ආසන්න ප්‍රාර්ථනාව
ආසන්න ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව...
- පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධවූ මරියනි
- ශුද්ධ වූ දේව මෑණියනි
- කන්‍යාති කන්නියනි
- ශුද්ධවූ සියලු දේවදූතයන් හා අග්‍රදූතයෙනි
- ශුද්ධවූ ආබෙල් තුමෙනි
- ධර්මිෂ්ඨයන්ගේ සියලු පංතියනි
- ශුද්ධවූ ආබ්‍රාහම් තුමෙනි
- ශුද්ධවූ ස්නාවක ජුවාම් තුමෙනි
- ශුද්ධවූ ජුසේ තුමෙනි
- ශුද්ධවූ සියලු ආදි පිතුවරුන් හා දිවස් ප්‍රසාදිවරුනි
- ශුද්ධවූ පේදුරු තුමෙනි
- ශුද්ධවූ පාවුලු තුමෙනි
- ශුද්ධවූ අන්ද්‍රෙතුමෙනි
- ශුද්ධවූ ජුවාම් තුමෙනි
- ශුද්ධවූ සියලු අපෝස්තුළුවරයන් හා සුවිශේෂකවරුනි
- ශුද්ධවූ ස්වාමිදරුවන්ගේ සියලු ගෝලයෙනි
- ශුද්ධවූ සියලු නිරපරාධ බොලදුනි
- ශුද්ධවූ ස්තේවන් තුමෙනි
- ශුද්ධවූ ලවිරෙන්ති තුමෙනි
- ශුද්ධවූ සියලු ප්‍රාණපරිත්‍යාගිවරුනි
- ශුද්ධවූ සිල්වේස්ත්‍රි තුමෙනි
- ශුද්ධවූ ග්‍රිගෝරි තුමෙනි
- ශුද්ධවූ අගුස්තීනු තුමෙනි
- ශුද්ධවූ සියලු රාජගුරුප්‍රසාදියන් හා වේද සාක්ෂිවරුනි
- ශුද්ධවූ බෙනදික්තු තුමෙනි
- ශුද්ධවූ ප්‍රන්සිස්කු තුමෙනි
- ශුද්ධවූ ප්‍රවර්ජිතයන් හා ආරන්‍ය වාසියනි
- ශුද්ධවූ මරිය මග්දලේනා මුනිශ්වරිනි
- ශුද්ධවූ ලුසියා මුනිශ්වරිනි
- ශුද්ධවූ සියලු කන්‍යා ස්ත්‍රීයන් හා විධවෙති
- දෙවියන්ගේ සියලු ශුද්ධවන්තයන් හා ශුද්ධවන්තියනි
- ප්‍රසන්නව - මොහුට ක්ෂමා කළ මැනව ස්වාමි
- ප්‍රසන්නව - මොහු ගලවා ගත මැනව ස්වාමි
- ඔබගේ උදහසයෙන්
- අසුභ මරණයෙන්
- නිරයේ ගාවිනාවලින්
- සියලු නපුරෙන්
- යක්ෂයාගේ සදි මායමින්
- ඔබගේ උපතය බලා
- ඔබගේ කුරුසය හා දුක්ප්‍රාප්තිය බලා
- ඔබගේ මරණය හා තැන්පත් වීම බලා
- ඔබගේ තේජස් සම්පන්න වූ උත්ථාන වීම බලා
- ඔබගේ ආශ්චර්යමත් වූ අහස් නැගීම බලා
- අභිවෘද්ධිදායක ස්ප්‍රීතු සාන්තුගේ ප්‍රසාදවල් බලා
- නඩුතීන්දු දිනේදි - මොහු ගලවා ගත මැනව ස්වාමි
- පාපිවූ අප - ඔබට කරන යාච්ඤා ඇසුව මැනව ස්වාමි
- මොහුට ක්ෂමා කරන පිණිස
- ඔබට කරන යාච්ඤා ඇසුව මැනව ස්වාමි