අති සුවිශුද්ධ ජපමාල දේව මෑණියන් වහන්සේට ප්‍රාර්ථනාව

අති සුවිශුද්ධ ජපමාල දේව මෑණියන් වහන්සේට ප්‍රාර්ථනාව
 
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි කරුණා කළ මැනව
    • ස්වාමිනි කරුණා කළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව
    • ක්‍රිස්තුනි අපේ ප්‍රාර්ථනා ගිවිස වදාළ මැනව....
(අපට දයා කළ මැනව)
  • දේව මාතාව වූ ජපමාල රාජේශ්වරිනි

  • ජම්මදෝෂ රහිතව පිළිසිඳුනාවූ ජපමාල රාජේශ්වරිනි

  • වරප්‍රසාදවලින් පූර්ණ වූ ජපමාල රාජේශ්වරිනි

  • නිත්‍ය පියාණන්ගේ කුමාරිය වූ ජපමාල රාජේශ්වරිනි

  • මානුෂික වූ දේව කුමාරයාගේ මාතාව වූ ජපමාල රාජේශ්වරිනි

  • ස්ප්‍රිතු සාන්තු තුමන්ගේ ප්‍රියකාන්ත වූ ජපමාල රාජේශ්වරිනි

  • අති සුවිශුද්ධ ත්‍රිත්වයේ ආසන්න වූ ජපමාල රාජේශ්වරිනි

  • සකල ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දා වූ ජපමාල රාජේශ්වරිනි

  • තුන්කල්හිම කන්‍යා ශුද්ධත්වය රක්ෂා කලාවූ ජපමාල රාජේශ්වරිනි

  • ඉතා මහත් ආනන්දයෙන් පිරුණා වූ ජපමාල රාජේශ්වරිනි

  • ඉතා භයානක දුක් සාගරයෙහි ගිලි උන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • ආශ්චර්යවත් ලෙසින් මෝක්ෂ සම්පූර්ණකම ලබා ගත් ජපමාල රාජේශ්වරිනි

  • ශුද්ධ වූ දොමිනික් මුනිද්‍රයාණන්ට ශුද්ධ වූ ජපමාලය උගැන්නුවාවූ ජපමාල රාජේශ්වරිනි

  • ජපමාල ධ්‍යානයෙන් සත්‍යාගමේ උතුම් අභිරහස් මෙනෙහි කරන්නට උගැන්නුවාවූ ජපමාල රාජේශ්වරිනි

  • ජපමාල මාර්ගයෙන් ඇල්බිජෙන්සස් නමැති දුෂ්ඨ වේද ලබ්ධිකයන් පරාජය කළා වූ ජපමාල රාජේශ්වරිනි

  • ශුද්ධ වූ සභාවට විරුද්ධව වරින් වර සටන් කළ සතුරන්ගෙන් ජයගත්තා වූ ජපමාල රාජේශ්වරිනි

  • මිත්‍යාවේද ලබ්ධිකයන්ගේ උගැන්වීම් වලට බාධාකරන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • වේදභේදකාරයන් කීකරු වීමට පමුණුවන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • මිසදිටුවන්ගේ දුෂ්ට අභිප්‍රායවල් නටබුන් කරන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • පව්කාරයන්ගේ නපුරු සිතිවිලි ශුන්‍ය කරන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • අවිශ්වාසකම නමැති ඝනාන්ධකාරය දුරලන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • සිත් චංචල වූ ක්‍රිස්තියානින්ට සැනසීම සහ සම්පුර්ණ ජය අත්කර දෙන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • පාපිෂ්ඨයන්ගේ ආත්ම රෝගවලට ආරෝග්‍ය වන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • ධර්මිෂ්ඨයන්ගේ වැඩි වර්ධනය වීමට ආධාරය වන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • අසරණවුන්ට සරණය වන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • පීඩා විඳින්නන්ට සැනසිල්ල වන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • සමස්තයන්ට වරප්‍රසාද ලැබීමට මාර්ගය වන්නා වූ ජපමාල රාජේශ්වරිනි

