ආරෝග්‍ය මාතාවන්ගේ ප්‍රාර්ථනාව

ආරෝග්‍ය මාතාවන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝක ගැලවුම්කාරවූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රිතු සාන්තුවන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ආරෝග්‍ය මාතාවන් වූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ලෝකාරම්භයටත් පෙර සිටම දෙවියන් වහන්සේ විසින් මව බවට නියම කරනු ලැබු ආරෝග්‍ය මාතාවෙනි

  • මැවු අවස්ථාවේදිම සුරදූතයන්ට හදුන්වා දෙනු ලැබුවාවූ ආරෝග්‍ය මාතාවෙනි

  • සුගති උයනේදි ආදි මව්පියන්ට ප්‍රකාශිත වූ ආරෝග්‍ය මාතාවෙනි

  • උපතටත් පෙර සිටම ශුද්ධවන්තියක ලෙස ආදි පිතුරුවරුන් විසින් හැඳින්වුන ආරෝග්‍ය මාතාවෙනි

  • ජන්ම දෝෂ රහිත පිළිසිඳුනාවූ ආරෝග්‍ය මාතාවෙනි

  • සාතන්ගේ හිස පොඩි කළාවූ ආරෝග්‍ය මාතාවෙනි

  • ඊශ්‍රායෙල්හි රාජගෝත්‍ර අතරින් උසස්ම පෙළපතින් පැවත එන ආරෝග්‍ය මාතාවෙනි

  • ආනා ජුවකිම් යුවලගේ ශුද්ධවත් දියණියවූ ආරෝග්‍ය මාතාවෙනි

  • ඔවුන්ගේ යහපත් ක්‍රියා හා යාච්ඤා වල ප්‍රතිඵලය වූ ආරෝග්‍ය මාතාවෙනි

  • සකල ශුද්ධවරයන් හා සුරදූතුන්ට වඩා ඉහළින් වැජඹෙන ආරෝග්‍ය මාතාවෙනි

  • ධර්මිෂ්ඨකමින් පිරි ආරෝග්‍ය මාතාවෙනි

  • පොළෝතලයේ උපන් අති භක්තිවන්ත තැනැත්තිය වූ ආරෝග්‍ය මාතාවෙනි

  • දේව වරප්‍රසාද ආලෝකයෙන් බැබලෙන්නා වූ ආරෝග්‍ය මාතාවෙනි

  • සියලුම ශුද්ධවරයන්ට වඩා ධර්මිෂ්ඨකමින් පිරි ආරෝග්‍ය මාතාවෙනි

  • උපතේදිම දේවාලෝකයෙන් පිරි සිටි ආරෝග්‍ය මාතාවෙනි

  • ස්වර්ගවාසින් පවා ප්‍රීතිමත් කළ උපතක් ලද්දා වූ ආරෝග්‍ය මාතාවෙනි

  • උපන් විගසම දෙව්පියාණන්ට පුදනු ලැබුවාවූ ආරෝග්‍ය මාතාවෙනි

  • මරිය යන මධුර නාමයෙන් අමතනු ලැබුවාවූ ආරෝග්‍ය මාතාවෙනි

  • තුන් අවුරුදු වයසේදී දේව මාලිගාවේ පුදනු ලැබූ ආරෝග්‍ය මාතාවෙනි

  • කන්‍යා බවට මුල් තැන දුන් ආරෝග්‍ය මාතාවෙනි

  • දේව මාලිගාවේ සිටි හැම අයෙකුටම ආදර්ශයක් වූ ආරෝග්‍ය මාතාවෙනි

  • රෝගින්ගේ ආරෝග්‍ය වූ ආරෝග්‍ය මාතාවෙනි

  • ඔබ කෙරෙහි පතා සිටින්නන්ගේ බලාපොරොත්තු වූ ආරෝග්‍ය මාතාවෙනි

  • සකල ශුද්ධවන්තයන්ගේ ස්වර්ගිය ඔටුන්න වූ ආරෝග්‍ය මාතාවෙනි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපට ක්ෂමාකර වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

 

යාච්ඤා කරම්භ අහෝ දෙවියනි, ඔබ වහන්සේගේ වර්ණනා විෂයාතික්‍රාන්ත දේවාරක්ෂාව කරණ කොට ගෙන භාග්‍ය වන්ත කන්‍යමරිය තුමිය ඔබ මාතාවන් කොට තෝරා ගත් සේක්වේද? ඕ තුමිය අප වෙනුවෙන් කරන යාච්ඤාවලට ඇහුම්කන් දී සදාකාලයටම ස්වර්ග සැප භුක්ති විඳීමේ භාග්‍ය අපට දානය කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු උදේසාම අපට ලැබේවා - ආමෙන්