දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ප්‍රාර්ථනාව
දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව...
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- සුරලොවින් පහළ වූ ජීවිත පූපයෙනි
- මුවාවූ දිව්‍ය ගැලවුම්කාරයාණනි
- තෝරාගනු ලැබුවන්ගේ පූපයෙනි
- කන්‍යාවන් ජනිත කරන්නා වූ මිදි රසයෙනි
- ශක්තිදායක රාජකීය පූපය හා මිහිරි සුවඳෙනි
- නිත්‍ය යාගයෙනි
- පිරිසිදු පඬුරෙනි
- නිර්මල අජබාලකයාණනි
- අති පවිත්‍ර භෝජන මංගල්‍යයෙනි
- සුරතාවයින්ගේ භෝජනයෙනි
- මුවාවූ මන්නා නමැති භෝජනයෙනි
- දේව ප්‍රාතිහාර්ය සඳහන් වූ පොතෙනි
- ස්වභාවට ඉහල් පදාර්ථ වූ පූපයෙනි
- අප සමග වසන මාංශගත වූ වාක්‍යයෙනි
- අති ශුද්ධවූ බිලිපඬුරෙනි
- ආශිර්වාද දායක පාත්‍රයෙනි
- විශ්වාසයේ අභිරහසෙනි
- අති අනර්ඝාචාර යුක්ත වූ ප්‍රසාද නිධානයෙනි
- සියලු පූජාවලට වඩා අති ශුද්ධවූ පූජාවෙනි
- ජීවතුන්ටත් මළවුන්ටත් ක්ෂමා දායක වූයෙනි
- පව් වලින් අප වලක්වන දිව්‍ය ප්‍රතිකාරයෙනි
- සියලු ප්‍රාතිහාර්යවලට වඩා විශ්මපත් වූ ප්‍රාතිහාර්යයෙනි
- සකල සම්පූර්ණකම් පරදවන දීමනාවෙනි
- ස්වාමිදරුවන්ගේ අති ශුද්ධවූ දුඃඛ ප්‍රාප්තිය සිහිවීමෙනි
- දිව්‍ය ත්‍යාගිවන්තකමේ පූර්ණ ප්‍රසාදයෙනි
- දේව ප්‍රේමය සිහිවීමට ප්‍රධාන හේතුවෙනි
- සුපරිශුද්ධ වූ අති උත්කෘෂ්ඨ අභිරහස්‍යයෙනි
- නිමලභාවය රක්ෂා කරන්නාවූ ඖෂධයෙනි
- භයංකරවූද ජීවිත දායකවූද ප්‍රසාද නිධානයෙනි
- අනන්ත දේව වාක් අනුහසින් මාංශ වූ පූපයෙනි
- දෘශ්‍යමාන ලේ වැගිරීමක් නැත්තා වූ යාගයෙනි
- බොජුනක් හා භුක්ති විඳින්නෙක් වූ ඒක අර්ථයෙනි
- සුරතාවයන් විසින් උපස්ථාන කරනු ලබන අති මධුර වූ භෝජන පන්තියෙනි
- දේව භක්තියේ ප්‍රසාද නිධානයෙනි
- දේව ප්‍රේමයේ බන්ධනයෙනි
- පඬුර හා පූජකයාණෙනි
- සුව උල්පතෙහි අනුභවකරනු ලබන ඥාන අමෘතයෙනි
- ශුද්ධවන්තයන්ගේ ආහාරයෙනි
- ස්වාමින් කෙරෙහි නසින්නන්ගේ මාර්ගෝපකරණයෙනි
- මතු ලබන මහිමතාවයේ උකසෙනි
- ප්‍රසන්නව - අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- (ඔබට කරන යාච්ඤා අසා වදාළ මැනව ස්වාමිණි)
- ඔබගේ ශ්‍රී රුධිරය හා ශරීරය අහේතු ආකාරයෙන් අනුභව නොකරන ලෙස
- ඇල්මැරුණු ගතියෙන් සත්ප්‍රසාද නොලබන ලෙස
- මාංශයේ තෘෂ්ණාවෙන්
- නේත්‍රවල තෘෂ්ණාවෙන්
- උඩඟු ජීවිතයෙන්
- පාපයට මාර්ගවූ සියල්ලෙන්
- ඔබගේ ගෝලයන් සමග මේ පාස්කු මංගල්‍ය භෝජනය අනුභව කිරීමට ඔබට තිබුණාවූ ආශාව බලා
- ගෝලයන්ගේ පාද දෝවනය කළ ඔබගේ බැහැපත් කම බලා
- සුපරිශුද්ධවූ දිව්‍ය ප්‍රසාද නිධානය ස්ථාපනය කළ ඔබගේ අති මහත් වූ ප්‍රේමය බලා
- පූජාසනයෙහි අපට තැබූ ඔබගේ අමිල වූ රුධිරය බලා
- අප උදෙසා මේ ඔබගේ ශ්‍රී ශරීරය ලද්දාවූ පස්වණවල් බලා
- ඉසටියෙන් අනින ලද ඔබගේ අති ශුද්ධවූ හෘදය බලා
- පාපි වූ අප
- මේ ආශ්චර්යවත් ප්‍රසාද නිධානය වෙත අපේ විශ්වාසය සහ ගෞරවාචාර භක්තිය වර්ධනය කර රක්ෂා කරන පිණිස
- සැබෑ පාපෝච්චාරණය කර විටින් විට දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමට අප උනන්දු කරන පිණිස
- සියලු වේදභේදවලින්ද ප්‍රයෝගවලින්ද හෘදය අන්ධකමින්ද අප ගලවන පිණිස
- මේ අති ශුද්ධවූ ප්‍රසාද නිධානයේ පරම දිව්‍ය ඵල අපට දෙවා වදාරණ පිණිස
- මරණාසන්නයෙහි මේ දිව්‍ය මාර්ගෝපකරණයෙන් අප ශක්තිමත් කොට රක්ෂාකරන්නට කරුණා කරන පිණිස
- දෙවියන්ගේ පුත්‍රයෙනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප - ඔබ වහන්සේ ස්වර්ග බොජුන් ඔවුන්ට දුන් සේක
- උ - එහි සකල මධුර භාවය ඇත්තේමය
යාච්ඤා කරම්භ ස්වාමිදරුවනි, මේ ආශ්චර්යවත් සත්ප්‍රසාදයෙහි ඔබගේ දුක්ප්‍රාප්ති විභාගය අපට තැබුවාවේද? එබැවින් මෙවැනි මාංශ ලේ වල ශුද්ධවූ විභාග අප විසින් සුදුසු සැටියේ වන්දනා කර එයින් ඔබ අපට දුන් නිදහස් වීමේ ඵල නිරතුරු ලබන පිණිස කරුණාකර වදාළ මැනව. පිතා හා ස්ප්‍රීතු සාන්තු සමග සදා කල් වැඩසිට වර්ධනය කරන ඔබගෙන්ම අපගේ ප්‍රාර්ථනාව ලැබේවා - ආමෙන්