අන්‍යරූප විලාස ජේසු තුමන්ගේ ප්‍රාර්ථනාව

අන්‍යරූප විලාස ජේසු තුමන්ගේ ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
    • පරමණ්ඩලවල වැඩ සිටින පිතාවන දෙවියනි
(අපට කරුණා කළ මැනව)
  • ලෝකය නිදහස් කළා වූ පුත්‍රවන දෙවියනි
  • ස්ප්‍රීතු සාන්තු වන දෙවියනි

  • සුපරිශුද්ධ ත්‍රිත්වය වූ ඒක දෙවියනි

  • නිත්‍ය පිතාවන ස්ප්‍රිතු සාන්තු සමග දේව් සිරියෙන් වැජඹෙන්නාවූ දිව්‍ය ජේසුනි

  • මනුෂ්‍යයින් ගලවා ගැනීමේ ආශාවෙන් මනුකය ගැනීමට කරුණා අභිප්‍රාය වුනාවූ දිව්‍ය ජේසුනි

  • දාවිත් රාජ වංශයට අයත් පිරිසිදු කන්‍යමරියතුමිගෙන් මාංශය ගත්තාවූ දිව්‍ය ජේසුනි

  • පෙරදිග රජ තුන්දෙනෙක් ගරු බුහුමන් ලැබ ඔබගේ දේව මහිමය ප්‍රකාශ කර වදාළාවූ දිව්‍ය ජේසුනි

  • අටවන දිනයේදී දේව මන්දිරයේ ඔප්පු කිරීමට වඩවා ගිය තැන සිමොන් දිවස්ප්‍රසාදිතුමන් විසින් ඔබගේ බලමහිමය ප්‍රකාශකර වදාළා වූ දිව්‍ය ජේසුනි

  • දොලොස් වයසේදී වේද පණ්ඩිත වරුන් මැද ඔබගේ අප්‍රමාණ දේව ඥානය ප්‍රකාශකර වදාලාවූ දිව්‍ය ජේසුනි

  • ස්නාවක ජුවාම්තුමාගෙන් ස්නානය ලබන විට ශුද්ධාත්මයාණන් වහන්සේ පැමිණීමෙන් පිතා වහන්සේ ඔබ හඳුන්වාදීමෙන්ද

  • දේව මහිමය ප්‍රකාශකර වදාලා වූ දිව්‍ය ජේසුනි

  • යක්ෂයාගේ සියලු පරික්ෂාවලින් ජයගෙන ඔබගේ දේව මහිමය ප්‍රකාශකර වදාලාවූ දිව්‍ය ජේසුනි

  • තිස් හැවිරිදි වයස් වූ කල නොයෙක් ප්‍රාතිහාර්ය කරමින් දේව මහිමය ප්‍රකාශකර වදාලාවූ දිව්‍ය ජේසුනි

  • කානා නුවර ජලය මිදිරසට හැරවීමෙන් ඔබගේ දේව මහිමය ප්‍රකාශකර වදාලාවූ දිව්‍ය ජේසුනි

  • අන්ධයින්ට දෘෂ්ටිය දීමෙන්ද බිහිරන්ට ඇසීම දීමෙන්ද ගොලුවන්ට කථා කිරීමේ ශක්තිය දීමෙන්ද කොරුන් සුව කිරීමෙන්ද

  • ඔබගේ දේව මහිමය ප්‍රකාශකර වදාළාවූ දිව්‍ය ජේසුනි

  • කුෂ්ට රෝගින් සුව කිරීමෙන්ද මලවුන් උත්ථාන කිරීමෙන්ද ඔබගේ දේව මහිමය ප්‍රකාශ කර වදාලාවූ දිව්‍ය ජේසුනි

  • පේදුරු ජාකොබ් හා ජුවාම් යන අපෝස්තුළුවරුන් කැටිව ඔබගේ මහිමය ප්‍රකාශ කරන පිණිස ඉතා උස්වූ තාබෝර් කන්ද මතට වැඩියාවූ දිව්‍ය ජේසුනි

  • මේ අපෝස්තුලුවරුන් තුන් දෙනාගේ ඇස් ඉදිරියේ ඔබගේ ශ්‍රී මුහුණ මණ්ඩලය සූර්යයාමෙන් බබලවමින් ඔවුන් මුසපත්කර අන්‍යරූප විලාස ගතවුනාවූ දිව්‍ය ජේසුනි

