අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තුවහන්සේ වදවිඳ උකුත්වූ ශ්‍රී ශුද්ධ කුරුසේ ප්‍රාර්ථනාව
අපේ ස්වාමිවූ ජේසු ක්‍රිස්තුවහන්සේ වදවිඳ උකුත්වූ ශ්‍රී ශුද්ධ කුරුසේ ප්‍රාර්ථනාව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි කරුණා කළ මැනව
- ස්වාමිනි කරුණා කළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
- ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව...
- පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
- ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
- ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි
- සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි
- ශුද්ධවූ කුරුසෙනි, (අප ආරක්ෂා කර ගන්නවා සොඳේ)
- ලෝක පාපවල් නිසා බිලිපඬුරුකොට ඔප්පුකරන ලද දේව අජබාලකවූ ජේසු තුමන් තමාවෙත අත්කරගනු ලද්දාවූ ශ්‍රීකුරුසෙනි
- ක්‍රිස්තියානුවරුන්ගේ ඒක විශ්වාස වෘද්ධියවූ ශ්‍රී කුරුසෙනි
- මළවුන් කෙරෙන් උද්ගතවීමේ උකසවූ ශ්‍රී කුරුසෙනි
- නිරපරාදව උපද්‍රව විඳින්නන්ගේ පිටුවහල වූ ශ්‍රී කුරුසෙනි
- අන්ධයින්ට මග පෙන්වන්නාවූ ශ්‍රී කුරුසෙනි
- මංමුළාවූන්ගෙන් මාර්ගහසර වූ ශ්‍රී කුරුසෙනි
- අන්සිනයන්ගේ සැරයටිය වූ ශ්‍රී කුරුසෙනි
- දුගී දිළිඳුන්ගේ සැනසීම වූ ශ්‍රී කුරුසෙනි
- උඩඟුවෙහි නැස්පැත්තිය වූ ශ්‍රී කුරුසෙනි
- පව්කාරයින්ගේ පිටුවහල වූ ශ්‍රී කුරුසෙනි
- නිරය කෙරෙහි ජයධජය ලද්දාවූ ශ්‍රී කුරුසෙනි
- යක්ෂයින්ගේ භයංකාරය වූ ශ්‍රී කුරුසෙනි
- තරුණභාවයේහි හාමිදුව වූ ශ්‍රී කුරුසෙනි
- ආධාර නැති අයට ආධාරයවූ ශ්‍රී කුරුසෙනි
- බලාපොරොත්තු රහිතවූන්ට බලාපොරොත්තු දායකවූ ශ්‍රී කුරුසෙනි
- මුහුදු යාත්‍රාකරන්නන්ගේ තරුප්‍රභාවවූ ශ්‍රී කුරුසෙනි
- සමුද්‍ර අන්තරායවෙලෙහි ගැලවීමේ තොටමුනවූ ශ්‍රී කුරුසෙනි
- සතුරන්ගෙන් වටකරන ලදවුන්ට පිටුවහල් වූ ශ්‍රී කුරුසෙනි
- මව්පිය නැති දරුවන්ගේ පිය වූ ශ්‍රී කුරුසෙනි
- විධවියන්ගේ සුරක්ෂණය වූ ශ්‍රී කුරුසෙනි
- ධර්මාත්මයින්ගේ ප්‍රඥාවවූ ශ්‍රී කුරුසෙනි
- අධර්මිෂ්ඨයින්ගේ නීතිශ්වර වූ ශ්‍රී කුරුසෙනි
- පීඩා උවදුරු විඳන්නන්ගේ සන්තර්පණයවූ ශ්‍රී කුරුසෙනි
- බොලඳයින්ගේ ප්‍රේම ප්‍රසාරණයවූ ශ්‍රී කුරුසෙනි
