කාර්මෙල් මාතා ප්‍රාර්ථනාව
කාර්මෙල් මාතා ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධ වූ මරියනි
- ජම්මපාප කිලුටෙන් නිර්දෝෂව උපන් ශුද්ධවූ මරියනි
- සර්ව කාලයට පෙර අනාදි දෙවිපියාණන්ගේ කරුණා අභිප්‍රායෙහි ජනිත වූ උත්තමියනි
- මානුෂික වූ දේව කුමාරයාගේ මාතාවන සුවිශුද්ධ වූ කන්‍යා මාතාවෙනි
- ස්ප්‍රීතු සාන්තු දෙවියන්ගේ අති ස්නේහවත් පිරිසිදු ප්‍රියකාන්තාව වූ කන්නියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වයේ උතුම් වූ මන්දිරයෙනි
- සියලු උත්පාද අතරෙන් අනර්ඝ උත්තම වූ ස්වාමිදුවෙනි
- ආදි පියාගෙන් ආ පව් දෝෂයෙන් සුවිශුද්ධ වූ කන්නියෙනි
- නපුරු සර්පයාගේ හිස ශුන්‍ය කරන්නී මෙන් ආදියේ දී පූජිත වූ පරම ස්ත්‍රියනි
- මෝසෙස් මුනි දර්ශනය කළ ගිනි මැද නොදා තිබුණ අද්භූත වූ කටු පඳුර නමැති කන්නියනි
- පරණ වේදාගමෙහි අනේක වර දිවැසින් ප්‍රකාශ කර පෙන්වා දෙන ලද්දා වූ කන්‍යාවෙනි
- දේව ප්‍රඥාවෙහි නිමිත්ත වූ කරුණා අදහස් කඩිනම් කළා වූ දයාබරියෙනි
- රාජකීය දස අට කට්ටුවක පරම්පරාවෙනි
- දේව ප්‍රසාද පිරුණ සුකෘතාලංකාරියෙනි
- නොකඩවාම ඔබ ඔප්පු කළ දයාබර ප්‍රාර්ථනා වලින් ලෝක ගැලවීම කඩිනම් කළා වූ උත්තම බිසවෙනි
- පරාපර ස්වාමිදරුවන්ට යටහත්ව කීකරු වුණාවූ මාතාවෙනි
- කාලය පැමිණෙන්නට පෙර ජේසුස්වාමිදරුවන් ලවා අද්භූතයක් කෙරෙව්වා වූ දයාබරියෙනි
- අප ගලවා ගන්නට බිලි පඬුරු වීමට ජේසුස් ස්වාමිදරුවන්ට අවසර දුන් මාතාවෙනි
- මළවුන් කෙරෙන් උත්ථාන කළ ස්වාමිදරුවන් දැක ආනන්ද සන්තෝෂ නමැති ජල පිරුණු සමුද්‍රෙයනි
- දේව ප්‍රසාද මාතාවන්ද, මන්දිරයද වන කන්‍යාවෙනි
- නිර්මිත වූ සකල වස්තූන් අතුරෙන් දෙවියන්ට උතුම් වූ ස්තූති පැවැත්වූවා වූ කන්‍යාවෙනි
- දෙව් ස්වාමි දරුවන් විසින් පරලෝක භුවි ලෝකාධිපතිනිය කොට ස්ථාපිත ඒක රාජේශ්වරිනි
- ලෝකය මුළුල්ලේහි ස්තූති වන්දනාමාන ලත් සුකෘතාධාරියෙනි
- පූර්ව කාලයේදී පටන් කාර්මෙල් නම් දර්ශන කන්දෙහි විශේෂ වූ භක්ති පන්තියක් ස්ථාපිත කළාවූ ස්වාමිදුවෙනි
- කාර්මෙල් කුට්ටමට අනන්ත කරුණා ඇති මාතාවෙනි
- එහි ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවන්ත සයිමන් ස්ටොක් මුනිඳුන්ට දර්ශනයෙන් පෙනි ශ්‍රී සළු ධාතුව භාර කළා වූ දයාබරියෙනි
- ඔබගේ දයා ප්‍රේමයේ ලාංඡනයක් කොට ශ්‍රී සළු ධාතුව දෙවා වදාළ මාතාවෙනි
- ශුද්ධවූ සළු ධාතුවේ අනුභාවයෙන් අනෙක් ආශ්චර්යවත් වූ අද්භුතවල් සිද්ධ කළා වූ කරුණාධාරියෙනි
- ඔබගේ දාසීන්ට ප්‍රධාන ත්‍යාගයක් කොට ශ්‍රී සළු ධාතුව දෙවා වදාළ රාජේශ්වරිනි
- ශුද්ධවූ සළු ධාතුව භක්තියෙන් පළඳවන්නන්ට අත්‍යන්ත කෘපාබර ආදර ඇති මාතාවෙනි
- ඔබගේ ශ්‍රී සළුධාතු පන්තියේ අනුචාරින්ට මොලොව දී වරප්‍රසාද ලබා දෙන ස්වාමිදුවෙනි
- භය භක්තියෙන් ශ්‍රී සළුධාතුව පළදින අය අපාගත වෙන්නට නොහරින දයාබරයෙනි
- ශ්‍රී සළු ධාතු පන්තියේ අනුචාරින් ශුද්ධිකාග්නිස්ථානයෙන් විගස ගලවා මොක් සැපතට පමුණුවන උපකාරිනි
