ක්‍රිස්තෝත්පත්තියට ඉක්බිති ජේසු බිලිදාණන්ට ප්‍රාර්ථනාව
ක්‍රිස්තෝත්පත්තියට ඉක්බිති ජේසු බිලිදාණන්ට ප්‍රාර්ථනාව
- ස්වාමිනි අපට කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපට කරුණා කළ මැනව
- ස්වාමිනි අපට කරුණා කළ මැනව
- ජේසු බිලිදාණනි අපගේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- පරමණ්ඩලවලෙහි වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළාවූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තුවන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- අති ශෝභමාන වූ ජේසු බිළිඳුනි...
- දේවාති දේවවූ ජේසු බිළිඳුනි ජීවමාන දෙවියන්ගේ කුමාරයාණන් වූ ජේසු බිළිඳුනි
- කන්නිමරියෝත්මාවන්ගේ කුමාරයාණන්වූ ජේසු බිළිඳුනි
- උදය තාරකාවට පෙර ජනිත වූ ජේසු බිළිඳුනි
- මාංසගත වචනය වූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ගේ ප්‍රඥාවවූ ජේසු බිළිඳුනි
- ඔබගේ මෑණියන්ගේ පවිත්‍රභාවයවූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ගේ එකම කුමාරයාණන්වූ ජේසු බිළිඳුනි
- ඔබගේ මෑණියන්ගෙන් ජනිත එකම දරුවාණන්වූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ගේ රූපලාංකාරයවූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ගේ දීප්තියවූ ජේසු බිළිඳුනි
- ඔබගේ මෑණියන්ගේ ගෞරවයවූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ට සමවූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ගේ ප්‍රීතියවූ ජේසු බිළිඳුනි
- ඔබගේ මෑණියන්ගේ සම්පතියවූ ජේසු බිළිඳුනි
- ඔබගේ පියාණන්ගේ තෑග්ගවූ ජේසු බිළිඳුනි
- ඔබගේ මෑණියන්ගේ පුජාපඬුරවූ ජේසු බිළිඳුනි
- කන්‍යෝත්තමාවන්ගේ අනර්ඝ බලයවූ ජේසු බිළිඳුනි
- මනුෂ්‍යයන්ගේ මැවුම්කාරයාණන් වූ ජේසු බිළිඳුනි
- දෙවියන්ගේ පරාක්‍රමයවූ ජේසු බිළිඳුනි
- අපේ දේවෝත්තමයාණන්වූ ජේසු බිළිඳුනි
- අපේ සහෝදරයාණන් වූ ජේසු බිළිඳුනි
- මාංසගතවීමේ පටන් සත්‍ය මනුෂ්‍යයාවූ ජේසු බිළිඳුනි
- ඔබගේ බොළඳ වයසේ පටන් සර්ව ප්‍රඥාවෙන් යුක්තවූ ජේසු බිළිඳුනි
- සකල යුගවල පියාණන්වූ ජේසු බිළිඳුනි
- පෝෂ්‍යයවූ නමුත් ජීවනදායකවූ ජේසු බිළිඳුනි
- ගොලුවන් කථා කරවන සදාකාලික වචනයවූ ජේසු බිළිඳුනි
- ආකාශය ගර්ජනාකරවන්නාවූ ජේසු බිළිඳුනි
- නිරයෙහි භයංකාරවූ ජේසු බිළිඳුනි
- ස්වර්ගයේ ප්‍රීතියවූ ජේසු බිළිඳුනි
- කෘරවුන් බියපත් කරන්නාවූ ජේසු බිළිඳුනි
- රජතුන්දෙනාගේ අභිලාෂයවූ ජේසු බිළිඳුනි
- ස්වකීය ජනයන් කෙරෙන් පිටුවහල් කරනු ලද්දාවූ ජේසු බිළිඳුනි
- දේශාන්තර රාජේන්ද්‍රවූ ජේසු බිළිඳුනි
- මිත්‍යාදුෂ්ටි පිළිමයන්ගේ විනාශකයාවූ ජේසු බිළිඳුනි
- දේවතේජස ප්‍රචලිත කරන්නාවූ ජේසු බිළිඳුනි
- අවනතභාවයෙන් යුත් පරාක්‍රමයාණන් වූ ජේසු බිළිඳුනි
- වරප්‍රසාද අන්තර්ගත නිධානයවූ ජේසු බිළිඳුනි
