තලවිල ශුද්ධවූ ආනා මුනිශ්වරිගේ ප්‍රාර්ථනාව

තලවිල ශුද්ධවූ ආනා මුනිශ්වරිගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්‍යාවෙනි

  • ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • රාජ වංශයෙහි උපන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ක්‍රිස්තු තුමන්ගේ මෑණියන්ගේ මාතාවන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දිව්‍ය කුමාරයාණන්ගේ අනුශාසක වීමට වාසනා ලද්දාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • තලවිල නම් ග්‍රාමය ඔබගේ වන්දනා ස්ථානය කර ගත්තාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ඔබගේ නාමයට කැප කරන ලද නෞකාවක් කල්පිටිය සමීපයේදී කැඩී බිදීයාම සිදු වීමෙන් මේ සිද්ධස්ථානය සොයා ගැනීමට වරම් සලස්වා දුන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • වැලි කන්දක හැපී කැඩි බිඳී ගිය ඒ නැවේ අනතුරට පත් නාවිකයන්ට එහි තිබුණ ඔබගේ ප්‍රතිමාව රැගෙන ගොඩ යෑමට සලස්වා වදාළාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • රාත්‍රි කාලයේ අනතුරට පත් ඒ නාවිකයන්ට රක්ෂස්ථානයක් කොට මේ වන්දනා භුමිය කරා ඊම සලස්වා වදාළා වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මේ ශුද්ධ ස්ථානයේ නුග බෙනයක ඔබගේ ප්‍රතිමාව ප්‍රථමයෙන් ස්ථාපිත කිරීමට කරුණා කර වදාළා වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මේ වූ අනතුරු උවදුරු වලින් මිදී ජීවත්ව සිටියහොත් මෙහි දේවස්ථානයක් ගොඩ නැංවීමට භාරවූ ඒ ඔවුන්ගේ අදහස් සපලවී ඔබගේ දේවස්ථානය ඉදිකිරීමට පිහිටවී වදාළාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කන්‍ය මරිය වහන්සේගේ මාතාවන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • පිතෘවර ජුවකිම් තුමන්ගේ ප්‍රිය කාන්තාවන් වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • විශ්වාසයෙන් ඔබ වෙත ලඟා වන්නන් සැම කල් නිරුපද්‍ර කොට රක්ෂා කරන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • පිතෘවර ජේසු තුමන්ගේ මෙහෙසින්ගේ මාතාවන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ඔබගේ අද්භූත ප්‍රේමය වර්ණනා කරමින් පාදපද්මය ළඟ වැඳ වැවී කන්නලව් කියා අයැද සිටින හැම දෙනාටම පිහිට ලබා දෙන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කන්‍යා මාතාවන්ගේ වාක්ප්‍රසාද ගැබවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ජෙස්සේහුගේ අංකුරයවූද ඔරේබුයන දේව දර්ශක සෙලවුද ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • පල දරන මිදි වැල සහ යහපත් වෘක්ෂය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මිත්‍යා දෘෂ්ඨීන් සත්‍ය සභාවට ඇතුලත් වීමේ දොරටුව වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • සුරදූතයන්ගේ ආනන්දයවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මේ වන්දනා ස්ථානයට භය භක්තියෙන් පැමිණෙන්නන් කරුණාවෙන් වැළඳ ගන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • සාගිනි, පිපාස, වෙහෙස මහන්සි, අවි පිනි ආදිය විඳිමින් ඔබ මුව කමල දර්ශනය කිරීමට පැමිණෙන්නන් සනසා වදාරන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මෙහි පැමිණි සියල්ලන්ට සැනසීම ද ප්‍රීතිය හා දේව දයාවද ලබා දෙන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රධාන පිතෘවරුන්ගේ සගොත්‍රවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දිවස් ප්‍රසාදි වරයන්ගේ වාක්‍යයවූද පින්වතුන්ගේ තේජසය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • රැකිරක්ෂා නොමැතිව සාගිනි පිපාස දුකින් තැවී සිටින්නන් ඔබ සරණය ඉල්ලු කල කරුණාවෙන් සැනසීම ලබාදෙන මාතාවන් වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ගුරු ප්‍රසාදි ලෙව්වරුන්ගේ තේජසය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රසාද වස්වන වළා මේඝය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ඔබ තෝරා ගත් මේ මන්දිරයෙහි වාසය කරමින් නානා දෙසින් පැමිණෙන අසරණ දරුවන් ප්‍රේමයෙන් බලා සිටින මාතාවන් වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රිය ප්‍රසාද පූර්ණ පාත්‍රය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • සාතන්ගේ මායම්වලින් ආතුරව සිටින්නන් නිවාරණය කිරීමෙන් ආශ්චර්ය අද්භූත පාන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කීකරු කමෙහිද දයා භක්තියෙහිද දර්පනය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • අවිද්‍යා වූවන්ට විද්‍යා ඉගෙන ගැනීමට අධික බලධාරී මාතාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • යහපත් අනුශාසනා දායකවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ශ්‍රී ශුද්ධවූ සභාවට ප්‍රසාද පිහිටවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ක්‍රිස්තියානින්ට පිහිට හා ආරක්ෂාවද පව්කාරයන්ට උපකාරද වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • අනාථයන්ගේ මෑණියන්වූද, දාසයින්ගේ නිදහසවූද ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කන්‍යා ස්ත්‍රී වරුන්ට කීර්තියවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • පරලෝක රාජේශ්වරියගේ ආචාර්ය වරියවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • සරණ බන්ධනවූවන්ට සැනසීමවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දරුඵල නැති විවාහ වූවන් ඔබ වෙත පැමිණ පිහිට ඉල්ලූ කල ඔවුන්ගේ ඉල්ලීම සපල කරවා දෙන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ගැබ්දරා සිටින්නන්ගේ ආරක්ෂාකාර බලවත් මව්වන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ප්‍රසව වේලාවෙහි සරණ සොයන්නන් වෙත ඔබ දයාබර නේත්‍රයන් පා ඔවුන්ට සැනසීම ලබා දෙන ක්‍රපදයාබර මාතාවන් වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මුහුදු යාත්‍රා කරන්නන්ගේ බලාපොරොත්තුව සහ ගැලවීමේ ආශ්චර්ය වෙරළ වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කුණාටු සහිත රළ පතර නගන කල්හි ඔබගේ සහාය සොයන්නන්ට පිහිට ලබා දෙන්නාවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මේඝ ඝර්ජනා හා විදුලි කෙටීම්ද ඝන වළාද සහිත අන්ධකාර රාත්‍රි කාලයෙහි සමුද්‍ර මධ්‍යයේ සිට ඔබට අඬගසන්නන් ආරක්ෂා වෙරළට ප්‍රවිෂ්ට කරවන මාතාවන් වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • දේශාන්තරවූවන්ට ගමනවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ව්‍යාධීන්ට ඖෂධය වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • රෝගීන්ට ආරෝග්‍යද අන්ධයන්ට දෘෂ්ඨියද වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ගොළුවන්ට දිව හා බිහිරන්ට ඇසීමද ලබා දෙන ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • කොරුන්ට ගමන වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • වික්ෂිප්තයන්ට සැනසීමවූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • ඔබට මොරගසන්නන්ට සැනසීම වූ ශුද්ධවූ ආනා මුනිශ්වරියනි

