දේව මාතා ප්‍රාර්ථනාව
දේව මාතා ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්‍යාවෙනි
- ක්‍රිස්තෝත්තමයාගේ මාතාවෙනි
- දේව ප්‍රසාද මාතාවෙනි
- අති සුවිශුද්ධ වූ මාතාවෙනි
- අති වෘතවූ මාතාවෙනි
- කන්‍යාවෘත අභිනවූ මාතාවෙනි
- කන්‍යාශුද්ධ අනූනවූ මාතාවෙනි
- ප්‍රේමනිය වූ මාතාවෙනි
- ආශ්චර්ය යුක්ත වූ මාතාවෙනි
- යහපත් අනුශාසනා දායකවූ මාතාවෙනි
- ශ්‍රේෂ්ඨ ඇදුරාගේ මාතාවෙනි
- රක්ෂාධිකාරහුගේ මාතාවෙනි
- විශාරද බුද්‍යාග්‍ර වූ කන්‍යාවෙනි
- වන්දනීය වූ කන්‍යාවෙනි
- ප්‍රශංගනීය වූ කන්‍යාවෙනි
- ශක්තිධාරිවූ කන්‍යාවෙනි
- දයාභරිත වූ කන්‍යාවෙනි
- විශ්වාසපක්ෂ වූ කන්‍යාවෙනි
- ධර්මනීති දර්පනෙනි
- පරමඥාන ආසනෙනි
- අපේ ආනන්ද කාරණාවෙනි
- ඥාන පාත්‍රෙනි
- අග්‍රාචාර යුක්තවූ පාත්‍රෙනි
- අනර්ඝ වූ භක්ති පාත්‍රෙනි
- දිව්‍ය අභිරහස් විෂයක පද්මයෙනි
- දාවිත් රාජේද්‍ර කීලෙනි
- දන්තමය ගෝපුරෙනි
- ස්වර්ණමය මන්දිරෙනි
- වාක්ප්‍රසාද ගැබයෙනි
- පරමණ්ඩල වාසලෙනි
- උදය තාරකාවෙනි
- රෝගීන්ගේ ආරෝග්‍යයෙනි
- පව්කාරයින්ගේ අඩක්කලමෙනි
- වික්ෂිප්තයින්ගේ සැනසීමෙනි
- ක්‍රිස්තියානින්ගේ පිහිටෙනි
- සුරතාවයින්ගේ රාජේශ්වරිනි
- දිවස් ප්‍රසාදින්ගේ රාජේශ්වරිනි
- වේද සාක්ෂිවරයන්ගේ රාජේශ්වරිනි
- අපෝස්තුළුවරයන්ගේ රාජේශ්වරිනි
- වන්දනා වාදියන්ගේ රාජේශ්වරිනි
- කන්‍යාවන්ගේ රාජේශ්වරිනි
- සමස්ත ශුද්ධවන්තයන්ගේ රාජේශ්වරිනි
- ස්වර්ගාරෝපිත රාජේශ්වරිනි
- ශුද්ධ වූ ජපමාල රාජේශ්වරිනි
- සමාදානයේ රාජේශ්වරිනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමිනි
- ප්‍ර - ක්‍රිස්තු තුමන්ගේ වාක්දාතවලට අපි හේතුවන්ත වෙන ලෙස
- උ - කන්‍යා ශුද්ධ වූ දේව මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වබලධාරී වූ අනාදි අනන්ත වු දෙවියනි. මෝක්ෂසම්පන්න මාතාවන කන්‍යාමරිය තුමන්ගේ ගත හා ප්‍රාණය ඔබගේ ශ්‍රී කුමාරයාට ඔබින වාසස්ථානය වෙන ලෙස ස්ප්‍රීතු සාන්තු වරමින් හේතු යුක්ත කරදී වදාළාවේ ද, අප සතුටුව සිහි කරන ඕතුමන්ගේ දයාබර යාච්ඤාව බලා අපට යෙදෙන්නා වූ නපුරු වලින් හා අනවර්ත මරණයෙන් ගැලවීම සැලැස්සුව මැනව. මේකීදේ අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්