සොම්නස් භාවනාව - සදුදා. බ්‍රහස්පතින්දා දින හා ආගමන කාලය ඉරුදින

සදුදා. බ්‍රහස්පතින්දා දින හා ආගමන කාලය ඉරුදින වල සිහිකල යුතුයි 

1. අභිරහස  -  කුමරි මරියාවන්ට මංගලම් කීම.

යාච්ඤා කරම්හ,
ආනන්ද බර මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුසෙහි දේව පුත්‍රයා පිලිසිදුන සොම්නස් කම්පාවූ විභාගයට මේ දශාරාධනා පනිතිය හේතු කොටගෙන. අපේ සිත්වල දේව භකිතිය උපදින්නට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

2. අභිරහස  - 

යාච්ඤා කරම්හ,
ආනන්දබර මාතාවු පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබවහන්සේගේ බන්ධුවන්වු ඉසබෙල් තුමන් ගර්භණීවු බව බලන්ට ගොස් මංගලම් අසා සොම්නස් කම්පාවූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතුකොට ගෙන. අපත් ඔවුනොවුන්ට සහෝදරයන්සේ දයා කොට පවතින්ට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

3. අභිරහස  - 

යාච්ඤා කරම්හ,
ආනන්දබර මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ කුසයෙන් දිළිදුකමින් බිහිවූ දේව කුමාරයාණන් දැක සොම්නස් කම්පා වූ විභායට මේ දශාරාධනා පංතිය හේතුකොටගෙන, අපටත් දිළිදු බැවින් සතුටුව දවස් හරින්ට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

4. අභිරහස  - 

යාච්ඤා කරම්හ,
ආනන්දබර මාතාවු පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා උපන් සතලිස්වෙනි දින දේවස්ථානයෙහි දක්වන්ට වඩවා ගෙන ගිය තැන උන්වහන්සේගේ දේව මහිමය ප්‍රසිද්ධවූ බව දැක සොම්නස් කම්පාවූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතුකොට ගෙන, අපේ ආත්ම දේව දර්ශනයට ඔප්පුවෙන සැටියට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

5. අභිරහස  - 

යාච්ඤා කරම්හ,
ආනන්දබර මාතාවු පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා දොළොස් වයසේදි තුන් දවසක් කොයිදවූ කල සොයා දැක සොම්නස් කම්පාවූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතුකොටගෙන, අපේ පාපවලින් අපට දේව දර්ශනය මුලාසි නොවන සැටියට වරම් ලබා දෙනවා සොදේ.