  • මෑණියනි අපේ යාච්ඤා අසා වදාළ මැනව

  • ඔබගේ සරණ සොයා රැකී රක්ෂාවලින් විවේක ගෙන පැමිණි ඔබගේ දරුවන් වූ අප සියල්ලන්ට පිහිට ලබා දෙන පිණිස

  • තමන් ගේ, දොර වතුපිටි ආදි වස්තු හැර පියා ඔබ පිහිට සොයා ආවාවූ අසරණයන්ට පිහිට ලබා දෙන පිණිස

  • ගමන් මාර්ගයේදී පැමිණියාවූ කරදර හිරිහැර නොතකා ඔබ පාද පද්මය සිප ගැනීමට පැමිණි සියල්ලන්ට පිහිට ලබා දෙන පිණිස
  • ඔබගේ ජයෝත්සවයට පැමිණීමෙන් අත්කර ගත් කියා නොහැකි වරප්‍රසාදයන් අප සිහිපත් කරන පිණිස

  • අප එකිනෙකා පත පතා අවාවූ යහපත් සියලු දේම සඵලවන් වෙන පිණිස

  • අප මේ වන්දනා ස්ථානයෙන් ලබා ගත් ඵල නිරතුරු රක්ෂා කර ගන්නා ලෙස

  • මේ වන්දනා ස්ථානය හැර අපගේ වාසස්ථාන වලට කිසි අනතුරක් දුකක් හිරිහැරයක් නොමැතිව පැමිණෙන ලෙසත් පැමිණි පසු

  • ඔබගේ ආදරවන්ත බැල්ම සැමකල් අප වෙත පවතිනු පිණිසත්

  • නැවත ඔබ කරා පැමිණ අපගේ ඕනෑ එපා කම් උච්චාරණය කර සිටින්නට අපගේ සනීපය ආරක්ෂා කර දෙන මෙන්

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයන් වන ලෙස‍
  • උත්තරය - භාග්‍යවන්ත ශුද්ධවූ ආනා මුනිශ්වරියනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වපරාක්‍රම අනාදි පිතාවන දෙවියනි, ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුමාරයාණන්ගේ පිරිසිදු මෑණියන්ට මාතාවන් කොට ශුද්ධවූ ආනා මුනිශ්වරියන් තෝරාගන්ට කරුණා අභිප්‍රාය වූ සේක් වේද? එබැවින් ශුද්ධවූ ආනා මුනිශ්වරියගේ මධ්‍යස්ථකම මහත් භක්ති ප්‍රේමයෙන් අදහන අපට ඔබ වහන්සේ හා ස්ප්‍රීතු සාන්තු වහන්සේ හා සමග අනන්ත කාලයටම ජීවත් වෙන ලෙස කරුණාකර වදාළ මැනව. මේ කීදේ අපගේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්