දයාධික මනස්ථාපය
මාගේ දෙවියනි. මම ඔබ වහන්සේට අනදර කල නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකාල නිරාගින්නට හිමි වූ හෙයින් ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තුස් දරුවන් කුරුසියේ ඇණ ගැසූ හෙයින් ද විශේෂකොට සර්ව දයා යහපත්කම් ඇත්තා වූ ඔබට අනදර කල හෙයින් ද සියලු දේට වඩා ඒවාට වෛර කරමි. මා කළ සියලු පාප වලට මාගේ මුළු හෘදයෙන්ම ක්ෂමාව ඉල්ලමි. ඔබවහන්සේගේ පිහිටෙන් මින් මතු පවු නොකර සිටින්ටත් පව් ප්‍රස්තා වලින් වැළකි සිටින්ටත් ඒකාන්තයෙන්ම පොරොන්දු වෙමි. ආමෙන්