දොම්නස් භාවනාව - අගරුවාදා සහ සිකුරාදා දින වලත් චතාරිකයේ ඉරුදිනවල

අගරුවාදා සහ සිකුරාදා දින වලත් චතාරිකයේ ඉරුදිනවලත් සිහිකල යුතුයි

1. අභිරහස  -  මල් උයනේ යාච්ඤාව.

යාච්ඤා කරම්හ,වික්ෂෝප මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවනි! ඔබගේ ශ්‍රී කුමාරයා මල් උයනේදී මරණාසන්න දුකින් පිතාවන දෙවියන්ට යාච්ඤා කළ විභාගයට මේ දශාරාධනා පන්තිය හේතු කොට ගෙන. අපේ අපහසුවෙලෙහි අප කරන යාච්ඤාවල් දෙවියන්ට ඔප්පු වෙන සැටියට වරම් ලබා දෙනවා සොදේ

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

2. අභිරහස  -  

යාච්ඤා කරම්හ,වික්ෂෝප මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා ගල් කනුවේ බැදුම් කා කස පහරවල් වින්ද විභාගයට මේ දශාරාධනා පංතිය හේතුකොටගෙන, අපේ පව් වලින් අපට යෙදෙන අච්චු සුබ සිතින් ඉවසන්ට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

3. අභිරහස  -  

යාච්ඤා කරම්හ,වික්ෂෝප මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා කටු ඔටුන්න දරා නින්දා පරුෂවල් ඉවසු විභාගයට මේ දශාරාධනා පංතිය හේතුකොට, ගෙන අපත් ලෝක තාන්න මාන්න වලට ආශා නොවන සැටියට වරම් ලබා දෙනවා සොදේ .

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

4. අභිරහස  -  

යාච්ඤා කරම්හ,වික්ෂෝප මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි ඔබගේ ශ්‍රී කුමාරයා බරවූ කුරුසිය උසුලාගෙන කපාලකන්දට වඩින්නා දැක දුක්වූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතුකොට ගෙන අපේ පව් බරෙන් අපට යෙදෙන කොයි යම් දුකක් උසුලන්ට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

5. අභිරහස  -  

යාච්ඤා කරම්හ,වික්ෂෝප මාතාවූ පිරිසිදු කන්‍යා බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා කුරුසේ වද විද උකුත් වුණා දැක දුක්වූ විභාගයට මේ දශරාධනා පංතිය හේතුකොට ගෙන, අපත් ලෝක සැපතට මළවුන්සේ කල්යවනා සැටියට වරම් ලබා දෙනවා සොදේ.