ජේසු ස්වාමි දරුවන්ට ප්‍රාර්ථනාව

ජේසු ස්වාමි දරුවන්ට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව...
    • පරමණ්ඩලවල වැඩ හිඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි

  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි

  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි

  • අනන්ත පරම ඥාන වූ ජේසුනි

  • කන්‍යා මරිය කුසින් ප්‍රසූත වූ ජේසුනි

  • පිළිවතින් ඔතාලන ලද්දාවූ ජේසුනි

  • ගව මැදුරෙහි වැඩඔත් වූ ජේසුනි

  • කන්‍යා පයොදර වලින් රන්කිරි පොවන ලද්දාවූ ජේසුනි

  • ගව කොටළුවන් මැද ගොපළුවන් විසින් අඳුනන ලද්දාවූ ජේසුනි

  • චර්ම ඡේදනයෙන් ආගමට අවනත වූවා වූ ජේසුනි

  • විවිධ තේජෝමාන රජදරුවන් විසින් වඳින ලද්දාවූ ජේසුනි

  • දේව මන්දිරයෙහි දක්වන ලද්දාවූ ජේසුනි

  • එජිප්තු රටට දේශාන්තරව වැඩමවන ලද්දාවූ ජේසුනි

  • හෙරොද් රජ විසින් මරණයට සොයන ලද්දාවූ ජේසුනි

  • දේව මන්දිරයෙහි පණ්ඩිතවරුන් මැද දකින ලද්දාවූ ජේසුනි

  • මවුපියන්ට කීකරු වූ ජේසුනි

  • නාසරෙත් නුවරෙහි වැඩිවර්ධනය වූ ජේසුනි

  • ස්නාවක ජුවාම් මුණි විසින් ස්නානය කරන ලද්දාවූ ජේසුනි

  • වනාන්තරයෙහි යක්ෂයා විසින් පරීක්ෂා කරන ලද්දාවූ ජේසුනි

  • මනුෂ්‍යයන් හා වාසය කළාවූ ජේසුනි

  • නිෂ්කාරණ වෛරයට විෂය වූවා වූ ජේසුනි

  • නින්දාවලින් පීඩිත වූ ජේසුනි

  • ප්‍රධාන පිතුරුවන් ඉදිරියේ අන්‍යරූප විලාශ වූ ජේසුනි

  • සාන්තදාන්ත රජෙකු මෙන් ජෙරුසළමේ නගරයට ප්‍රවිෂ්ඨ වූ ජේසුනි

  • පරදුඃඛිත සිතින් ඇඬුවා වූ ජේසුනි

  • රිදී තිසකට විකුණන ලද්දාවූ ජේසුනි

  • ගෝලයින්ගේ පතුලට පහත්වූවාවූ ජේසුනි

  • ධ්‍යානයෙන් සෂ්ටාංගයෙන් වැටුණා වූ ජේසුනි

  • දේව දූතයින් විසින් අස්වසන ලද්දාවූ ජේසුනි

  • මරණාසන්න දුකින් සර්වාංග ලේ ඩහදිය බින්දු හැළුණා වූ ජේසුනි

  • ජුදාස් විසින් සිප වැළද පාවාදෙන ලද්දාවූ ජේසුනි

  • සේවකයන් විසින් බන්ධනගතවූවා වූ ජේසුනි

  • ගෝලයින් විසින් පැහැර හරින ලද්දාවූ ජේසුනි

  • අන්නාස් කෛපාස් ඉදිරියෙහි සිටුවන ලද්දාවූ ජේසුනි

  • සේවකයකු විසින් ශ්‍රා වත මඬලට පහරක් ගසන ලද්දා වූ ජේසුනි

  • බොරු සාක්ෂිවලින් නඩුවට පමුණුවන ලද්දාවූ ජේසුනි

