නිර්මල ලුර්දු දේවමාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව

නිර්මල ලුර්දු දේවමාතාවන් වහන්සේට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අපට දයා කළ මැනව)
  • පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධ වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • දිව්‍ය ගැලවුම් කාරයාණන් අපට දෙවා වදාළා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • දේව දයාව අපට ලබා දෙන ආශ්චර්යවත් මාර්ගය වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • මසබියෙල් පර්වතයෙහි දර්ශනය වුණාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අප විසින් ලෝකය අත් හරිනු ලැබීම උගන් වනු පිණිස විවේක ස්ථානයක් තෝරා ගත්තා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අපට ස්වර්ගික තේජස ප්‍රකාශ කිරීමට දීප්තිමත් ආලෝකයකින් පරික්ෂිප්ත වුණාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අවශේෂ සෞන්දර්යතාවන්ට වඩා ආත්මයෙහි සෞන්දර්යතාවට ප්‍රිය කිරීමට උගන්වන පිණිස විශ්මයජනක ශෝභාසම්පන්න භාවයෙන් උපලක්ෂිත වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අප ආත්ම පවිත්‍රකොට තබාගත යුතු බව සිහිපත් කරවනු පිණිස දීප්තිමත් වූ ශුභ්‍රවර්ණ උත්තර ශාඨකයක් හැඳ වැඩ සිටියාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • ශුද්ධවූ පවිත්‍ර භාවය හා සකල ක්‍රිස්තියානි ධර්ම ගුණ අත්කර ගැනීමට දෙවියන් වහන්සේගේ ශක්තියද ධෛර්යයද ලැබෙන බව අපට උගන්වනු පිණිස ස්වර්ගිය නිල්වන් ඉඟපටියක් බන්ධනය කොට වැඩ සිටියාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • ධර්මය ආරක්ෂාකර ගැනීමේ ඒකාන්ත ලක්ෂණයක් වූ මර්යදාව උගන්වනු පිණිස දීර්ඝ වූ ධවල වර්ණ ශිර්ෂාවරණයක් සහිතව ප්‍රකාශ වුණාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අනන්ත භාග්‍යය පිළිබඳ කල්පනාව නිතර සිත්හි තබාගත යුතු බව ඔබගේ දරුවන්ට උගන්වනු පිණිස, ඔබගේ නේත්‍ර යුග්මය

  • ස්වර්ගය දෙස යොමුකර වැඩ සිටියා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • භක්තිවන්ත ලෙස ජපමාලය උච්චාරණය කරමින් එහි අභිරහස් ගැන භාවනා කිරීම යහපත් බව දක්වන පිණිස, ජපමාලයක් ගත් අත් ඇතිව වැඩ සිටියා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • මේ කඳුළු විලෙහි විශ්වාස භක්තියෙන් ගමන් කරනු සඳහා අපට අභය දෙනු පිණිස, පර්වතයක් හි කටු පඳුරක් මතුයෙහි හිස් පතුලෙන් වැඩ සිටියාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • කුඩාවූවන්ට ද, මේ ලෝකයෙහි අල්පයන්ටද ඔබ වහන්සේ විශේෂ ලෙස ප්‍රේමකරන බව ප්‍රකාශ කිරීම පිණිස, කුඩා දරුවකුට දර්ශණවුනාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • ඔබගේ පරාක්‍රමයේ විශාලත්වය ද දයාවේ මධුර භාවයද පෙන්වා දෙනු පිණිස මේ සුවදායක ජලය බහුලව දෙවා වදාළාවූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • පවුකාරයින්ගේ සිත ධර්මයෙහි යොමුකරගන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • ධර්මිෂ්ඨයන්ගේ ජීවලිත භාවය කරුණාවෙන් පිළිගන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • මළවුන් උත්ථාන කරන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අන්ධයන්ට දෘෂ්ටිය දෙන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • බිහිරන් ශ්‍රවණය කරවන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • ගොළුවන් කථා කරවන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • කොරුන් ඇවිදවන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • රෝගින්ට සුවය දෙන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • ඔබගේ ශුද්ධස්ථානයට නිරතුරු වන්දනාකාරයන් සකල දිශාවලින් පමුණුවා ගන්නා වූ නිර්මල ලුර්දු මාතාවෙනි

  • අපගේ මාතාවන් වූ ශුද්ධවූ සභාව උදෙසා

  • අපගේ ශුද්ධෝත්තම පියතුමාණන් උදෙසා

  • අපගේ ආදරණීය රට උදෙසා

  • අප කෙරෙහි පැමිණීමට තිබෙන උපද්‍රවයන් උදෙසා

  • අපගේ මිතුරන් හා සතුරන් ද උදෙසා

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපට කරුණා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වන ලෙස

  • උත්තරය - නිර්මල ලුර්දු මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වපරාක්‍රම අනාදි අනන්ත වූ දෙවියනි, ඔබ වහන්සේ කන්‍යමරිය වහන්සේගේ නිර්මල පිළිසිඳීම කරණ කොටගෙන ඔබගේ ශ්‍රී කුමාරයාට සුදුසු වාසස්ථානයක් සූදානම් කළ සේක් වේද? එබැවින් දයාබර ස්වාමිනි, නිර්මල කන්‍යාවගේ දර්ශනය වීම අර්ථ කොට ගෙන භක්ති මෙහෙය පවත්වන්නා වූ අපට ආත්මික ශාරීරික සුවසැප දෙවා වදාළ මැනව. මේ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උාදෙසා ම ලැබේවා - ආමෙන් ජේසු