  • සියලු අනතුරුවලින් අප ගලවා ගන්නට කරුණා කළා වූ ජපමාල රාජේශ්වරිනි

  • සදාකාලික විපතට පත්නොවන පිණිස

  • යක්ෂ මායම්වලින් හා දුර්පර්ක්ෂාවෙන් නොරැවටෙන පිණිස

  • මුල් අගුණ සතම අප හෘදයන්ගෙන් උදුරා දමන පිණිස

  • සියලු පාප වලින් වැළකී සිටින පිණිස

  • සියලු නපුරෙන් ගැළවෙන පිණිස

  • සැබෑ බැහැපත්කමින් හා යටත්කමින් පවතින පිණිස

  • ඒකාන්ත විශ්වාසයෙන් හා භක්ති ප්‍රේමයෙනුත් කල යවන පිණිස

  • පරහට දයාවෙන් යුක්තව නිරතුරුවම පවතින පිණිස

  • අපේ සියලු අමාරුකම් ඉවසීමෙන් දරා ගන්නා පිණිස

  • ලෞකික නිරාර්ථක සියල්ල හෙළාදකින පිණිස

  • ලෝකයාගේ විනිශ්චයන් නොසලකා සිටින පිණිස

  • සියලු ලජ්ජා සහිත සිතුවිලි වචන ක්‍රියා වළක්වන පිණිස

  • සියල්ලන්ගේ ආත්ම ගැළවීමට ජීවලිත සිතින් උත්සහ කරන පිණිස

  • ප්‍රේමනීය මාතාවන් කොට නිතරම ඔබට ප්‍රේම කරන පිණිස

  • නොකඩවා ඔබගේ අඩිපාරේ ගමන් කරන පිණිස

  • නසින තුරා පව් වළකා ධර්මයෙහි දියුණුවෙන පිණිස

  • ඔබගේ නිර්මල පිළිසිඳීමත් සුවිශුද්ධ පවිත්‍රවීමත් බලා

  • ඔබගේ මහත් වූ ආනන්දවත් බලා

  • ඔබගේ අති රෞදවූ වික්ෂෝපවල් බලා

  • ඔබගේ විශ්මපත් වූ මෝක්ෂ සම්පුර්ණකම බලා

  • ඔබගේ ශ්‍රී කුමාරයාණන්ගේ දුඃඛප්‍රාප්තිය බලා

  • උන්වහන්සේගේ අති අනර්ඝ වූ ශ්‍රී රුධිරය බලා

  • උන්වහන්සේගේ අති බරවූ කුරුසය බලා

  • උන්වහන්සේගේ ශ්‍රී වණ කැළැල් පහ බලා
  • උන්වහන්සේගේ මහිමවූ උත්ථානයත්, විස්මපත් වූ අහස්නැඟිමත් බලා

  • ඔබගේ අති ශුද්ධ වූ ජපමාල භක්තිය මුළු ලෝකයෙහි පතලවෙන සැටියට

  • ජපමාල ධ්‍යානය සෑම පවුල්හි සෑමදිනවල පවත්වන සැටියට

  • ජපමාල සමාගම්කාරවූ සහෝදර සහෝදරියන්ට ඔබගේ විශේෂ කරුණාව ලැබෙන සැටියට

  • ශුද්ධෝත්තම පියතුමන්ට ඔබගේ මහත් වූ පිහිටාධාරය ලැබෙන සැටියට

  • ශුද්ධ වූ සභාව මුළු ලෝකයෙහි දියුණුවෙන සැටියට

  • ශුද්ධිකගින්සථානයේ ආත්මයන් විඳින වේදනා වලින් මිදීම ලබන සැටියට

  • මරණයෙන් පසු නොපමාව මෝක්ෂ දර්ශනය අපට ලැබෙන සැටියට

  • බොහෝ වෙහෙස මහන්සි විඳ ඔබගේ සිද්ධස්ථානයට පැමිණි මගීන් එකිනෙකා කෙරෙහි දයානුකම්පා කොට ඔවුන්ගේ ඉල්ලීම් සියල්ල ඉෂ්ට කරන සැටියට

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපට ක්ෂමා කළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි

  • අපේ ප්‍රාර්ථනා අසා වදාළ මැනව ස්වාමි

  • ලෝක පාපවල් හරින දේවාජ බාලක වූ ජේසුනි
  • අපට දයා කළ මැනව ස්වාමි

  • පදය - ක්‍රිස්තුතුමන්ගේ වාක්දාතවලට අප හේතුවන්තයින් වන පිණිස
  • උත්තරය - ශු. ජපමාල රාජේශ්වරියනි අප නිසා යාච්ඤා කළ මැනව

 

යාච්ඤා කරම්භ සර්වෝත්තම වූ දෙව් පියාණෙනි ඔබගේ ශ්‍රී කුමාරයාණෝ තමන් වහන්සේගේ ජීවිතය හා මරණය ද මළවුන්ගෙන් උත්ථාන වීමද කරණකොට ගෙන නිත්‍ය ජිවිතයේ විපාකය අපට සම්පාදනය කර දුන් සේක් වේද? උන්වහන්සේගේ භාග්‍යවන්ත මාතාවන් වූ කන්‍යමරියතුමියගේ අති ශුද්ධ වූ ජපමාලයේ අභිරහස් භාවනා කිරීමෙන් සහ එහි අන්තර්ගත කර තිබෙන ලෙසට ධර්ම ගුණ ක්‍රියා අනුසාරකර නහිනතුරු ඒවා අත් නොහැර විශ්වාස පක්ෂව පවතින්ටත් මෝක්ෂ සුගතිය ලබා ගන්ටත් අපට වරම් දෙනවා සොඳේ. මෙ කීදේ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා - ආමෙන් ජේසු