ප්‍රතිකාර ප්‍රාර්ථනාව

ප්‍රතිකාර ප්‍රාර්ථනාව
 
      ආ ජේසු ස්වාමිදරුවනි! දිව්‍ය ගැලවුම්කාරයාණෙනි ඔබ දිව්‍ය හෘදයේ බිළිපඬුරක් වන ඔබ වහන්සේගේ දරුවන් පිට කරුණා බැල්ම ලා වදාරණවා සොඳේ. ඔව්හු විශ්වාසයේත්, ප්‍රතිකාරයෙත්, ප්‍රේමයේත් එකම සිත් අභිප්‍රාවෙන් එකමුතු වී තමුන්ගේද කාලකණ්ණි සියලු පවුකාරයින්ගේද අවිශ්වාසවන්තකම ගැන දුක් මනස්ථාපයෙන් තැවී සිටිති. අප විසින් කරන්ට යන එක්සිත් වූද ප්‍රසිද්ධවූ ද වාක්දාත වලින් ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය දයානුකම්පා වී අපටද ලෝකයාටද ඔබ වහන්සේට ප්‍රේම නොවන අවාසනාවන්ත වූ සියල්ලන්ටද ඔබට ප්‍රේම වන්ට කරුණාව ලැබේවා. මින්මත්තට අපි සියල්ලෝම වාක්දාතයක් දෙමු. එනම්...

  • ස්වාමිනි, අප ඔබ වහන්සේට සැනසීම දෙමු
  • මනුෂ්‍යයන්ගේ මතක නැති කමක් කෙළෙහි ගුණ නැතිකමත් උදෙසා
  • දිව්‍ය සත්ප්‍රසාද මණ්ඩපයෙහි ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබීම උදෙසා
  • පව්කාරයන්ගේ අපරාධ උදෙසා
  • අභක්ති වූවන්ගේ වෛරය උදෙසා
  • ඔබ වහන්සේට කියන ලද අපහාස්‍ය වචන උදෙසා
  • ඔබ වහන්සේගේ දෙවිකයට කරන ලද අනදර උදෙසා
  • ඔබ වහන්සේගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය දූෂ්‍ය කරන ද්‍රෝහිකම් උදෙසා
  • ඔබ වහන්සේගේ දිව්‍ය සම්මුඛයෙහි සිද්ධ කරන ලද අගෞරවාචාරයත් අවමානයත් උදෙසා
  • වන්දනිය වූ බිලි පූජාවක් වන ඔබ වහන්සේට කරන ලද තද අනදර උදෙසා
  • ඔබ වහන්සේගේ දරුවන්ගෙන් මහත් කොටසක් දක්වන අලසකම උදෙසා
  • ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත අවවාද සුළුකිරීම උදෙසා
  • ඔබ වහන්සේගේ මිත්‍රයෝය කියමින් මඟ හරින ඔවුන්ගේ අවිශ්වාසය උදෙසා
  • ඔබ වහන්සේගේ වරප්‍රසාද නිරර්ථක කිරීම උදෙසා
  • අපේ අවිශ්වාසවන්තකම් උදෙසා
  • අපේ හෘදයන්ගේ අචින්ත්‍ය වූ දැඩිකම උදෙසා
  • ඔබ වහන්සේට ප්‍රේම කිරීමට අපේ දීර්ඝ ප්‍රමාද කිරීම උදෙසා
  • ඔබ වහන්සේගේ දේව මෙහෙයෙහි අපේ ඇල් මැරුණු ගතිය උදෙසා
  • ආත්මයන් විනාශවෙන නිමිත්තයෙන් ඔබ වහන්සේගේ තිත්ත දුක් කණගාටු උදෙසා
  • ඔබ වහන්සේ අපේ හෘදද්වාරය ලඟ ආසාවෙන් බලා වැඩ සිටීම උදෙසා
  • ඔබවහන්සේගේ සිත වේදනා කරවන දුෂ්ඨ හෙළා දැකීම් උදෙසා
  • ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සුසුම්ලෑම් උදෙසා
  • ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත කඳුළු උදෙසා
  • ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත සිරගතවීම උදෙසා
  • ඔබ වහන්සේගේ ප්‍රේමවන්ත උකුත්වීම උදෙසා

 

යාච්ඤා කරම්භ ජේසුස් ස්වාමිදරුවෙනි දිව්‍ය ගැලවුම්කාරයාණෙනි ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයෙන්ම දුඃඛිත වූ මැසිවිල්ලක් නික්මුණේය. එනම් මා සනසන්නකු බලා සිටි නමුත් කිසිවෙක් සම්භනුනේය. අප ඔබ වහන්සේට ඔප්පුකර සිටින සුළු සැනසීම කරුණාවෙන් පිළිගත මැනව. මින්මතු ඔබ වහන්සේට අප්‍රසන්න සියල්ලෙන් වැඩි වැඩියේ අහක් වී යන්ටත්, සියල්ලෙහිදි සෑම තැන්හිදී සහ සදාකල්හිත් අපි ඔබ වහන්සේගේ දිව්‍ය හෘදයේ අති විශ්වාස වන්ත වූ ද ඡ්වලිත භක්තිවූද දරුවන් බව ප්‍රකාශ කරන සැටියට ඔබ වහන්සේගේ වරප්‍රසාද අපට දෙනවා සොඳේ. එකම දෙව් වූ පියාණන් වහන්සේ සමගද ස්ප්‍රීතු සාන්තු වහන්සේ සමඟ ද සදාකාලයටම ජීවත් වෙන්නාවූ ද රජකම් කරන්නා වූ ද ඔබ වහන්සේගේ දිව්‍ය හෘදය බලා එසේ ලැබෙන මෙන් උදක්ම ඉල්ලා සිටිමු - ආමෙන්රමු - ආමෙන් ජේසු