ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රාර්ථනාව
ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව...
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- නිත්‍ය පිතාවන්ගේ පුත්‍රවන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- කන්‍යා මාතාවන්ගේ ගර්භයෙහි ස්ප්‍රීතු සාන්තු විසින් සාදන ලද්දා වූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- දෙවියන්ගේ වචන තුමාණන්ට භාවාර්ථයෙන් ඒකාබද්ධ වූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- අප්‍රමාණ තේජස් භරිත වූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- දෙවියන්ගේ සුවිශුද්ධ මන්දිරය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සර්වෝත්තමයාණන්ගේ මණ්ඩපය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- දෙවියන්ගේ ගෘහය සහ පරමණ්ඩල වාසල වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ප්‍රේමයෙන් දැල්වෙන උදුන වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ධර්මිෂ්ඨකමෙත් ප්‍රේමයෙත් නිධානය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- දයා යහපත්කමින්ද දේව ප්‍රේමයෙන්ද පූර්ණ වූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සියලු ධර්මගුණයන්ගේ සාගරය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සකල ප්‍රශංසාවලට යෝග්‍යවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සමස්ත හෘදයන්ගේ රජාණන්ද මධ්‍යස්ථානයද වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ප්‍රඥාවන්තකමෙත් දැනගැන්මෙත් සියලු නිධාන අන්තර්ගත වූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- දෙවිකයේ සර්ව සම්පූර්ණකම වාසය කරන්නාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- පියාණන්ට අති ප්‍රිය ප්‍රසන්න වුනාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ඔබගේ සම්පූර්ණකමින් අප සියල්ලන් පොහොසත් කරවන්නාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සදාකාලික පර්වතවල අභිමථාර්ථය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ඉවසිල්ල සහ අති මහත් දයාව ඇත්තාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ඔබට යාච්ඤා කරන සමස්තයන්ට ත්‍යාගිවන්තවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ජීවිතයෙත් ශුද්ධවන්තකමෙත් උල්පත වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- අපේ පව් උදෙසා බිලි පූජාවක් වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- තද අවමානවලින් පිරුණාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- අපේ අපරාධ නිසා පොඩිකරන ලද්දාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- මරණය දක්වා කීකරු වුනාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- හෙල්ලයකින් සිදුරු කරන ලද්දාවූ ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සියලුම සැනසීමේ උල්පත වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- අපේ ජීවිතයත් උත්ථානයත් වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- පව්කාරයන්ගේ බිළි පඬුරක් වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ඔබ කෙරෙහි බලාපොරොත්තු වෙන්නන්ගේ රක්ෂණය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ඔබ කෙරෙහි නසින්නන්ගේ බලාපොරොත්තුව වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- සමස්ත ශුද්ධවන්තයන්ගේ ආනන්දය වන ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයෙනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප - හෘදයෙන් සාන්ත දාන්ත වූද බැහැපත් වූද ජේසුනි
- උ - අපගේ හෘදයන් ඔබගේ දිව්‍ය හෘදයට සමාන කළ මැනව
යාච්ඤා කරම්භ සර්වවල්ලභ වූ සදාකාලික වූ දෙවියනි ඔබගේ අති ප්‍රේමනීය පුත්‍රයාණන්ගේ දිව්‍ය හෘදයද උන්වහන්සේ පවුකාරයන් නමින් ඔබට පිදුවාවූ ප්‍රශංසාවද පාපවලට වන්දි වශයෙන් කරන කෘතයන්ද බලා ඔබගේ කරුණාව අයදින්නාවූ අය දෙස ඔබගේ දයා බැල්ම ලා ඔවුන්ට ක්ෂමාව දුන මැනව. මෙකී දේ ඔබ හා ස්ප්‍රීතු සාන්තු සමග එකම දෙවියන්ව සදාකල් වැඩ සිටින්නාවූ ද රජකම් කරන්නා වූද ඔබගේ එකම පුත්‍රවන ජේසුස් ක්‍රිස්තු තුමන්ගේ නාමයෙන් ලැබේවා - ආමෙන්