- ස්වර්ගික ඓශ්චර්ය දායකවූ ජේසු බිළිඳුනි
- දුෂ්ටකමින් සංයුක්ත පෘථිවිය ප්‍රකෘතිමත් කරන්නාවූ ජේසු බිළිඳුනි
- දේවදූතයන්ගේ ශ්‍රේෂ්ඨයාණන්වූ ජේසු බිළිඳුනි
- ආදිපිතුරුවන්ගේ කුලජ්‍යෙෂ්ඨවූ ජේසු බිළිඳුනි
- දිව්‍යප්‍රසාදින්ගේ වාක්‍යයවූ ජේසු බිළිඳුනි
- සමස්තයන් විසින් බලාපොරොත්තුවනු ලද්දාවූ ජේසු බිළිඳුනි
- එඬේරුන්ගේ ප්‍රීතියවූ ජේසු බිළිඳුනි
- රජතුන්දෙනාගේ ආලෝකයවූ ජේසු බිළිඳුනි
- බොළඳුන්ගේ ගැලවීමවූ ජේසු බිළිඳුනි
- ධර්මිෂ්ඨයන්ගේ බලාපොරොත්තුව වූ ජේසු බිළිඳුනි
- පණ්ඩිතයන්ගේ ආචාර්යවූ ජේසු බිළිඳුනි
- ශුද්ධවන්තයන්ගේ ප්‍රථම බලයවූ ජේසු බිළිඳුනි
- ප්‍රසන්නව - අප ගලවාගත මැනව ප්‍රසන්නව
- ජේසු බිළිඳාණනි දයාවෙන් අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ආදම්ගේ දරුවන්ට හිමි වහල්කමින්
- යක්ෂයාගේ වහල්කමින්
- ලෝකයෙහි දුෂ්ටකමින්
- මාංසික තෘෂ්ණාවෙන්
- උඩඟු ජීවිතයෙන්
- දැනගැනීමෙහි අපරිමිත ආශාවෙන්
- චෛතසික අන්ධ භාවයෙන්
- සිත්හි මුරණ්ඩුකමින්
- සියලු පාපවලින්
- ඔබගේ අති පවිත්‍රවූ ගර්භවාසයම බලා
- ඔබගේ අති අවනත වූ උත්පත්තිය බලා
- ඔබගේ කඳුලු බලා
- ඔබගේ වේදනා සහිත චර්මඡේදනය බලා
- ඔබගේ අති තේජස් සම්පන්නවූ ප්‍රත්‍යක්ෂවීම බලා
- දේව මාලිගයෙහි ඔබගේ පූජාවීම බලා
- ඔබගේ අති ශුද්ධවූ චරිතය බලා
- ඔබගේ දිළිඳු බව බලා
- ඔබගේ වික්ෂෝප බලා
- ඔබගේ දුෂ්කර කර්මාන්ත හා වෙහෙසවීම බලා
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- ජේසු බිළිඳුනි අප ගලවා ගත මැනව
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- ජේසු බිළිඳුනි දයාවෙන් අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- ජේසු බිළිඳුනි අපට දයා කළ මැනව
- ප - ජේසු බිළිඳාණනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- උ - ජේසු බිළිඳාණනි කරුණාවෙන් අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- උ - ජේසු බිළිඳාණනි කරුණාවෙන් අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
යාච්ඤා කරම්භ සර්වදයාභරිතවූ ජේසු ස්වාමිදරුවාණනි, ඔබ වහන්සේ මාංශගතව ඉපිද කුඩා දරුවෙක්ව ඔබගේ අත්‍යුත්කෘෂ්ටවූ දිව්‍ය භාවය මුවාකර, ඔබගේ අත්‍යුත්තම මනුෂ්‍ය ස්වභාව පවා නිෂ්ප්‍රභා කළ සේක් වේද? එබැවින් සන්සුන්ව වැඩ සිටින බිලිදාණන්වූ ඔබ අප විසින් බලා ඔබ කෙරෙහි ඇත්තාවූ අවනත ප්‍රඥාවද ඔබගේ දුර්වල ලක්ෂණයෙහි ඇත්තාවූ වල්ලභතාවද ඔබගේ අවනත භවයෙහි ඇත්තාවූ තේජස් සම්පන්නභාවයද ඒකාන්ත සිතින් වැළඳගනිමින් මෙලොවෙහි ඔබගේ යටහත්පහත් කෘත්‍යයන්ට වන්දනාකාර පරලොවෙහිදි ඔහුගේ අවනත මහිමතාව භාවනා කිරීම පිණිස අපට වරම් දෙවා වදාළ මැනව. මෙකී දේ පිතා හා ස්ප්‍රීතු සාන්ත සමග වැඩ සිට රාජ්‍ය කරන්නාවූ දෙවියන් වන ඔබ වහන්සේගෙන්ම අපට ලැබේවා - ආමෙන්