විශ්වාස ලක්ෂණය
අහස පොළොව මැවූ සියලු බලැති දෙවි පියාණන් කෙරෙහිද උන්වහන්සේගේ එකම පුත්‍රවූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් ගැබ බැස කන්‍ය මරියාවන්ගෙන් උපන් සේක. පොන්සියෝ පිලාන් යටතේ වද විඳ කුරුසියෙහි ඇණ ගැසුම් කා උකුත් වී තැන්පත් කරනු ලැබූ සේක. පාතාලයට බැස තුන්වැනිදා මළවුන් කෙරෙන් නැගිට වදාරා ස්වර්ගයට නැගී සියලු බලැති දෙවි පියාණන්ගේ දකුණු පසෙහි වැඩ සිටින සේක. එහි සිට ජීවතුන්ද මළවුන්ද විනිශ්චය කරන්නට නැවත වඩින සේක. ස්ප්‍රීතු සාන්තු කෙරෙහිද සාධාරන සන්ත සභාවේහිද සාන්තු වරයන්ගේ සමෝස දර්ම ලාබෙහිද පාපක්ෂමාවේද අනන්ත ජීවිතයේද විශ්වාස කරමි ආමෙන්.