කයදුස්කාර ප්‍රාර්ථනාව
කයදුස්කාර ප්‍රාර්ථනාව
- සර්ව දයාබර වූ ජේසුනි පාපවූ අපට දයා වෙනවා සොඳේ
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- අප නීච මනුෂ්‍යයින්ට කරුණාකර නීච මනුෂ්‍ය කය දරා පොළොවේ උපන්නේ මගේ දයාබර ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- ඉගැන්වූ ගෝලයා සදිකරමින් ගැතිවූ ජුදයෝ සතුරු වෙමින් දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්නට පැමිණුනේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- නඩු ගුරුසභාවට යටත් වෙමින් බොරු සාක්ෂි වැරදි අසමින් දේවා අපරාධ කාරයායයි කියන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- ශ්‍රී වත මඬල පහර ගසමින් ශ්‍රී නේත්‍ර රෙදි වසමින් වද පරුෂ කරන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- පිලාන්තු රජුගේ නඩුවට පැමිණෙමින් ගල්කණුවේ බැඳුම්කමින් ලේ සාගරකොට කස පහරවල් වින්දේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- ශ්‍රී සිරසේ කටු ඔටුන්න දරා රතු ජගලාත්තුව ඇඟ පොරවා කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- බර වූ කුරුසේ කර තබමින් උසස්වූ කපාල සෙල් නගිමින් වසක් කෝඩුවෙන් වැටුනේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- ශ්‍රී මේල සළු ගලවා සර්වාංග ලේ වන පහදවා දිව්‍යා රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- කුරුසේ පිට බාවමින් ශ්‍රී හස්ත පාද ඇණ ගසමින් සර්වාංග වදයෙන් සොරුන් මැද සිටුවන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- කුරුසේ ඉඳ උපදෙස් වදාරා සතුරන්ට ක්ෂමා වී වදාරා සියල්ලන්ට දයා පෑ වදාළේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- එතෙක් කොට සියලු සික්ෂා විඳලා නිමක් නොකොට සියලු යහපත්කම් පාලා මරණාසන්න වුනේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- දිව්‍ය මුහුණ කමල මැලවෙමින් දිව්‍ය නේත්‍රවසා හෙලමින් දිව්‍ය සිරස නමා වැටෙමින් උකුත් වුණේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- මා නිසා මේ සියලු දුක් විඳ මගේ පවු නිසා අච්චු විඳ මාගේ ප්‍රාණය නිසා ප්‍රාණය දුන්නේ මගේ දයාබර වූ ජේසුනි
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා මා නිසා විඳපු දුක් සිහි නොකර ඔබට අනදර අපරාධ කෙළෙමි වේද මට
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැලී මනස්ථාපනයෙන් තැලී පොඩි වී ඇසින් කඳුළු ධාරාකොට අඬා ඉන්නා මට
- දයාවෙනවා සොඳේ ස්වාමි, දයාවෙනවා සොඳේ
- මගේ දුෂ්ඨකමුත් අලසකමුත් නොබලා ඔබගේ යහපත්කමුත් දයාබරකමුත් බලා මට
- ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ
- අනදර දරුවයි මා නොබලා දයාවන්ත පියාණොයි ඔබ බලා මගේ සියලු පව්
- ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ
- ඔබගේ කස පහරවල් හා කටු ඔටුන්න උදෙසා
- ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ
- ඔබගේ සර්වාංග වණවල් හා ලේ ධාරාවල් උදෙසා
- ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ
- ඔබගේ කුරුසය හා මරණය උදෙසා
- ක්ෂමා වෙනවා සොඳේ ස්වාමි, ක්ෂමා වෙනවා සොඳේ