දිව්‍ය බිළිඳුවන අමෘතබර ජේසු තුමන්ට ප්‍රාර්ථනාව

දිව්‍ය බිළිඳුවන අමෘතබර ජේසු තුමන්ට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව...
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
(අප ගලවා ගන්ට වඩිනවා සොඳේ ස්වාමි වඩිනවා සොඳේ)
  • නිත්‍ය පිතෘවරුන්ගේ පුත්‍රවන දිව්‍ය බිළිඳුනි

  • ස්ප්‍රීතු සාන්තු කරණකොටගෙන ගැබවැස පිළිසිඳුණු දිව්‍ය බිළිඳුනි

  • කන්‍යමරිය තුමන්ගෙන් ප්‍රසූතවූ දිව්‍ය බිළිඳුනි

  • ජම්ම දෝෂයෙන් මාතාවන් ගැලෙවූ දිව්‍ය බිළිඳුනි

  • ස්ප්‍රීතු සාන්තු තුමන්ගේ ඉෂ්ට ප්‍රසාදයෙන් මාතාවන් පිරෙවූ දිව්‍ය බිළිඳුනි

  • ප්‍රසූත වේලෙහිත් පෙරත් පසුත් මාතාවන්ගේ කන්‍ය බව රක්ෂාකළාවූ දිව්‍ය බිළිඳුනි

  • නිත්‍ය පර්වතවල අභිලාසයවන දිව්‍ය බිළිඳුනි

  • ජනසමූහයක් විසින් අදහගන්නා ලද දිව්‍ය බිළිඳුනි

  • දහසක් අතුරෙන් තෝරනලද දිව්‍ය බිළිඳුනි

  • නීතිශ්වර සූර්යවන දිව්‍ය බිළිඳුනි

  • උදයකාල ආදිත්‍යවන දිව්‍ය බිළිඳුනි

  • තමන් යහනෙන් නිකුත් වූ පත්‍යයාවන
  • දිව්‍ය බිළිඳුනි රුධිරවල පත්‍යයාවන දිව්‍ය බිළිඳුනි

