ජයග්‍රාහික භාවනාව - ඉරු දිනවලත්, බුදු දිනවලත්, සෙනසුරාදා දින වලත්

ඉරු දිනවලත්, බුදු දිනවලත්, සෙනසුරාදා දින වලත් සිහිකල යුතුයි

1. අභිරහස - ජේසුතුමා මළවුන්ගෙන් උත්ථානවීම.

යාච්ඤා කරම්හ,
මෝක්ෂසම්පන්න මාතාවූ පිරිසිදු කන්‍යා ‌බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා මළවුන් කෙරෙන් උත්ථානකර වදාළා දැක සන්තෝෂවූ විභාගයට මේ දශාරාධනා පන්තිය හේතු කොට ගෙන අපටත් පාප ‌නැමැති මරණයෙන් නැගී සිටින්නට වරම් ලබා දෙනවා සොදේ

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

2. අභිරහස - ජේසුතුමා ස්වර්ගයට වැඩම කිරීම.

යාච්ඤා කරම්හ,
මෝක්ෂසම්පන්න මාතාවූ පිරිසිදු කන්‍යා ‌බිසෝවෙනි! ඔබගේ ශ්‍රී කුමාරයා පරලොවට වඩින්නා දැක සන්තෝෂවූ විභාගයට මේ දශාරාධනා පන්තිය හේතු කොට ගෙන, අපටත් පරලෝක මාර්ගය අත් නොහැර පවතින්නට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

3. අභිරහස - ශුද්ධාත්මයාණන් වහන්සේ ගෝලයින් වෙත වැඩම කිරීම.

යාච්ඤා කරම්හ,
මෝක්ෂසම්පන්න මාතාවූ පිරිසිදු කන්‍යා ‌බිසෝවෙනි! ඔබවහන්සේ වෙතෙහි හා ගෝලයන් වෙතත් ස්ප්‍රීතු සාන්තු වැඩිය කළ සන්තෝෂවූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතු කොට ගෙන, අපටත් ස්ප්‍රීතු සාන්තු ප්‍රසාදවල් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

4. අභිරහස - දේවමාතාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගයට රැගෙන යාම.

යාච්ඤා කරම්හ,
මෝක්ෂසම්පන්න මාතාවූ පිරිසිදු කන්‍යා ‌බිසෝවෙනි! ඔබවහන්සේ ප්‍රාණ ශරීර පිටින් පරලොවට වඩින කළ සන්තෝෂවූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතු කොට ගෙන අපටත් නඩු තීන්දු දිනේදී මෝක්ප්‍රභා ශරීර පිටින් පරලොවට යන්නට වරම් ලබා දෙනවා සොදේ.

පරමණ්ඩලය - 1      නමෝ මරිය -10      ත්‍රීත්ව ස්තෝත්‍රය - 1

අහෝමාගේ ජේසුනි, අපේ පාප වලට සමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයෙන්ද විශේෂකොට ඔබගේ දයාව ඉතා උවමනා ආත්මයෙන්ද ස්වර්ගයට ගෙනවා ගත මැනව.

5. අභිරහස - දේවමාතා වහන්සේට ස්වර්ගයේදී ඔටුනු පැළදවීම.

යාච්ඤා කරම්හ,
මෝක්ෂසම්පන්න මාතාවූ පිරිසිදු කන්‍යා ‌බිසෝවෙනි! ඔබට දිව්‍ය රාජ්‍යයේදී රාජ්‍ය ඔටුණු ලැබුණු කල සන්තෝෂවූ විභාගයට මේ දශාරාධනා පංතිය හේතු කොට ගෙන, අපටත්, අන්තිමේදි මෝක්ෂ ඔටුනු ලබා දෙනවා සොදේ.

මංගල ආරාධනාව