ජේසු ස්වාමිදරුවන්ගේ අමිලවූ දිව්‍ය රුධිරයට ප්‍රාර්ථනාව

ජේසු ස්වාමිදරුවන්ගේ අමිලවූ දිව්‍ය රුධිරයට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ‍ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා දයාවෙන් අසා වදාළ මැනව...
    • පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
(අපට කරුණා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි

  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි

  • නිත්‍ය පිතාවන්ගේ ඒක ජාත පුත්‍රයාණන් වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • මාංශගත වූ දෙවියන්ගේ වචන තුමාණන් වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • අභිනව වූත් සදාකාලික වූත් ගිවිසුම වන ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • ජෙත්සමෙනි උයනෙහිදී පොළොව මත ගලා ගියා වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • කස පහරවල් විඳීමෙන් බහුලව සිඳ හෙලුවා වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • කටු ඔටුන්න දැරීමේදී වෑහුනා වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • කුරුසිය මත ගලා ගියා වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • අපගේ ගැලවීමේ මිළය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • පව් සමාව ලැබීමේ ඒක මාර්ගය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • ආත්මයන්ගේ සත්ප්‍රසාදික පානය හා ආහාරය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • දයාව ගලාබසින දිය පාර වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • යක්ෂයන් පරාජය කරන්නාවූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ධෛර්ය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • වේද සාක්ෂිවරයන්ගේ ශක්තිය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • කන්‍යාවන් ජනිත කරවන්නා වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • අන්තරාවේ සිටින්නන්ගේ ආධාරය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • පීඩිත වූවන්ගේ සහනය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • දුඃඛිත වූවන්ගේ සැනසීම වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • පශ්චාත්තාපිකයන්ගේ බලාපොරොත්තුව වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • මරණාසන්න වූවන්ගේ සැනසීම වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • හෘදයන්ගේ සමාදානය හා මෘදු භාවය වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • නිත්‍ය ජීවිතයේ උකස වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • ශුද්ධිකගිනිස්ථානයේ ආත්මයන් නිදහස් කරන්නා වූ ක්‍රිස්තු තුමන්ගේ රුධිරයෙනි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ප - ස්වාමිනි ඔබ රුධිරය මාර්ගයෙන් ඔබ වහන්සේ අප ගලවා ගත් සේක
  • උ - ස්වර්ග රාජ්‍යයේ වූ අපගේ දෙවියන් වහන්සේ උදෙසා ඔබ වහන්සේ අප මැවූ සේක

 

යාච්ඤා කරම්භ සර්වබලධාරි වූ අනන්ත දෙවියනි ඔබ වහන්සේගේ ඒක ජාත පුත්‍රයාණන් ලෝ ගැලවුම්කාරයාකොට නියම කරන්ටත් උන්වහන්සේගේ රුධිරයෙන් දේව උදහස් බැහැර කරන්ටත් ඔබ වහන්සේ අභිප්‍රාය වූ සේක් වේද? එබැවින් අපේ ගැලවීමේ මිලයට නිසි ලෙස වැද නමස්කාර කර උන්වහන්සේගේ පිහිටෙන් මෙලොවදී නපුරෙන් ගැලවී දිව්‍ය රාජ්‍යයෙහි නිත්‍ය සම්පත් විඳිනු පිණිස අපට කරුණා කරනවා සොඳේ. මෙකී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා - ආමෙන්