  • දාවිත් කුටුඹයට ප්‍රත්‍යක්ෂ උල්පතවන දිව්‍ය බිළිඳුනි

  • සමූහයන්ගේ ක්ෂිරයත් රජුන්ගේ ස්ථන්‍යයත් වන දිව්‍ය බිළිඳුනි

  • ක්ෂේත්‍ර පද්මයවන දිව්‍ය බිළිඳුනි

  • ප්‍රත්‍යක්ෂවූ දේව ශ්‍රී හස්තය වන දිව්‍ය බිළිඳුනි

  • දේව දකුණු හස්තයවන දිව්‍ය බිළිඳුනි
  • සමාදාන ප්‍රභූවන දිව්‍ය බිළිඳුනි

  • මහත් මන්ත්‍රණ දූතයා වන දිව්‍ය බිළිඳුනි

  • මෝක්ෂ රාජේන්ද්‍ර වන දිව්‍ය බිළිඳුනි

  • මනුෂ්‍ය පුත්‍රයන්ගේ අති සුන්දර වන දිව්‍ය බිළිඳුනි

  • අරහත්වරයන්ගේ ආරම්භය වන දිව්‍ය බිළිඳුනි

  • ලෝකයෙහි අති ප්‍රකාශ අරුණවන දිව්‍ය බිළිඳුනි

  • අපගේ වේදාචාර්ය ගුරුතුමා වන දිව්‍ය බිළිඳුනි

  • නිතියෙහි පණ්ඩිත වන දිව්‍ය බිළිඳුනි

  • සත්‍ය මිදිවැල වන දිව්‍ය බිළිඳුනි

  • ජීවිත වෘක්ෂය වන දිව්‍ය බිළිඳුනි

  • අනාගතකාල පිතා වන දිව්‍ය බිළිඳුනි
  • ධර්මවල රාජේන්ද්‍රවන දිව්‍ය බිළිඳුනි

  • අපේ ආත්මයන්ගේ රාජගුරු ප්‍රසාදි වන දිව්‍ය බිළිඳුනි

  • මෙල්කිසදෙක් යන පූජාචාරිහුගේ ක්‍රමලෙස නිත්‍ය ගුරුවන දිව්‍ය බිළිඳුනි

  • දුප්පත් පොහොසත් වන දිව්‍ය බිළිඳුනි

  • විරුඬයෙහි විෂයවන දිව්‍ය බිළිඳුනි

  • යක්ෂයා විසින් විෂයවන දිව්‍ය බිළිඳුනි

  • යක්ෂයා විසින් පරීක්ෂා කරන ලද දිව්‍ය බිළිඳුනි

  • තෝරනලදවූන්ගේ භෝජනය වන දිව්‍ය බිළිඳුනි

  • ස්වර්ගපුරෙන් පහළවූ ජීවිත පුපයවන දිව්‍ය බිළිඳුනි

  • අති උත්තම ගෝපාලයාවන දිව්‍ය බිළිඳුනි
  • බැටළුවන්ගේ වාසල වන දිව්‍ය බිළිඳුනි

  • මාර්ගයත් සත්‍යයත් වන දිව්‍ය බිළිඳුනි
  • මුවාවූ දෙවියන් වන දිව්‍ය බිළිඳුනි

  • දුක් උපද්‍රවවල මනුෂ්‍යයා වන දිව්‍ය බිළිඳුනි

  • වනාන්තරයෙහි උසස්කරන ලද සර්පයාවන දිව්‍ය බිළිඳුනි

  • පූජාසනයෙහි මිදිපොකුර වන දිව්‍ය බිළිඳුනි

  • විල්වල අති සුවඳ කුසුමවන දිව්‍ය බිළිඳුනි

  • සංගීතයත් සුරමණ්ඩලයත් වන දිව්‍ය බිළිඳුනි

  • කඳුලු ඇස් ඇත්තන්ගේ නලල් තලයෙහි අච්චුගැසු අක්ෂරය වන දිව්‍ය බිළිඳුනි

  • මරණයට මරණය වන දිව්‍ය බිළිඳුනි

  • නිරාදෂ්ටයවන දිව්‍ය බිළිඳුනි

  • වියලි දෙරණෙහි යටඇදි මුලවන දිව්‍ය බිළිඳුනි

  • අති උතුම් දෙරණෙහි ඵලවන දිව්‍ය බිළිඳුනි

  • උදයකාල අති ප්‍රකාශ අරුණ වන දිව්‍ය බිළිඳුනි

  • කඳු සෙල්වලින් පැන ආ දිව්‍ය බිළිඳුනි

  • තමන් පැටියන් පියාඹන්ට පුරුදු කරවන රාජාලි පක්ෂියාවන දිව්‍ය බිළිඳුනි

  • සියලුදේට ආරම්භය වන දිව්‍ය බිළිඳුනි

  • අපගේ සමාදානය වන දිව්‍ය බිළිඳුනි

  • නිත්‍ය පිතෘන් ඉදිරියෙහි අපගේ මධ්‍යස්ථයා වන දිව්‍ය බිළිඳුනි

  • සත්‍ය විශ්වාස සාක්ෂිය වන දිව්‍ය බිළිඳුනි

  • ජීවතුන්ගෙත් මළවුන්ගේත් නඩුකාරයා වන දිව්‍ය බිළිඳුනි

  • ජුදාගෝත්‍ර සිංහවන දිව්‍ය බිළිඳුනි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ප - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප

  • වාසනාකාරයන් වන ලෙස

  • උ - පිරිසිදු දේව මාතාවෙනි අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ, අනන්ත දයාබර සර්වේශ්වරවූ දෙවියනි ඔබ වහන්සේ මනුෂ්‍යයින්ගේ ගැලවීම උදෙසා ඔබගේ ශ්‍රී කුමාරයා මේ ලොවෙහි නවමසක් කන්‍යා මරියතුමන්ගේ ශ්‍රී කුසෙහි වාසය කරන්නට කරුණා අභිප්‍රායවුනාවේද, උන්වහන්සේගේ ගර්‍භවාසයට ස්තෝත්‍රවෙන පිණිස අප කරන මේ ආරාධනාව කරුණා බර කමින් අත්කරගෙන දෙදෙනා වහන්සේලාගේ පින් හේතු උදෙසා අපේ ගැලවීමේ ඵල අපි ලබා අනන්ත කාලය මොක් සැප අනුභවකරන ලෙස කරුණා කළ මැනවයි ඔබට යාච්ඤා කරමු - ආමෙන් ජේසු