- මනුෂ්‍යභාවයෙහි බලප්‍රාව වූ ශ්‍රී කුරුසෙනි
- වෘද්ධවයසෙහි අන්තිම විශ්වාසය වූ ශ්‍රී කුරුසෙනි
- ඝනාන්ධකාරයේහි සිටින්නන්ගේ ආලෝකය වූ ශ්‍රී කුරුසෙනි
- රාජප්‍රධානියන්ගේ මහත් ප්‍රතාපයවූ ශ්‍රී කුරුසෙනි
- අවිමුනක් නොවදින පලිහවූ ශ්‍රී කුරුසෙනි
- අනුවණකමෙහි පැහැදිමවූ ශ්‍රී කුරුසෙනි
- ගැතිකමෙහි මිදීම වූ ශ්‍රී කුරුසෙනි
- අවිද්‍යවුන්ට ශාස්ත්‍රයවූ ශ්‍රී කුරුසෙනි
- යහපත් ජීවිතයේහි ක්‍රමයුක්තවූ ශ්‍රී කුරුසෙනි
- පෙර දිවස් ප්‍රසාදින් විසින් දැන පූර්වකොට ප්‍රකාශ කළාවූ ශ්‍රී කුරුසෙනි
- අපෝස්තුවරයන් විසින් වර්ණනා කළාවූ ශ්‍රී කුරුසෙනි
- ප්‍රාණපරිත්‍යාගියන්ගේ තේජස්භරිත ධවජය වූ ශ්‍රී කුරුසෙනි
- තාපසවරුන්ට අනුශාසනාදායක වූ ශ්‍රී කුරුසෙනි
- කන්‍යාවන්ගේ වෘතශුද්ධිය වූ ශ්‍රී කුරුසෙනි
- ගුරු ප්‍රසාදිවරුන්ගේ සන්තුෂ්ට ප්‍රීතිය වූ ශ්‍රී කුරුසෙනි
- ශුද්ධවූ සභාවෙහි අත්තිවාරම වූ ශ්‍රී කුරුසෙනි
- ලෝක ගැලවීම වන්නාවූ ශ්‍රී කුරුසෙනි
- යක්ෂ ආරාධනාවෙහි නැස්පැත්තියවූ ශ්‍රී කුරුසෙනි
- ජුදයින්ගේ බාධාව වූ ශ්‍රී කුරුසෙනි
- අධර්මිෂ්ඨයන්ගේ විනිශ්චයවූ ශ්‍රී කුරුසෙනි
- බෙලහීනයන්ගේ වීර්යයවූ ශ්‍රී කුරුසෙනි
- රෝගින්ගේ ඖෂධය වූ ශ්‍රී කුරුසෙනි
- කුෂ්ටයින්ගේ ආරෝග්‍යවූ ශ්‍රී කුරුසෙනි
- තිමිරවායු ලෙඩුන්ගේ බලයවූ ශ්‍රී කුරුසෙනි
- සාපිපාසවුන්ට ආහාරපානය වූ ශ්‍රී කුරුසෙනි
- පිපාසවුන්ට උල්පත වූ ශ්‍රී කුරුසෙනි
- නිර්වස්ත්‍ර වූන්ට වස්ත්‍රයවූ ශ්‍රී කුරුසෙනි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට ක්ෂමා කළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව ස්වාමි
- ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි
- අපට දයා කළ මැනව ස්වාමි
- ප - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අපි හේතු වන්ත වෙන ලෙස
- උ - ශු. කුරුසෙනි අප ආරක්ෂා කළ මැනව
යාච්ඤා කරම්භ සර්වේශ්වර වූ දෙවියනි ඔබ වහන්සේ ලෝකය ගලවාගත් කුරුසේ සොයාගත් මහෝත්තමභාවයෙන් ඔබගේ මරණ පීර්‍ධකාවෙනි. අද්භූතවූ තෙද අනුහස් පැතිරෙව්වාවේද සදාකාල ජීවනය වන දේව පුත්‍රයාගේ කුරුසේ නිත්‍ය ජීවිතයෙහි පින් හේතු අප ලබන සැටියට අපට කරුණා කළ මැනවයි ආරාධනා කරමු - ආමෙන් ජේසු