අලේක්ෂන්ද්‍රිය නගර ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව

අලේක්ෂන්ද්‍රිය නගර ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිගේ පිහිට ලබන්ට කියන ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ ඉඳින පිතාවන දෙවියනි
(අපට දයා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
  • ශුද්ධවූ මරියනි
(අප නිසා යාච්ඤා කළ මැනව)
  • ශුද්ධවූ මරියනි

  • ශුද්ධ වූ දේව මෑණියනි

  • කන්‍යාති කන්නියනි

  • ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ස්වර්ගිය විශ්වාස ප්‍රභාවෙන් යුක්තව අලේක්ෂන්ද්‍රියා නගර ආලෝකය කළ තාරකාවවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • සත්‍ය දේව ප්‍රේමයෙන් අලංකෘත සෙව්වන්දි පුෂ්පයවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • කන්‍ය පරිශුද්ධභාවයෙන් සෝභමාන මානෙල් පද්මයවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ක්‍රිස්තු ස්වාමිදරුවන්ගේ ප්‍රියභරිත දම්පතිනිය වූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • උත්තම වංශකුල මහිමයෙන් විරාජමානවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • එසේවි නමුත් ක්‍රිස්තියානි ධර්මාංශගතවීම ඊට වඩා අතිශය උත්තමභාවයකැයි නියත කරගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • මාන්නය හා වස්තු සම්පත් ඉසුරින් යුක්තවූ නමුත් දේව භක්තිය ඊට වඩා අනගි බව දැන ගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • මහා දක්ෂ විචක්ෂණ පණ්ඩිත ලීලාවෙන් වැජඹුනාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • මහා ප්‍රඥාගුණ ලීලාවෙන්ද තීක්ෂණ ඥානයෙන්ද සැරසී සිටියාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • දහඅට හැවිරිදි කාලයේදී මිථ්‍යාදෘෂ්ඨ සමිස්ථ උගතුන් තර්කයෙන් පරාජය කළාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • දේව වරප්‍රසාදයෙන් ශක්තිමත් කරන ලද ප්‍රඥා ගුණයෙන් මක්ෂිමියානු නමැති අග රජාගේ පාපිෂ්ට අදහස් නිර්මුලනය කළාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ක්‍රිස්තියානි විශ්වාසය හා ධර්මය ආත්ම ගැලවීම උදෙසා වුවමනා බව මක්ෂිමියානු අගරජ ඉදිරියේදී තර්ක පිළිවෙලින්
  • ඔප්පු කළාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ඔබගේ විචක්ෂණ ප්‍රඥාමහිමය ගැන මක්ෂිමියානු අගරජ පුදුමවී ඔබ ඔහුගේ මිත්‍යා දෘෂ්ටියට පමුණුවා ගන්ට උත්සාහ කළ කල්හි ඔහු පරාජය කළාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ඔබගේ සිත හරවාගනු පිණිස මක්ෂිමියානු අගරජ විසින් ප්‍රසිද්ධ පණ්ඩිතයන් ඔබ වෙත පැමිණෙවූ සඳ මහා ප්‍රඥා ලීලාවෙන්
  • ඔවුන්ගේ තර්කයන් බිඳ හැර ඔවුන් ක්‍රිස්තියානි ආගමට හරවා ගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • එලෙස අප සත්‍යාගමට පමුණුවා පණ්ඩිතයන් ගේ සිත් ප්‍රාණ පරිත්‍යාගිවීමට ශක්තිමත් කළාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • තර්කයෙන් ඔබ සිත දිනාගත නොහී අගරජ තුටුපහටු මුහුණ දක්වා සුරතල් මෘදු වචන කී කළ ඒ සීඝ්‍ර ප්‍රයෝගයෙන් දේව ප්‍රේමය හේතු කොටගෙන ජය ගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • දුෂ්ටයන් ඔබට නිගරු නින්දාකල සමයෙහි දෙවියන් උදෙසා ඒ සියල්ල ඉවසීමෙන් විඳගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • දුෂ්ට රජාගේ අණපිට ලේ වෑහෙන තෙක් රෞද්‍රෙලස ඔබට තලනු ලදුව ස්වකීය ශරීරය දුර්වල කරනු ලැබ එකොළොස් දිනක් ආහාර පාන නොමැතිව සිරගෙයි දුක් වින්දාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • දුක් විඳින්ට විඳින්ට විශ්වාසය හා දේව ප්‍රේමය වැඩි කර ගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • කොතෙක් භයානක දුක් වේදනා වින්දේවී නමුත් කන්‍යා ශුද්ධ ධර්මය නමැති ස්වර්ගිය පද්මය සම්පූර්ණ ලෙස රක්ෂාකර ගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ඔබගේ අලංකෘත ප්‍රඥා මහිමය ගැන පුදුමව ඔබ බලන්ට සිර ශාලාවට පැමුණුන අය සත්‍යාගමට පමුණුවා ගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ඔබගේ ශරීරය කැබලිකොට කඩා ක්‍රෑරතර වේදනා දෙනු පිණිස කඩුමුගුරුවලින් යුක්ත කොට සාදන ලද චක්‍රයෙහි යොදනු ලැබුවාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • කන්‍ය සුවඳින් යුක්තවූ ඔබගේ යාච්ඤා බලයෙන් ඒ චක්‍රය නමැති දණ්ඩන යන්ත්‍රය භග්ණ කළාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • එබඳු ප්‍රාතිහාර්ය කරණ කොටගෙන බොහෝ මිථ්‍යා දෘෂ්ටින් සත්‍යාගමට කැඳවාගත්තාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • වධ යන්ත්‍රය භගණයවූ ඉක්බිති රෞද්‍ර කඩුපහර විඳ ප්‍රාණ පරිත්‍යාගිවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • කොපමණ බියකරු වද වේදනා පිඩා වින්දත් අල්ප මාත්‍රයක් වත් අපවිත්‍ර නොවෙමැයි මරණය දක්වා වීර්ය දරුවාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • සීනයි පර්වත මස්තකයෙහි ඔබගේ ශරීරය භූමදානය කරනු ලැබුවාවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • උත්තම ශාස්ත්‍රෝද්ග්‍රහණය කරන්නන්ගේ රක්ෂාධිකාරීවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේව අජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්ත වන පිණිස‍

  • උත්තරය - ශුද්ධවූ කතරිනා මුනිශ්වරිනි, අප උදෙසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වබලධාරිවූ අනන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රද්ධාවන්ත දාසියවූ ශුද්ධවූ කතරිනා මුනිශ්වරි වන ප්‍රාණ පරිත්‍යාගි පිරිසිදු කන්‍යාවන්ගේ මධ්‍යස්ත යාච්ඤා පිළිගෙන අපට කරුණා කළ මැනව. තවද අප විසිනුත් සත්‍ය විශ්වාසයෙන් ආලෝකයවී දේව ප්‍රේමයෙන් දීප්තිමත් වී පිරිසිදුකමින් සැරසී මහා වීර්යවන්ත භාවයෙන් යුක්තව මෙලොවදී ඔබට මෙහෙකර මරණින් පසු ඔබගේ රාජ්‍යයට පැමිණ අනන්ත ඓශ්චර්ය විඳිනු පිණිස අපට වරම් දුන මැනව. මේ කීදේ අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තු උදෙසාම ලැබේවා - ආමෙන්