ජේසු ස්වාමිදරුවන්ගේ ශුද්ධවූ වයසෙහි ප්‍රාර්ථනාව
ජේසු ස්වාමිදරුවන්ගේ ශුද්ධවූ වයසෙහි ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව..
- පිරිසිදු කන්‍යා ස්ත්‍රී තුමන්ගේ ශ්‍රී කුසෙහි අප නිසා මනුෂ්‍ය ස්වභාවගත් මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- එක ගවමැදුරක අප නිසා ඉපිද වැඩ සිටියා වූ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- මෙත්තයක් නැතුව සළුවක් නැතුව සීතලෙන් වෙව්ලා තණකොළ යහනෙහි බාවන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ඔබ වහන්සේ උපන් අටවන දින චර්මඡේදනය කරන ලද්දාවූ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- හෙරෝදි රජ්ජුරුවන් නෙස්ටුරකමෙන් ගැලවී එජිප්තු රටට අප නිසා දේශාන්තරව වැඩිය මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- දිලිදු බැවින් හා ඩහදිය හතිකැක්කුමෙන් අප නිසා ගැහැට වින්ද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- වනාන්තරයෙහි අප නිසා සතළිස්දිනක් නිරාහාර සිල් රක්ෂාකළ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අපට ගැලවීම කොට ද්‍රෝහි ජුසස් ස්කාරියොත් යන අයගේ පාද දෝවන කළ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- දිව්‍ය සත්ප්‍රසාදයෙහි ලෝකාන්තිමය දක්වා අප සමග සිටින මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ජෙත්සෙම්නීය කියන මල් උයනෙහි අප නිසා ධ්‍යානකර මරණාසන්න දුක්වින්ද මගේ සෙනෙහෙවන්ත
වූ ජේසුනි - මහත් දුක් සන්තාපයෙන් අප නිසා ලේ ඩහදිය සිඳ හෙලු මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- යදම්වලිනුත් කඹවලිනුත් අප නිසා සොරෙකුමෙන් බඳින ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- නින්දා අවමාන හා නෙරෙක්කු අපකීර්තිය අප නිසා අත්කරගත් මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අන්නාස් කෛපාස් පිලාත්තු එරෝදි යන මොවුන් ඉදිරියේ අප නිසා ප්‍රසිද්ධියෙන් නින්දාකොට කැඳවා ගෙන යන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ඔබ වහන්සේ ශ්‍රී මුහුණ මණ්ඩලයට අප නිසා පහරවල් දෙන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- නීච දාසයෙකු මෙන් ගල් කනුවේ බැඳුම් කා අප නිසා කස පහරවල් විඳින ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ඔබගේ ශ්‍රී සිරසෙහි අප නිසා කටු ඔටුන්න ගසා වඳින ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- උනදණ්ඩකින් අප නිසා පහරවල් වින්දාවූ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අප නිසා ඔබගේ ශ්‍රී මුහුණ මණ්ඩලය කෙලයෙන් කෙලහන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ඔබ වහන්සේගේ ශ්‍රී මුහුණ මණ්ඩලය වසා කවට රාජ යයි අසමින් අප නිසා නින්දා වින්දාවූ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අත්වලින්ද පාදවලින්ද අප නිසා ඇනුම්කන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- කපාලසෙල මත්තෙහි අප නිසා මරණයට පත් වෙන්ට තීන්දු පනත යෙදෙනුලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අප නිසා කුරුසේ බර උසුලාගෙන වැඩිය මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- සැට්ටසළු ගලවා අප නිසා මහත්වූ ලජ්ජාකෝලයෙන් සිටුවන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- යකඩ ඇනවලින් අප නිසා කුරුසේ ඇන ගසන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- සොරුන් දෙදෙනෙකු මැද සොරෙකු මෙන් අප නිසා ස්ථාපිත කරන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අප නිසා තික්ත ඇඹුල පානය කරවන ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- පිතාවන දෙවියන් ඉදිරියෙහි අපේ පාපවල් උදෙසාත් ඔබ වහන්සේට ගාවිනා කළ අය උදෙසාත් යාච්ඤා කළාවූ මගේ
- සෙනෙහෙවන්ත වූ ජේසුනි
- අප නිසා කුරුසේ මරණ ලද මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ඔබ වහන්සේගේ ශ්‍රී ඉලමණ්ඩලයෙහි අප නිසා ඉසටියෙන් ඇනුම් කෑ මගේ සෙනෙහෙවන්ත වූ ජේසුනි
- ඔබ වහන්සේ වින්දාවූ වද ගාවිනා සියල්ල ලෝකගැලවීම උදෙසා පිතාවන දෙවියන්ට ඔප්පු කළාවූ මගේ සෙනෙහෙවන් වූ ජේසුනි
- ස්වාමිනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- අපේ හඬ ශබ්දය ඔබ වෙතෙහි පැමිණේවා
යාච්ඤා කරම්භ, දයාබර කමෙහි ප්‍රමාණතික්‍රාන්තවූ සුඛවයෙහි අනන්ත නිධානය වූ දෙවියනි, අපට ලැබුණු ප්‍රසාදවල් උදෙසා ඔබගේ පියකරු මහිමෝත්තම භාවයට ස්තෝත්‍ර පූජාකොට ඔබගේ කරුණා ප්‍රාර්ථනා කරම්හ. ඒ කිම්දයත් ප්‍රාර්ථනා කරන්නට සියලු දෙය සලස්වන්නාවූ මේ ඔබතෙම අප අත් නොහැර මතු සුගතියට හේතු යුක්ත කොට ගෙන වදාළ මැනව. මෙකී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්