දෙවිඳුන්ගේ දයාවේ ප්‍රාර්ථනාව

දෙවිඳුන්ගේ දයාවේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
(අපි ඔබ කෙරෙහි විශ්වාස කරමු)
  • මැවුම්කාරයාණන්ගේ ශ්‍රේෂ්ඨතම ලක්ෂණය වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • මීදුම්කාරයාණන්ගේ උත්ම සම්පූර්ණත්වය වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • පාපදේශවලින් අප පිරිසිදු කරන්නන්ගේ පරමිත ප්‍රේමය වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • ශුද්ධවූ ත්‍රිත්වයේ විස්මය අභිරහස වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • අති උත්තම තැනැන් වහන්සේගේ මහා බල පරාක්‍රමය ප්‍රකාශ කරන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ස්වර්ගීය දූතයන් මැවීමේදී ප්‍රකාශනය වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ශුන්‍යත්වයෙන් පැවැත්මට අප කැඳවන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • මුළු විශ්වයම වැළඳ ගන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • සදාතන ජීවිතය අපට දානය කරන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • අප වෙත අයත් විය යුතු දණ්ඩනයෙන් අප ආරක්ෂා කරන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • පාපයේ මහා විපත්තින් ගෙන් අප මුදා ගන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • මාංශ ගත වූ වචනය තුළ අප නිර්දෝෂ කරන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී වණ වලින් වැගිරෙන්නා වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ජේසු තුමන්ගේ දිව්‍යා හෘදය තුළින් ගලා බසින්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • අති ශුද්ධවූ කන්‍යා මරිය තුමිය අපගේ දයාවේ මාතාව කොට අපට ලබා දුන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • දිව්‍යා අභිරහස් එළිදරව් කර පෙන්වන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • සමස්ත ශුද්ධ සභාව පිහිටුවීම තුළ ප්‍රකාශිත වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ශුද්ධ වූ සක්‍රමේන්තු ස්ථාපිත කිරීම තුළ අඩංගු වී ඇත්තා වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ප්‍රසාද ස්නාපනය හා පාපෝච්චාරණය යන සක්‍රමේන්තු මගින් මනුෂ්‍ය වර්ගයා වෙත දානය කරනු ලබන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • දිව්‍ය සත්ප්‍රසාදය හා පූජාත්වරය යන සක්‍රමේන්තු මගින් දානය කරන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ශුද්ධවූ විශ්වාසය වෙත අප කැඳවනු ලැබීම පෙන්වන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • පව් කරුවන්ගේ සිත් හැරීමෙන් එළිදරව් කළාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • සර්ව සාධාරණ වූවන් ශුද්ධවන්ත කිරීම තුළින් ප්‍රකාශ වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • සාන්ත ගති ඇත්තන් පරිපූර්ණත්වයට ගෙන යන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • රෝගින්ට හා වේදනා විඳින්නන්ට සුවය සැනසුම දානය කරන දින බුබුලක් වැනි වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • දුක් ශෝකයෙන් පිරි හදවත් වලට සැනසීම වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • බලාපොරොත්තු සුන් වූ ආත්මයන්ගේ බලාපොරොත්තුව වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • සැම විට, සැම තැන, සැම දෙන සමග එක්ව සිටින්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • වරප්‍රසාදයන් ගෙන් අප පූර්ණ කරන්නාවූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • මරණාසන්න වුවන්ගේ සාමය වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • ශුද්ධ ගිනිස්ථානයේ සිටින ආත්මයන්ගේ සහනය හා පිහිටාධාරය වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • ආශිර්වාද ලබුවන්ගේ ස්වර්ගිය ප්‍රීති ප්‍රමේදය වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • සියලු සාන්තුවරයන්ගේ ක්‍රීටය වන දෙවිඳුන්ගේ දයාවෙනි

  • ප්‍රාතිහාර්යන්ගේ නිමාවක් නැති ආරම්භය වූ දෙවිඳුන්ගේ දයාවෙනි

  • කුරුසිය මාර්ගයෙන් ලෝක ගැලවීම සදා අපට මහත් දයාව පෙන්වූ දේව අජබාලකයාණෙනි

  • ස්වාමිනි අප ගලවා ගත මැනව

  • සෑම දිව්‍ය පූජා යාගයකදීම අප වෙනුවෙන් තමන් වහන්සේවම දයාවෙන් පිරි යාගයක් ලෙස පූජා කරන්නාවූ දේව අජබාලකයාණෙනි

  • ස්වාමිනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව

  • කිසි දින අඩු නොවන ඔබේ දයාවෙන්

  • ලොවේ පව් හරින දේව අජබාලකයාණෙනි

  • අපට කරුණා කළ මැනව

  • අපි ඔබ කෙරෙහි විශ්වාස කරමු

  • ස්වාමිනි, අපට කරුණා කළ මැනව

  • ක්‍රිස්තුනි, අපට කරුණා කළ මැනව

  • ස්වාමිනි, අපට කරුණා කළ මැනව

  • සමිඳුන්ගේ මෘදු කරුණාව උන්වහන්සේගේ සියලුම ක්‍රියාවන්හි ඇත්තේය

  • ස්වාමින් වහන්සේගේ දයාව සැමදා මම ප්‍රශංසා කරමි

 

යාච්ඤා කරම්භ කිසි දින නොසිදෙන දයානුකම්පාවේ නිධානය වන අනන්ත කරුණාවේ දෙවිඳුනි, අප දෙස දයාවෙන් බලා අපගේ මහත් දුක් කරදර අවස්ථාවන්හි අප බලාපොරොත්තු සුන් කර ගැනීමට ඉඩ නොදී ඔබගේ දයාවම වන ශුද්ධවූ කැමැත්තට එකඟව කටයුතු කිරීමේ මාර්ගයේ අප විශ්වාසික ලෙස ස්ථිර කළ මැනව. ඔබ වහන්සේ හා ශුද්ධාත්මයාණන් වහන්සේ සමග දයාවේ රාජෝත්තමයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සදාකාලයෙන් සදාකාලයට අප වෙත දයාවුව මැනව - ආමෙන්