- අති අමෘත වූ සළුධාතු මාතාවෙනි
- ජිවිත ඵලය දානය කළ ශ්‍රී වෘක්ෂයෙනි
- දයාබරිත වූ රාජේශ්වරිනි
- අනුකම්පාවේ මාතාවෙනි
- අති මධුර වූ ගුණවන්තිනි
- පරදේශ වාසි වූ අපේ විශ්‍රාමයෙනි
- ඔබට යාච්ඤා කරන්නන්ට සහය වෙන්ට සැදී සිටින උපකාරිනි
- කාලකණ්ණි මනුෂ්‍ය පුත්‍රයන් වෙත අධික දයා ඇති කෘපාබරියෙනි
- ඔබ වෙත භක්ති ඇති අයට දේව සම්මුඛයෙහි අනුකූල ක්ෂමා ලබා දෙන මාතාවෙනි
- ස්වාමි දරුවන් අභිමුඛයෙහි අති බලවන්ත වූ මාතාවෙනි
- දුගියන්ගේ සහය වන ධර්ම පූර්ණියෙනි
- දුඃඛිතයන්ගේ සැනසීමෙනි
- ධර්මිෂ්ඨයන්ගේ ආධාරිනි
- ඔබව විශ්වාස කර ප්‍රාර්ථනා කරන්නන් අත් නොහරින මාතාවෙනි
- යක්ෂා සෝදිසි වලට අධික බලධාරී පලිහක් වන මාතාවෙනි
- පශ්චත්තාප වූ පව්කාරයින්ගේ අඩක්කලම වන දයාබරියෙනි
- සියල්ලන්ට ඕනෑවන ආධාරිනි
- ආත්ම ගොඩ යාමේ සුරැකි වරාය වැනි වූ කන්නියෙනි
- දෙවියන් හා මනුෂ්‍යයන් අතරේ මධ්‍යස්ථී වූ මාතාවෙනි
- කන්‍යා ශුද්ධියේ ආදර්ශයෙනි
- සියලු සුචරිත ධර්මයන්ගේ ප්‍රතිරූපය වන මාතාවෙනි
- සකල වරප්‍රසාද ගලා බසින ජල ධාරාවෙනි
- ගැති වූ අපගේ ජීවිත කරුණාවෙනි
- භුව් ලෝකයෙහි නිශ්චය වූ බලාපොරොත්තුවත් සුරක්ලෝකයෙහි ආශ්චර්යය වූ අලංකාරිනි
- සර්පවේශ ගත් යක්ෂයාගේ හිස ශ්‍රී විළුඹින් පොඩි කළා වූ උතතමියනි
- රශ්මි ප්‍රභා භරිත දොළොස් තරු මකුට දැරූ රාජේශ්වරිනි
- සූර්යාරුණ ප්‍රභා නමැති රාජවස්ත්‍රාභරණින් දිලෙන සෞන්දර්යයෙනි
- මිසදිටුවන්ට විෂ වන කන්නියෙනි
- මිථ්‍ය දෘෂ්ඨි නිර්මූලනය කරන සත්‍යවාදිනි
- යක්ෂයාගේ හිස පොඩි කර සතුරු සියල්ලන් පරාජය කොට ඔද බිඳ හරින පරාක්‍රම මව්බිසෝත්තමියනි
- ශුඬිකාග්නිස්ථානයේ වද විඳින්නන්ගේ වේදනා ලේසි කර විගස නිදහස් කරන්නා වූ පරම උපකාරිනි
- වේද සභාවේ නිත්‍ය සහය වන හාමිදුවෙනි
- අන්තියෝතික් සභාවේ මහිමාලංකාරය වන කන්නියනි
- පරලෝකයටත් භුවිලෝකයටත් මහා ආනන්ද කාරණාවෙනි
- සුරදූතයන්ගේ රාජේශ්වරිනි
- පූර්ව පිතෘන්ගේ බලාපොරොත්තුව වූ උත්තමියනි
- දිවස් ප්‍රසාදින් පෙර ප්‍රකාශ කළා වූ කන්‍යා මාතාවෙනි
- අපෝස්තුළු වරුන්ගේ ආනන්ද පිහිටෙනි
- ප්‍රාණ පරිත්‍යාගින්ගේ ශක්තියෙනි
- උච්චාරණ වාදින්ගේ දිප්තියෙනි
- කන්‍යාවන්ගේ බිසෝවෙනි
- සමස්ත සාන්තු වරයන් ගේ රාජේශ්වරිනි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
- අපට කරුණා කළ මැනව ස්වාමි
යාච්ඤා කරම්භ සදාකාල පිය වූ දෙව් ස්වාමිනි මොක්ෂ සම්පන්න අති පිරිසිදු කන්‍යාවන් වූ ආශිර්වාද ලත් ශ්‍රී සළු ධාතු මාතාවන්ගේ යාච්ඤා ශ්‍රවණය කර, අප වෙත දයානුකම්පා වී මෙලොව දී අපට ඕනෑ කරන ප්‍රසාදයන් දෙවා වදාරමින් මේ පරදේශය පසු කළ ඉක්බිති ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ වූ දර්ශනය අපට ලැබේවායි කියා ඉතා බැගැපත් ලෙස ආරාධනය කරමු. මේ කී දේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් තුමන්ගේ සිරි මුහුණ මණ්ඩලය බලා අපට ලැබේවා - ආමෙන්