලය භක්තියෙන් ඔප්පු කරන්නන් ඔබගේ දයාබරකම් නමැති සළුවෙන් ආවරණය කරගෙන සිටින්නා වූ පාතිමා මාතාවෙනි
- ජපමාලයට වඩ වඩා ප්‍රේම කිරීමේ අනගිතාවය පෙන්වන පිණිස අවසාන වර දර්ශනයේදී ‘මම වනාහි ජපමාලයේ රාජේශ්වරිය වෙමියි වදාළා වූ පාතිමා මාතාවෙනි
- මුලාවී ගිය පව්කාරයන්ට නොසෙල්වන විශ්වාසයත්, ස්ථිර වූ බලාපොරොත්තුවත් දේව ප්‍රේමයත් ලබා දුන්නා වූ පාතිමා මාතාවෙනි
- යක්ෂයාගේ භයානක පරික්ෂා වලින් ද ලෝකයාගේ කෘෘර මළපත් වලින් ද, මාංශයේ තෘෂ්ණා වලින් ද පීඩා විඳින පව්කාරයන්ගේ එකම සැනසීම වන පාතිමා මාතාවෙනි
- අප වෙත ඔබගේ දයාබර නේත්‍ර යොමු කරන මෙන් මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- අපගේ පාප නිසා ඔබ ශ්‍රී කුමාරයාණන්ගෙන් අප පිට පැමිණ තිබෙන බලවත් වූ කෝපාග්නිය සංසිඳවන මෙන් ද මෑණියනි,
යාච්ඤා කරමු - පාපය කෙරෙහි වෛරයෙන් අප සිත් පුරවන මෙන් ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- අපගේ ඇලි මැරුණ සිත් ඔබගේ ප්‍රේම ගින්නෙන් දල්වා පාපිෂ්ඨ හෘද පශ්චාත්තාපයෙන් උණු කරන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- අප වෙත පත් කළ ජපමාලය අප පවුල් වල දිනපතා භක්තියෙන් උච්චාරණය කිරීමට සලස්වන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ලෝකයාගේ දේව දූෂණ ක්‍රියාවන් උදෙසා යාච්ඤා වන්දියාග ඔප්පු කිරීමට සලස්වන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- කුඩා දරුවන් දෙස ඔබගේ දයාවේ නේත්‍ර යොමු කරන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- දේව රාජ්‍යය නිසා කරදර විදින පූජා ප්‍රසාදිවරයන් රැකබලා ගන්න මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ශුද්ධිකාගිනිස්ථානයේ දුක් විඳින්නන්ගේ වේදනා ලිහිල් කරන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- අපගේ මාතා වන ශුද්ධ වූ සභාව දියුණු වෙන්ට සලස්වන මෙන්ද මෑණියෙනි, ඔබට යාච්ඤා කරමු
- අපගේ මාතා වන ශුද්ධ වූ සභාවේ අග්‍ර පියාණන් වූ ශුද්ධෝත්තම පියතුමන්ටද අනිකුත් රාජගුරු ප්‍රසාදින් වහන්සේලාට ද ආශිර්වාද කරන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ශාරීරික උපද්‍රව වලින් හා හෘදයේ අන්ධකාර කමින් පීඩා විඳින අප වෙත අනුකම්පා කරන මෙන් ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ඔබගේ නිර්මල හෘදයට කැපවෙන අසරණ දරුපවුල් කරුණාවෙන් රැක බලා ගන්නා මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ඔබගේ නිර්මල හෘදය කෙරෙහි විශේෂ භක්තියෙන් ජිවත් වෙන්නට සලස්වන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ලෞකික ආලය අපේ සිත් වලින් දුරුකර පරලෝක මාර්ගයෙහි අධික ආශාවෙන් ගමන් කිරීමට සලස්වන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- වේද භේද සමය වලින් හා අනිකුත් දෘෂ්ඨින්ගෙන්ද අප ආදරණීය රට ගලවන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ලෝකයට ඔබ පොරොන්දු වූ සමාදානය ලැබෙන්නට සලස්වන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- අන්තිම මොහොතෙහි දී ශුභ මරණයක් ලැබගෙන ස්වර්ග රාජ්‍යයට ප්‍රවිෂ්ඨ වී ඔබ කුමාරයාණන් වහන්සේගේ ආශිර්වාද ලත් දුක් ගාවිනාවල හා මරණයේ ඵල භුක්ති විඳීමට සලස් වන මෙන්ද මෑණියනි, ඔබට යාච්ඤා කරමු
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට කරුණා කළ මැනව ස්වාමි
- පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වන ලෙස
- උත්තරය - නිර්මල ලුර්දු මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්ව බලධාරී අනාදි අනන්ත වූ දෙවියනි ඔබ වහන්සේ ඔබගේ දයාබර කන්‍යා මරියෝත්තමියගේ පාතිමා හි දර්ශනවීමේ මාර්ගයෙන් ලොවට සමාදානය දානය කරන්නට කරුණා අභිප්‍රාය කළාවේද? උන්වහන්සේගේ නිර්මල දර්ශනය වීම මෙනෙහි කරන්නා වූ අපට ආත්මික ශාරීරික සුව සැප දෙවා වදාළ මැනව මේ කීදේ අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුතුමන් උදෙසාම ලැබේවා - ආමෙන්