  • ඔබගේ තේජස විහිදුවන පිණිස දෙව්පියාණෝ දීප්තිමත් වලාපටලයකින් පෙනී සිටින කල අන්‍යරූප විලාස වුනාවූ දිව්‍ය ජේසුනි

  • ඔබගේ වස්ත්‍රාභරණ දීප්තිමත් ධවල වර්ණ ආලෝකයෙන් බබලන විට මොයිසෙස් සහ එලියස් යන දිවස්ප්‍රසාදින් මධ්‍යයෙහි අන්‍යරූප විලාස ගතවුනාවූ දිව්‍ය ජේසුනි

  • දෙව්පියාණන් මහත් හඬින් මේ මාගේ ප්‍රේම වන්ත පුත්‍රයාණෝය එතුමාට ඇහුම්කන් දෙවයි කියන කල අන්‍යරූප විලාස ගතවුනාවූ දිව්‍ය ජේසුනි

  • මේ දර්ශනය දුටු අපෝස්තුළුවරු විස්මපත් කර ඔවුන් මුහුණින් තලා වැටෙන්ට සලස්වමින් අන්‍යරූප විලාස ගතවුනාවූ දිව්‍ය ජේසුනි

  • ශු පේදුරු අපෝස්තුලු තුමා විසින් ස්වාමිනි යෙහෙකි නම් මෙතන කූඩාරම් තුනක් ඔබ වහන්සේට එකක්ද මොයිසේස්ට එකක්ද එලියස්ට එකක්ද තනමුයි කියා ඔබගෙන් ඇසීමට සැලැස්සුවාවූ දිව්‍ය ජේසුනි

  • නැවතත් ඔබගේ අපෝස්තුලුවරුන් වෙත අවුත් හිසමත අත් තබා බිය නොවන්න යයි කියමින් ඔවුන්ට ඔබගේ බැහැපත් කමත් අප්‍රමාණ ප්‍රේමයත් පෙන්නුම්කර වදාලාවූ දිව්‍ය ජේසුනි

  • මනුෂ්‍ය පුත්‍රයාණන් මලවුන්ගෙන් උත්ථාන වනතෙක් මේ සිද්ධිය කිසිවෙකුට නොකියන ලෙස ඔබගේ අපොස්තුලුවරුන්ට අණකර වදාලා වූ දිව්‍ය ජේසුනි

  • ඔබගේ අන්‍යරූප විලාසවීමේ අභිරහස මගින් ඔබ කෙරෙහි අපගේ විශ්වාසය වැඩි කරන පිණිස

  • ඔබගේ දෙවිකයත් ධර්මයත් මහිමයත් ගෙන සත්‍ය විශ්වාසය අප දනන් මත්තෙහි ප්‍රකාශ කර හරින පිණිස

  • අප කෙරෙහි බලාපොරොත්තු වෙන්නන් හට නිත්‍ය ජීවිතයේ ස්වර්ග සම්පත ලැබෙන පිණිස

  • ඔබට ප්‍රේම කරන ඔබගේ පනත් අනුසාර කරන්නන්හට ඔබගේ මහිමය දැකීමේ භාග්‍ය ලැබෙන පිණිස

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජබාලක වූ ජේසුනි

  • අපට දයා කළ මැනව ස්වාමි

  • ප - රන් කිරුලක් උන්වහන්සේගේ හිස මතෙහිය
  • උ - එය ශුද්ධවන්තකමෙන් මහිමයෙන් ගෞරවයෙන් ලකුණක්ය

 

යාච්ඤා කරම්භ අහෝ දෙවියන් වහන්ස, ඔබගේ ඒක ජනිත පුත්‍රයාණන් වහන්සේගේ අන්‍යරූප විලාසවීම මගින් විශ්වාසයේ අභිරහස් වලට පියවරුන් දුන් සාක්ෂිය ස්ථිර කල සේක් වේද තවද වලාකුලක් මගින් කථා කිරීමෙන් කුල වැද්දෙන්ට යන දේව දරුකම දන්වා වදාල සේක් වේද, අපට එම මහිමයේ රජාණන්ගේ රාජ්‍යයට උරුමක්කාරයන්වී එම මහිමය භුක්ති විදින්ට කරුණාවෙන් සැලැස්සුව මැනව. මෙකීදේ අපේ ස්වාමිවූ ජේසුස් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන්