ප්‍රේග් හි ආශ්චර්යවත් ජේසු බිළිඳුන්ට ප්‍රාර්ථනාව
ප්‍රේග් හි ආශ්චර්යවත් ජේසු බිළිඳුන්ට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව..
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය ගළවා ගත් පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ආශ්චර්යවත් ජේසු බිළිඳුනි
- පුදුමාකාර ලෙස ඔබේ සර්ව බලය ප්‍රකාශ කළාවූ ජේසු බිළිඳුනි
- ඔබේ ප්‍රඥාව මගින් අප හෘදයන් විමසා බලන්නාවූ ජේසු බිළිඳුනි
- ඔබේ යහපත්කම මගින් අපට නිතර දයා පාන්නා වූ ජේසු බිළිඳුනි
- අප රැක බලා අපේ සදා වාසස්ථානය කරා අප ගෙනයන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ ත්‍යාගශීලි භාවය මගින් අප පොහොසත් කරන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ ආදරයෙන් දුකින් තැවෙන්නවුන් සනසන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ ශක්තියෙන් අප ශක්තිමත් කරන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ බලයෙන් සියලුම අයහපත අපෙන් දුරු කරන්නාවූ ජේසු බිළිඳුනි
- ඔබේ සාධාරණකම මගින් සෑම පාපයන්ගෙන් අප වළක්වන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ බලයෙන් නිරා බලය පරාජය කරන්නාවූ ජේසු බිළිඳුනි
- ඔබේ අලංකාර සිරිවත මඬලින් අප සැම ඔබ වෙත ඇද ගන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ බලයෙන් මුළු ලොවම ඔබ අත්ලට ගන්නා වූ ජේසු බිළිඳුනි
- ආදරයෙන් දැල්වුනු ඔබේ හෘදයෙන් අපේ උදාසීන හෘදයන් පණ ගන්වන්නා වූ ජේසු බිළිඳුනි
- ආසිරි ගැන්වීම සඳහා එසවුනු ඔබේ හස්තයෙන් අප සියලු ආශිර්වාදයෙන් පුරවන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබේ ශුද්ධවූ නාමය උච්චාරණයෙන් සැදැහැවතුන්ගේ හෘදයන් ප්‍රීතියෙන් පුරවාලන්නා වූ ජේසු බිළිඳුනි
- ඔබගේ අභිමත වශයෙන් මුළු ලොවම පුරවා ලන්නා වූ ජේසු බිළිඳුනි
- ස්වාමිනි, ප්‍රසන්න වී අප රක්ෂා කළ මැනව
- ස්වාමිනි, ප්‍රසන්න වී අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- සියලු නපුරෙන් - අප රක්ෂා කළ මැනව
- සියලු පාපයෙන් - අප රක්ෂා කළ මැනව
- ඔබේ සනාතන යහපත්කම නිසා හාස්කම් පාන ඔබේ සර්ව බලය අවිශ්වාස කිරීමෙන් - අප රක්ෂා කළ මැනව
- සියලු විපතින් හා හිරිහැර වලින්
- ඔබේ ශුද්ධවූ බලපරායේ අභිරහස් මගින් පව්කාර වූ අප
- ඔබේ කන්‍යා මවුන් වූ මරියාවන්ගේ හා සුරැකි පියාණන් වූ ශු ජුසේ තුමන්ගේ මධ්‍යස්ථකම මගින් ඔබේ කමාව ලබා ගන්නා පිණිස
- ඔබේ ආශ්චර්යවත් හස්තය අප කෙරෙන් කිසි දිනෙක අස්කර නොගන්නා පිණිස
- ඔබෙන් ලැබූ අනේක දීමනාවන් අප කිසි දිනෙක අස්කර නොගන්නා පිණිස
- ඔබේ ශ්‍රී හෘදය කෙරෙහි අපේ ආදරය දල්වාලන පිණිස
- විශ්වාසයෙන් යුතුව ඔබට කන්නලව් කරන සියල්ලන් වෙත ඔබේ අනුකම්පාව යොමු වන පිණිස
- අපේ ආදරණීය ජන්ම භූමිය සාමයෙන් ආරක්ෂා කරනු පිණිස
- පැමිණෙන්නට තිබෙන සියලුම අන්තරාය වලින් අප ආරක්ෂා කරනු පිණිස
- ආදරයෙන් ඔබ වෙත පැමිණෙන සියල්ලන්ටම සදා ජීවිතය ලබා දෙනු පිණිස
- නඩු තීන්දු දිනේදී ඔබේ ආදර කරුණාව අපට ලැබෙන පිණිස
- ඔබේ ආශ්චර්යවත් ප්‍රතිමාව තුළ ඔබ අපේ සැනසිල්ලත් රැකවරණයත් වන පිණිස
- දෙවියන්ගේ හා මරියාවන්ගේ ද පුත්‍රයාණන් වූ ජේසුනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා වුව මැනව
- ප - ජේසුනි අප කරන යාච්ඤා අසා වදාළ මැනව
- උ - ජේසුනි කරුණාවෙන් අප කරන යාච්ඤා අසා වදාළ මැනව
යාච්ඤා කරම්භ, ආශ්චර්යවත් සුර බිළිඳාණෙනි, ඔබේ ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටී ඔබට කන්නලව් කරන අපගේ කරදරකාරී හෘදයන් දෙස ඔබේ කාරුණික නෙත් යොමු කළ මැනව ඔබේ කාරුණික භාවයේ දයාව මගින් අපේ යාච්ඤා වලට සවන් දී අප ඉල්ලන්නා වූ වරප්‍රසාදය අපට දුන මැනව. සියලුම විපත්තින් හා බලාපොරොත්තු හීනවීම්ද කරදර හා අවාසනාවන්ත සිද්ධින් ද අපෙන් ඈත් කළ මැනව. පියාණන් හා ස්ප්‍රීතු සාන්තු වහන්සේ ද සමග සදහටම ඔබට ප්‍රශංසා කරන පිණිස ඔබේ ශුද්ධවූ බල පරාක්‍රමය නිසා අපේ යාච්ඤා වලට සවන් දී අපට සැනසීමද ආධාරයද දුන මැනව - ආමෙන්