තුන්කාල ආරාධනාව
(උදය, දවල්, සවස, සීනුව ශබ්ද කරනවිට කිය යුතුයි)
ස්වාමින්ගේ දූතයා මරියතුමන්ට සැල කළේය. එවිට ස්ප්‍රීතුසාන්තු විසින් ගර්භණී වුණාය. භාවනා කරන්න (නමෝ මරිය කියනු)
මේ මම ස්වාමින් වහන්සේගේ දාසීමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා. භාවනා කරන්න (නමෝ මරිය කියනු)
වචනය තෙමද මාංශවුණේය. අප සමඟද වාසය කළේය. භාවනා කරන්න (නමෝ මරිය කියනු)