  • නඩු සභාවෙන් මරණයට තීන්දු කරන ලද්දාවූ ජේසුනි

  • සිරිවත මඬලට කෙළගසන ලද්දා වූ ජේසුනි

  • අතුල් පහර වින්දා වූ ජේසුනි

  • බැමිලා පිලාත්තු අතට පාවාදෙන ලද්දාවූ ජේසුනි

  • හෙරෝදි රජ විසින් නින්දා පරුෂ කරන ලද්දා වූ ජේසුනි

  • සුදු සළු අඳවන ලද්දා වූ ජේසුනි

  • බරබාස්ට වඩා නීචකරන ලද්දා වූ ජේසුනි

  • කසවලින් තළන ලද්දා වූ ජේසුනි

  • අපේ පාපවල් නිසා පීඩිත වූ ජේසුනි

  • කුෂ්ඨරෝගී වෙස් දරන ලද්දා වූ ජේසුනි

  • රතු පළඳනා පොරවන ලද්දා වූ ජේසුනි

  • කටුඔටුන්න පළඳවන ලද්දාවූ ජේසුනි

  • උණදණ්ඩෙන් තළන ලද්දා වූ ජේසුනි

  • ජුදයින් විසින් කුරුසියේ ගාවිනාවලට ඉල්ලන ලද්දා වූ ජේසුනි

  • අති අවලක්ෂණ මරණයට ප්‍රාප්ත වූ ජේසුනි
  • ජුදයින්ගේ කැමැත්තට භාර කරන ලද්දා වූ ජේසුනි

  • කුරුසේ බරෙන් ඔබවන ලද්දා වූ ජේසුනි

  • බැටළුවෙකු මෙන් බිල්ලට ගෙනයන ලද්දා වූ ජේසුනි

  • සළු පළඳනා ගලවන ලද්දා වූ ජේසුනි

  • කුරුසේ ඇණ ගසන ලද්දා වූ ජේසුනි

  • අපේ පාපවල් නිසා වණවලින් පීඩිත වූ ජේසුනි

  • සතුරන් නිසා පිතාවන දෙවියන්ට යාච්ඤා කළා වූ ජේසුනි

  • නපුරන් හා සමාන කරන ලද්දාවූ ජේසුනි

  • කුරුසේ නින්දා හා වාක්පරුෂ වින්දා වූ ජේසුනි
  • සොරෙකු මෙන් පරිභව බැණුම් ඇසුවා වූ ජේසුනි

  • පශ්චත්තාප වූ සොරාට මොක් දෙමැයි වදාළා වූ ජේසුනි

  • පිපාසයෙහි තික්ත ඇඹුල පොවන ලද්දා වූ ජේසුනි

  • කුරුසේ වැඩ ඉඳ සතක් වදාළා වූ ජේසුනි

  • පිතාවන දෙවියන්ගේ ශ්‍රී හස්තවලට ප්‍රාණය භාර කළා වූ ජේසුනි

  • කුරුසියේ මරණය විඳින තෙක් කීකරු වුණාවූ ජේසුනි

  • ඉසටියෙන් අනින ලද්දාවූ ජේසුනි

  • අපට පාපක්ෂමාව දුන්නාවූ ජේසුනි

  • කුරුසියෙන් බස්වන ලද්දාවූ ජේසුනි

  • තැන්පත් කරන ලද්දාවූ ජේසුනි

  • මළවුන් කෙරෙන් උත්ථාන කර වදාළ වූ ජේසුනි

  • මනු ලොවට වැඩ වදාළ වූ ජේසුනි

  • පිතාවන දෙවියන්ගේ සම්මුඛයෙහි අපට මධ්‍යස්ථ වූ ජේසුනි

  • ස්ප්‍රීතු සාන්තු ප්‍රසාදවල් එව්වා වූ ජේසුනි

  • සුරතාවයන්ගේ සභාවලට උසස් වූ ආසනයෙහි තම මාතාවන් පැමිණෙව්වා වූ ජේසුනි

  • ජීවතුන් හා මළවුන්ට නඩු වදාරන්නා වූ ජේසුනි

  • ප්‍රසන්නව - අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ප්‍රසන්නව - අපේ ප්‍රාර්ථනා ඇසුව මැනව ස්වාමි

  • සියලු නපුරෙන්

  • සියලු පාපයෙන්

  • කෝප වෛරයෙන් හා ආක්‍රම වූ සියලු මරණ සමාධියෙන්

  • සාගත දුර්භික්ෂයෙන් කහා සංග්‍රාමයෙන්

  • ගත හා ප්‍රාණයේ සියලු අපහසුවලින්

  • නිත්‍ය මරණයෙන්

  • ඔබගේ අද්භූත උපත බලා

  • ඔබගේ අවනත වූ චර්මඡේදනය බලා

  • ඔබගේ ප්‍රසාද ස්නානය හා ශු නිරාහාරය බලා

  • ඔබගේ කස පහරවල් හා කටු ඔටුන්න බලා

  • ඔබගේ නිදිමර්ධනාව හා ගැහිනිවල් බලා

  • ඔබගේ ක්ෂුධාව හා කඳුළු හා නග්න වීම බලා
  • ඔබගේ කුරුසිය හා අමිල වූ මරණය බලා
  • ඔබගේ ආශ්චර්යමත් වූ උත්ථානය හා අහස් නැගීම බලා
  • ස්ප්‍රීතු සාන්තු තුමන්ගේ ආගමනය බලා

  • නඩු තීන්දු දිනේදි
  • පාපිවූ අප

  • අපට ක්ෂමා කරන පිණිස

  • අපට පාප විමෝචනය සලස්වා වදාරණ පිණිස

  • සැබෑ පශ්චාත්තාපයට අප පමුණුවා වදාරණ පිණිස

  • අපේ හෘදවලට ස්ප්‍රීතු සාන්තු ප්‍රසාද දයාවෙන් පිහිටුවා වදාරණ පිණිස

  • ඔබගේ ශුද්ධවූ සභාව රැක දීර්ඝකර වදාරණ පිණිස

  • ඔබගේ නාමයෙන් එකතු වූ ජන සමූහයන් නිශ්චලව වැඩි වර්ධනයට පමුණුවා වදාරණ පිණිස

  • අපට සැබෑවූ සමාදානය අවනත වීම හා දයා සිත් දෙවා වදාරණ පිණිස

  • ඔබගේ ඉෂ්ඨප්‍රසාදයෙහි හා ශුද්ධවූ ගැතිකමෙහි අප ස්ථිර කර වදාරණ පිණිස

  • අප අශුද්ධ කල්පනාවෙන් යක්ෂපරීක්ෂාවෙන් හා නිත්‍ය අච්චුවෙන් ගලවා වදාරණ පිණිස

  • ඔබගේ ශුද්ධවන්තයන්ගේ සමූහයට අප එක්කර වදාරණ පිණිස

  • අපේ ප්‍රාර්ථනා ගිවිස වදාරණ පිණිස
  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ප - ස්වාමිනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව

  • උ - අපේ හඬ ශබ්දය ඔබ වෙතෙහි පැමිණෙවා

 

යාච්ඤා කරම්භ දයාබරකමෙහි ප්‍රමාණතික්‍රාන්තවූ සුවයෙහි අනන්ත නිධානය වූ දෙවියනි, අපට ලැබුණු ප්‍රසාදවල් උදෙසා ඔබගේ පියකරු මහිමෝත්තම භාවයට ස්තෝත්‍ර පූජා කොට ඔබගේ කරුණාධ්‍යාය ප්‍රාර්ථනා කරම්හ. ඉල්ලූ දෙය ප්‍රාර්ථනා කරන්නට සලස්වන්නා වූ ඔබ වහන්සේ අප අත නොහැර මතු සුගතියට හේතු යුක්ත කොටගෙන වදාළ මැනව. මෙකී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්